
ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පළමු වරට කාන්තාවක් තේරී පත්වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන තරගයට තමන් ඉදිරිපත් වන බව පක්ෂයේ ප්‍රබලයකු වන සනේ ටකායිචී පැවැසීමත් සමඟය.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂ නායකයාටය. පක්ෂ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම පැවැත්වෙන්නේ මෙම 29 වැනිදාය. හිටපු විදෙස් ඇමැතිවරයකු වන ෆුමියෝ කිෂිදා ද ඒ සඳහා ඉදිරිපත් වෙයි.
පක්ෂ නායකත්වය සඳහා තරගය පැවැත්වෙනු ඇත්තේ සනේ ටකායිචී සහ ෆුමියෝ කිෂිදා අතරේය. සනේ ටකායිචී පක්ෂ නායකත්වයට පත්වී අග්‍රාමාත්‍ය ධුරය බාර ගතහොත් ජපාන අග්‍රාමාත්‍ය ධුරයට බාර ගන්නා පළමු කාන්තාව ඇය වනු ඇත.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන යොෂිහිදේ සූගා පවසා ඇත්තේ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන තරගයට තමන් ඉදිරිපත් නොවනු ඇති බවත්, තමන් පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉවත් වෙන බවත්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් අධිකාරියේ පුරුෂාධිපත්‍යය කිසිදිනෙක බිඳලිය නොහැක.. රජපෙළපතේ මීළඟ නායකත්වයට සුදුසු එකම කාන්තාව රජතුමාගේ දූ කුමරියයි. නමුත් එය එසේ නොවන්නට රජුගේ මල්ලිට දීමට නීති සම්පාදනය කළේය. ඉන්පසු රජුගේ මල්ලි සහ ඔහුගෙන් පසු ඔහුගේ එකම පුත්කුමරාට රජකම හිමිවෙන්නට නියමිතය. නමුත් ලංකාවේ වුණා නම් වැඩේ කොහොමද? මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරයිද?