චීනයේ ප‍්‍රථම සද ගවේෂක උත්සාහය සඵල කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මස සඳමතට ගොඩබැසි ‘‘යුටු‘‘ රොබෝ රෝවරයේ ගනු ලැබූ ඡායාරූපයන් ප‍්‍රසිද්ධ කිරීමට එරට බළධාරීන් කටයුතු කර තිබේ.
යුටු රොබෝ රෝවරය ගොඩ බසින් අවස්ථා හා සඳ මතදී ගනු ලැබූ ඡායාරූප මෙම ඡායාරූප අතර වේ.
චීනයේ මිළග උත්සාහය 2020 වසර වන විට සද මතට ගගනගාමියෙකු යැවීමයි.
චීන අභ්‍යාවකාශ වැඩසටහනේ ප‍්‍රගතිය සළකා බලන විශේෂඥයින් පවසන්නේ චීනය එම අභියෝගයත් සාර්ථකව ජයගනු ලබනු ඇති බවක් පෙනෙන්නට තිබෙන බවයි.
ඇමරිකාවේ හා රුසියාවේ නමට ලියවී තිබූ සද ජයගැනීමට දැන් චීනයත් හිමිකම් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව 1960 හදට ගියානම් මේ වෙද්දී හදේ ලයිව් ෂෝ එකක් කරන්න තිබුනා. එයාල බොරුව කරලා තිබුනේ.(නදී)
පොටෝ එක අරන් තියෙන්නෙ මව් යානයෙන් හදට යන්න දවස් 5යි යන්නෙ ඇමරිකාව ඇත්තමට ගියා හබල් දුරේක්ෂය හදට ඇල්ලුවහම ඇමරිකාවෙ කොඩිය පේනව (දී)
යානයේ පින්තුර ගත්තු විදිය මට නම් තේරෙන්නේ නැහැ. (දී)
එතනත් කවුද කුණු වගයක් විසි කරලා.(නදී)
1969දි ඇමෙරිකාව හඳට ගිහින් ෆොටෝ ප්‍රසිද්ද කලට පස්සේ ෆොටෝ වල තිබුණු හෙවනැලි දැකල මුළු ලෝකෙම කිව්වා වෙන්න බැරි දෙයක් ඇමෙරිකාව මුළු ලෝකෙම රැවට්ටුව කියලා. නමුත් මේ ෆොටෝ වලත් හෙවනැලි තියෙනවා. පසුබිම කළුවර වෙලා තියෙද්දී හෙවනැලි ආවෙ කොහෙන්ද? (නදී)
චින්තක, ඔබ හරියට හරි. ඇමරිකාව කවදාද ඇත්තක් කීවේ. (නදී)
ගාමිණී - සිරි, හදේ සූර්යබල ශක්ති විදුලිය උත්පාදක වැඩසටහනක් ගැන ඇහුවා. ඒක දැනටම මූලික අඩිතාලම දාගෙන යනවලු. ජපානය තමයි මේ ව්‍යාපෘතිය කරනවා කියන්නෙ. සූර්යා පැනලා ලෙදර් බෝලයක ඉරි වගේ ලොකුවට පෙනෙයි කියල තමයි කියන්නෙ. ඔයාගෙ පොඩි උන්ට නම් හදමාමා තියෙයි. හැබැයි එයාලගෙ දරුවන්ටනම් දකින්න හදක්වත් බය නැතුව ඉන්න පෘතිවියක්වත් තියෙවිද දැන්නෑ. අන්තර්ජාලයේ වැඩි විස්තර ඇති.(නදී)
ඇත්තටම මේ කට්ටියත් ලංකාවේ දේශපාලඤයෝ වගේ අහන දේට නෙමෙයි උත්තර දෙන්නේ.(නදී)
ඇමරිකාව හඳට ගියා කීම අමු බොරුවක්.(නදී)
කෝ ඇමෙරිකාව ගහපු ජපං කොඩිය.(නදී)
කව්රු හඳට ගියත් අපිට නම් කමක් නැහැ. හඳේ හාවාගේ ස්වරූපය නම් වෙනස් කරන්න එපා කරුණා කරලා.පොඩි එවුන්ට හඳ මාමත් නැතිවෙයි අන්තිමේ.(නදී)
සදේ තියෙන යානාවක මේ වගේ ලග පොටෝ ගන්නේ කොහොමද? පොටෝ ගන්න තවත් යානයක් ගියද? (නදී)
මේකේ ෆොටෝ ගත්තේ ඇමෙරිකාවෙන් යවපු යානයෙන්ද? (නදී)
ඇමෙරිකන් කොඩිය තියනවද බලන්න.(නදී)
කෝ අර අපි යැවූ චන්ද්‍රිකාව? (නදී)
ඇමරිකාවට දැන් තරු පෙනිලා ඇති. හැබැයි චීනය නිසා දැන් ඇමරිකාවට මෝඩ චුන් දාන්ඩ බැහැ.(නදී)
අතීතයේදී චීනයට හොඳ අධ්‍යාත්මක පසු බිමක් තිබුනා. මාක්ස්වාදී චින්තනය නිසා ද්‍රව්‍යවාදී පිළිවෙතකට නැඹුරු වූ චීනය අද ධනවාදී රටවලටත් වඩා ද්‍රව්‍ය වාදී වී තිබෙනවා. මේ වා සුරංගනා කතා ලෙස පෙනුනද , ඉලක්කය ධනවාදී නිෂ්පාදාන වලට අමු ද්‍රව්‍ය සෙවීමයි. (නදී)
මට කියන්න කව්ද මේ රෝවෙර් එක පින්තූර ගත්ත කෙනා.(නදී)
චීනය මෙවෙනි කටයුතු කිරීම ආසියානුවන් වන අපටද ලොකු ආඩම්බරයක් . ඉස්සර මේවා බටහිර රටවලට පමණක් අයිතිව තිබු දේවල් . ආසියානුවන් අභ්‍යවකාශය තරණය කිරීමත් සඳ මත ක්‍රියා කිරීමත් ආඩම්බරයක්.(නදී)
jජයවේවා! අපිත් උත්සහ කර බලමු.(නදී)
ඇමෙරිකාව ගසපු කොඩිය ලගට යන්න බැරිද ? (නදී)