
තමන් මීට පෙර නඩුව වැරදි ප්‍රාන්තයේ ගොනුකරා යැයි පවසමින් හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ්, නැවත වරක් ඇයගේ හිටපු සැමියා වන හොලිවුඩ් නළු ජොනී ඩෙප්ට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා මත නඩුවක් ගොනු කර තිබේ.
හොලිවුඩ් නළු නිළි යුවළක වන ජොනී ඩෙප් සහ ඔහුගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වර්ජිනියා අධිකරණයේ මීට පෙර නඩුවක් විභාග වූ අතර එහි නඩු තීන්දුව ජූනි මාසයේදී ප්‍රකාශයට පත් විය.
එහිදී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ජොනී ඩෙප්ට අපහාස කරමින්, ඔහුගේ කීර්ති නාමය කෙළසීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක (රුපියල් කෝටි 540 ක් පමණ) වන්දියක් ඩෙප්ට ලබා දිය යුතු බව හර්ඩ්ට පවසමිනි. ඇම්බර් හර්ඩ් ට අපහාස කිරීම සම්බන්ධයෙන් ජොනී ඩෙප්ට වන්දි ලෙස ගෙවීමට නියම කෙරුණේ ඇමෙරිකන් ඩොලර් මිලියන2 කි.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd