මෙම 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී විවාදය එකිනෙකාට පරිභව කර ගනිමින් උණුසුම් ලෙස පැවැත්විණි.
බයිඩන් 81 හැවිරිදිය. ට්‍රම්ප්ට අවුරුදු 78 කි. ඇමෙරිකන් ජනාධිපතිවරණයකට මුහුණ දෙන වයස්ගතම අපේක්ෂකයන් දෙදෙනා වන්නේ බයිඩන් සහ ට්‍රම්ප්ය. බයිඩන්ට යළිත් වරක් ජය හිමිවුවහොත් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වන වයස්ගතම ජනාධිපතිවරයා වනු ඇත්තේ බයිඩන්ය.
2020 ජනාධිපතිවරණයේ ද ප්‍රධාන අපේක්ෂකයන් වූයේ බයිඩන් සහ ට්‍රම්ප්ය. කෙසේ නමුත් ට්‍රම්ප් ජනතා අප්‍රසාදයට පත් වී සිටින බැවින්, 2020 ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය විය.එම අවස්ථාවේ, බයිඩන්ගේ ජය පිළිගැනීමට පවා ට්‍රම්ප් කැමැති වූයේ නැත. ට්‍රම්ප් ජනාධිපති ධුරය හැර ගියේ නොසතුටිනි. ට්‍රම්ප් මෙම නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ දෙවැනි ධුර කාලයක් ඔහුට ඉදිරි බැවිනි.
එදිරිවාදිකම් පවතින බැවින්, විවාදය සඳහා බයිඩන් සහ ට්‍රම්ප් වේදිකාවට ගොඩවූයේ එකිනෙකාට අතට අත දී ආචාර කිරීමක් නොකරය. ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී, ඇමෙරිකාවේ ආර්ථික කඩා වැටුණේ ට්‍රම්ප් නිසා යැයි බයිඩන් චෝදනා කළේය.
විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකන් සෙබළුන් කඩිමුඩියේ ඉවත් කිරීම ට්‍රම්ප්ගේ දෝෂදර්ශනයට හේතුවක් විය. අනවසර සංක්‍රමණිකයන්, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් ද ජනපති ධුර අපේක්ෂකයන් දෙදෙනා අතරේ උණුසුම් විවාද පැවැත්විණි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයක් පැවැත් වෙද්දී, ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් සජීවී රූපවාහිනී විවාද කීපයකට සහභාගී වෙයි. ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදාය එයයි.
බයිඩන් සහ ට්‍රම්ප්ගේ මෙම පළමු විවාදය පැවැත් වූයේ ජෝර්ජියා ජනපදයේ ඇට්ලැන්ටා නුවරදීය. විවාදය මෙහෙයවීම කළේ සී.එන්.එන්. පුවත් නාළිකාවේ මාධ්‍යවේදීන් වන ජේක් ටැපර් සහ ඩානා බාෂ්ගේ මැදිහත් වීමෙනි.
(ඒ.එෆ්.පී.)
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ට්‍රම්ප් - බයිඩන් විවාදය උණුසුම්
Prabha Friday, 28 June 2024 12:49 PM
ආර්ථික කමිටු විවාදයක් නැද්ද
sam Friday, 28 June 2024 03:50 PM
මම මුළු විවාදයම සම්පූර්ණයෙන්ම බැලුවා. දෙන්නාම එකිනෙකාට චෝදනා කරගත්තා මිසක්, වැදගත්, අළුත් දෙයක් දෙදෙනාගෙන්ම කියවුනේ නැහැ. ජනපති අපේක්ෂකයින් දෙදෙනෙක් මෙතරම් පහත් ලෙස එකිනෙකාට චෝදනා කර ගැනීමම අළුත් (පහත්) දෙයක්. බයිඩන් කියන්නේ, තමන් කරන්නේ මොකක්ද, යන්නේ කොහේද කියලා වත් නොදන්නා පිස්සු මරගාතයක් බවත්, ට්‍රම්ප් කියන්නේ මුළු ලෝකයම (මෙලනියා,(සහ හෝ)සමහරවිට මාලා, ඉවානා දෙන්නාත් හැර) තමන්ගේ අදහසට එකඟ විය යුතුයි කියන අදහසේ ඉන්නා ඔළුව ඉදිමුන සුදු ජාතිකවාදී ටොම් පචයෙක් බවත් අපි හැමෝම දන්නවා උනාට, මේ විවාදයෙන් ඒක ස්ථිර වුනා කියලයි මට හිතෙන්නේ. කොහොම උනත්, බයිඩන් වගේ උතුර දකුණ මාරු වුන මැන්ටලයකට වඩා, පිස්සු පූසෙක් වෙච්ච ට්‍රම්ප් හොඳයි කියලයි මට හිතෙන්නේ!
Nimal Saturday, 29 June 2024 08:30 AM
දෙන්නම ආවා. ඒකත් ලොකු දෙයක්...
fairoos Saturday, 29 June 2024 01:21 PM
මහලු මඩම් වල ඉන්න ඕන දෙන්නෙක්