IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ට්විටර් මිලදී ගන්න මස්ක් සැරැසෙයි

ලොව ධනවත්ම පුද්ගලයා මෙන්ම, බිලියනපතියකු ද වන ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලකට ‘ටිව්ටිර්’ සමාගම මිලදී ගැනීමට සූදානම් වෙයි.

‘ටිව්ටර්’ යනු ලොව බලගතුම සමාජ මාධ්‍ය මෙවලමය. ලොව වැඩි දෙනා පරිශීලනය කරන වඩාත් විශ්වාසවන්ත සමාජ මාධ්‍ය ජාලය ලෙස සැලකෙන්නේ ද ට්විටර් ය. ලෝක නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු ලොව කැපී පෙනෙන පුද්ගලයන් තම තමන්තේ අදහස් ලෝකයා සමඟ බෙදා ගන්නේ ඔවුන්ට අයත් නිල ‘ටිවිටර්’ ගිණුම් ඔස්සේය.

ටිවිටර් සමාගම මිලදී ගැනීමේ අවසන් වටයේ සාකච්ඡා පසුගිය දින කීපය පුරා පැවැත්වුණු අතර, අවසානයේ ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලකට ටිවිටර් සමාගම මිලදී ගන්නා බව මස්ක් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

‘ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් ගල භාෂණයේ නිදහසයි. මනුෂ්‍ය වර්ගයාට නිදහසේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති සමාජ මාධ්‍ය මෙවලමක් ට්විටර්. ට්විටර් තව තවත් සමාජගත කරමින්, එය ලොව සැමට සමීප කරවන්න මා උත්සාහ ගන්නවා. නව අංග රැසක් ට්විටර් හා එක් කරන්න මා සූදානමින් ඉන්නවා. ට්විටර් සමාගමට කළ හැකි දේ අසීමිතයි.’ යැයි ටිව්ටර් සමාගම මිලදී ගන්නා බව පවසමින්, බිලියනපති මස්ක් සිය ටිවිටර් ගිණුම ඔස්සේ අදහස් දැක්විමක් කර තිබේ.

ටිව්ටර් සමාජ සමාගම පිහිටුවූයේ 2006 මාර්තු 21 වැනිදාය. ට්විටර් සමාගම පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ජැක් ඩෝසි, බිල් ස්ටෝන්, ඊවන් විලියම්ස්, නෝවා ග්ලාස් ය. ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානුවකු වන පරාග් අග්‍රවාල්ය. ට්විටර් සමාගමේ මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරය.

දකුණු අප්‍රිකාවේ උපන් ඉලොන් මස්ක්, ඇමෙරිකන් පුරවැසියෙකි. විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ‘ටෙස්ලා’ සමාගම, අභ්‍යවකාශ ගමන් බිමන්වලට සම්බන්ධ ‘ස්පේස් එක්ස්’ සමාගම ඉලොන් මස්ක්ට අයත් සමාගම් අතරින් කැපී පෙනෙන සමාගම් ලෙස සැලකිය හැක. 

2024 වසරේ දී ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳට යන්නේ ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ අත්වැලි බැඳ ගනිමිනි. 2035 වසරෙන් පසු අඟහරු වෙත මිනිසුන් රැගෙන යෑම සිදුවනු ඇත්තේ ද ‘ස්පේස් එක්ස්’ සමාගමේ මැදිහත් වීමෙනි. තමන් ද අඟහරු බලා යන බවත්, එසේ යන්නේ අඟහරු පදිංචියට බවත්, යළි පෘථිවියට නොපැමිණෙන බවත් මස්ක් අවස්ථා ගණනාවකදී පවසා තිබේ.

50 හැවිරිදි ඉලොන් මස්ක් ව්‍යාපාරිකයකු පමණක් නොව, ආයෝජකයකු, නව නිපැයුම්කරුවකු මෙන්ම ඉන්ජිනේරුවෙකු ද වෙයි. කෘත්‍රිම බුද්ධි සමාගමක් වන ‘ඕපන් ඒ.අයි.’ සමාගමේ හිමිකරු වන්නේ ද මස්ක්ය. ඉලොන් මස්ක් තෙවරක් විවාහ වී ඇත. මස්ක්ට දරුවන් 7 දෙනෙකි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්විටර් මිලදී ගන්න මස්ක් සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site