
ටයිටැනික් නැව අයිස් කුට්ටියක හැපී මුහුදේ ගිලී යෑමට පෙර, එදින රෑ, නැවේ පළමු පංතියේ ගමන් කරමින් සිටි මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ඇතුළත් මෙනු පතක් එංගලන්තයේ දී වෙන්දේසි කිරීමට නියමිතය.
වෙන්දේසිකරු වන්නේ ඇන්ඩෲ ඕල්ඩ්රිච් ය. ඔහුට මෙම මෙනුපත ලැබී ඇත්තේ කැනේඩියානු ජාතික ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් මාර්ගයෙනි.
මෙනු පත පිළිබඳව ස්ටීවන්සන්ගේ පවුලේ අය පවා දැන නොසිටි බව පැවැසෙයි.
විදෙස් මාධ්‍ය අනුව, 2017 වසරේ ලෙන් ස්ටීවන්සන්ගේ මරණයෙන් පසු ඔහුගේ බඩු බාහිරාදිය සිය දියණියටත් ලේලියටත් උරුම කර තිබේ. මෙනුපත තිබී ඇත්තේ එම බඩු බාහිරාදිය අතරේය.
ටයිටැනික් නැවේ ඛේදවාචකය සිදුවූයේ 1912 අප්‍රේල් 15 වැනිදාය. ගිල්ලන්න බැරි යැයි පැවැසුණු නැව අත්ලාන්තික් සාගරයේදී අනතුරට ලක් වී ගිලී ගියේ 1500 ක් බිලි ගනිමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදින රෑ මෙනු එක නෙමෙයි නේද? දින දෙක සසඳා බලන්න...
ඔයා මඟුලක් කියවනවා. එදා රෑ කියලා මැනු එකක් කියලා කොහේද? නැවේ මැනු එක තමයි ඒ. එදා රෑ මැනු එක මුහුදු පතුලේ ඇති. දැන්නම් දියවෙලා ඇති. මැනු එක මාළු කාලා ඇති. ඒකේ තියෙන ඒවා හදන්න දන්න කට්ටියත් මැරෙන්න ඇතිනේ. ඒවා කෑවා නිසා නෙමෙයි ඔය නැව ගිළුනේ....