ඉතාලිය කලා ශිල්පින් ගේ  තෝතැන්නකියි කීම අතිශයෝක්තියක් නොවේ. ලියනාර්දෝ ඩාවින්සි ,මයිකල් ආන්ජෙලෝ වැනි ජගත් සිත්තරුන් ද තවත් දහසක් ජගත් කලාකරුවන් ද ඉතාලිය නිජබිම විය.

අද ද එදා සේ ම ඉතාලි ජාතිකයෝ කලා ශිල්පයේ සහජ ජාන උරුම ලද්දෝ වෙති. ඉතාලියේ නාපොලි නඟරය අතීත කලාගාරයෙකි. වත්මනේ ද නෙවිදි කලාකරුවෝ සිය දස්කම්වලින්  දිනදින ජන ඇස රසගන්වති. මහමඟට බට ද පියවරින් පියවර සිත්තරුන් සිය කුසලතා එළිදක්වනු දකීම සාමාන්‍ය දෙයකි. පා ගමන් මං තීරුවේ සිය රුව සිත්තරකු විසින් සිත්තම්කරන තෙක් කෙනෙක් නිසල ව ඉවසිලිමත් ව වාඩිගෙන සිටිති. සිත්තරාණන්  විසින් සැණින් කරන විසම මැවියාව රසිකයෝ වටවී නරඹති. තවත් සිත්තර කෙනෙක් මරිය මාතා රුව හෝ වෙනත් සාන්තුවර රුවක් හෝ පදික මංපිල තිරයක් සේ සලකා පින්තාරුවට නඟති.

අනෙක් සිත්තරෙක් නපොලියේ මනහර දසුනක් මං පිල් තිරයේ මවති. සිත්තරු අඳිති , මකමකා නාදිති . අඳින ඉර ද යොදන පැහැය ද නොවරද්දති .

මේ සිත්තරුන් පින්තාරු සඳහා බොහෝසෙයින් කුඩුසයාම් භාවිත කරති. මම සිත්තරුන් ගෙන් විමසීමි "කුඩුසයාම් දියකරනු ලබන්නේ තෙලින්  ද මැලියමින් ද වලිත්තියෙන් ද ?"යන පැනය.

ලලිතකලා සරසවි සිසුවකු විසින් කුඩුසයාම් දියකරන සරල දියරය මට පෙන්වනලද්දේ කට කොනක නැඟි සිනහ සහිත ව ය.ඒ වූකලී පැණි බීම බෝතලයෙකි ."අපි දියකරන්නේ කොකාකෝලවලින්, හොඳින් අල්ලා හිටිනවා. මේවා නවීන සොයාගැනීම්."තව ද  කාරණාවක් ම විසින් වෙසෙසින් ම සඳහන් කළ මනා වෙයි. පදික වේදිකාවේ දස්කම් දක්වන අයට මෙරටවැසියන් විසින් අව ඇගයුමක් දෙන පහත් පිළිවෙතක් නො අනුයති. හැකිපමණින් සිය අත දීමෙහි ද නොමසුරුවෙති .

 නපොලියේ ටොලඩෝ පාරේ ද වන්විතෙල්ලි ස්කර්ලාත්ති පාරේ ද මා කැමරා ඇසේ ඇඳුණු වීදි සිත්තරුන් කිහිප පොළක රූ සටහනුය් මතු දැක්වෙනුයේ..ඒ අතර දේව මෑණියන්  ගේ පාවෙන පිළිරුවක් නිරූපනය කරන මෙනෙවියක ගේ මේවර ද රංගනයේ යෙදුණු දරු දෙදෙනකු ගේ නිරූපණ ද කාගේත් නෙත් අදිනු දිටිමි.

art_20161134 art_20161134-2 art_20161134-3