
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරානයට අමු තිත්ත කුණු හරපයෙන් බැණ වදිමින් තර්ජනය කර ඇත. ඒ, හෝමූස් විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර නොගන්නේ නම්, ඉරානයට පහර දෙන බව පවසමිනි.
ඊට අමතරව, එම සමාජ මාධ්‍ය පණිවුඩයේ දී ට්‍රම්ප් අල්ලාහ් දෙවියන්ට ප්‍රසංශා කර ඇත.
‘අඟහරුවාදා දිනය ඉරානයට බලාගාර දිනය සහ පාලම් දිනය යන දෙකම එකට එකතු වූ දිනයක් වේවි. ඉරානයේ බලාගාර සහ පාලම් අප විනාශ කරනවා. මීට පෙර කිසිදා අත්විඳින්න සිදු නොවුණු ආකාරයේ විනාශයකට ඉරානයට මුහුණ දෙන්න වේවි. ඉක්මණින් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරපල්ලා, නැතිනම් නුඹලාට අපායේ ජීවත් වීමට සිදුවනු ඇත. අල්ලාහ් දෙවියන්ට ප්‍රශංසා වේවා’ යනු කුණුහරුප නොමැතිව, ට්‍රම්ප් ප්‍රසිද්ධියට පත් කළ එම පණිවුඩයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වයසක මිනිස්සු පිස්සු වැඩ තමයි කරන්නේ...
ලෝකයේ මිනිස්සුන්ට ඉන්න දෙන්න... අනුන්ගේ දේවල්වලට හොට දාන්න එපා...
අනෙක් රටවල් එකතු වෙන්න ඕනේ... ලෝක සාමය වෙනුවෙන්...
මහ විකාර මිනිස්සු... ගොන් හරක්...
අල්ලා දෙවියන්ගේ පිහිටයි...
ලෝක සාමය උදාවේවා... සාපය දුරුවේවා...
ඇත්තම කියනවා නම්, ඔය දුර්දාන්ත, සිය රටවාසීන් පවා වෙඩි උණ්ඩයට, අළුගොසුවාගෙ කඹයට බිලිකල, කළු ලොගු, කළු ජටා බදින උත්තරීතර ආගමික නායකයන් යයි කියා ගන්නා රංචුවට සහ උන් ගේ තුවක්කු කරුවන්ට තෙරෙන එකම භාෂාවෙන් තමයි දැන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුන් අමතන්නෙ! මුන්ට එය තෙරුම් ගියොත් නම් යුද්ධය හෙටම අවසන්වී, ඉරාන ජාතිකයන්ට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා ඇත ... නැත්නම් කළු ලොගු "ආගමික නායකයන්" භූගත බංකර තුළ සදාකාලිකවම අළු දූවිලි සමග වැළලී යනවා නියතයි....