චීන ජාතිකයින්ට අභ්‍යාවකාශ සංචාරයන්ගේ දොරටුව වසා දැමීමට ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් සමාගම තීරණය කර තිබේ.
වර්ජින් ගැලැක්ටික් සමාගම සාමාන්‍ය වැසියන්ටත් අභ්‍යාවකාශ සංචාර සේවා නුදුරේදීම ලබාදීමට සැළසුම් කර තිබේ.මෑතකදී එම සමාගම අභ්‍යාවකාශ සංචාරයන් සදහා විශේෂයෙන් සකස් කළ යානයක් සාර්ථකව අත්හදා බැලීමටත් සමත් විය.
නමුත් චීනය , උතුරු කොරියාව,ඉරානය ආදී රටවල පුරවැසියන්ට අභ්‍යාවකාශ සංචාරයන්ට අවස්ථාව ලබා නොදීමට වර්ජින් සමාගම තීරණයකට එළැඹ සිටී.
තම යානා කි‍්‍රයාත්මක වන තාක්ෂණය ඔවුන් සොරාගනු ඇතැයි සාධාරණ සැකයක් පවතින බව සමාගම කියයි.මෙනිසා එම රටවල පුරවැසියන්ට වර්ජින් සමාගම හා අභ්‍යාවකාශ සංචාරයන්හි යෙදීමට අවකාශ නැත.
දැනට අභ්‍යාවකාශ සංචාරක ක්ෂේත‍්‍රයක් ඇති කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින්නේද වර්ජින් සමාගම පමණකි.
මෙනිසාවෙන් වර්ජින් සමාගමට විශාල මුදලක් අහිමි වන බව සදහන්ය.ප‍්‍රකෝටිපති චීන ව්‍යාපාරිකයින් පවුම් ලක්ෂ 2 බැගින් මිල වන ටිකට් පත් මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇතත් ඔවුනට ටිකට් පත් ලබා නොදෙනු ඇත.
මේ අතර වර්ජින් සමාගම කරනුයේ බොරුවක් යැයිද 2007 වසරේ සිට ඔවුන් මෙසේ පරීක්ෂණ චාරිකා සිදුකළත් කිසිදු ප‍්‍රතිඵලයක් අත්වී නැති බවක් පෙනෙන්නේ යැයිද ඇතැමුන් සැක පළ කරයි.
මේවාට පිළිතුරු දෙන වර්ජින් සමාගම පවසන්නේ රෝමය එක් දිනකින් ගොඩනොනැගුණා සේම තම ව්‍යාපෘතියද සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමට තවත් කල් ගතවනු ඇති බවයි.නමුත් කෙසේ හෝ මෙම වසරේදී අභ්‍යාවකාශයේ පළමු සංචාරය සිදුකිරීමට සැළැසුම් කර ඇතැයි එම සමාගම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොකට් තාක්ෂණය මුලින්ම භාවිත කරලා තියෙන්නේ චීනය.ඒ දැනට වසර සිය ගණනාවකට පෙර.(දිල්) .
ඇමරිකාව අභ්‍යවකාශ තාක්ෂනය මුලින්ම සොරා ගත්තේ සෝවියට් දේශයෙන්. පළමුවෙන්ම අභ්‍යවකාශයට ගියේ 1962 දී රුසියන් ජාතික යුරි ගගාරින්. පසුව ඔවුන් රුසියන් ශිල්පින්ව මිලයට ගත්තා. සොවියට් දේශය තුල ප්‍රශ්න ඇති කරලා ඔවුන්ව අඩපන කලා. දැන් එනවා අපිට උගන්නන්න සොරකම් නොකරන්න කියලා.(නදී)
ඇමෙරිකාවට කලින් චීනයට ඕක කරන්න ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.(දිල්)
ඇමරිකන්කාරයෝ දුනු වලින් විදලා සත්තු දඩයම් කරන කාලේ අපේ රාවනා රජතුමා උඩු ගුවනින් ගියේ.(අ)
ඇමෙරිකාව රොකට් යවන තාක්ෂණය ඇමෙරිකානුවන්ගේ විතරක් වැඩක් නෙමේ. ඒක ලෝකෙම දන්නවා. එහෙම වෙද්දී අනිත් දක්ෂයින් ඉන්න රටවලට නීතී දමන්නේ කොහොමද? (දිල්)
චීන ජාතිය කියන්නේ ඕනෑම දෙයක් පුළුවන් අය නේ (දී)
අනිවාර්යයෙන්ම චිනේ ඇමරිකාවට කලින් ඕක කරනවා. චීන්නු සද්ද කරන්නේ නැහැ. කරලා තමයි කියන්නේ.(දිල්)
ඇමරිකාව චීනෙට බයයි.(දිල්)
මානව හිමිකම් උල්ලංගනය කිරීමක් (දී)
රොකට් එකේ ගියා කියලා තාක්ෂණික රහස් හෙළිවෙන්නේ කොහොමද?හරියට මම ගුවන් යානයක ගියා කියලා මට ගුවන් යානයක් එකලස් කරන්න පුලුවන්ද ?(දිල්)
ඇමෙරිකාව කියනවා විතරයි. කවදාකවත් තනියම යුද්ධකයටවත් යනවාද? (දිල්)
ඇමෙරිකාවට කලින් චීනයට ඕක කරන්න ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා!!(අ)
මම හිතනවා චීන ජාතිකයෝ හරි කියල. කොහොම උනත් චින්න්නු දක්ෂයෝ. (දී)
මදු , ලංකාවට සල්ලි නැත්තේ දහස් ගණන් දේශපාලකයෝ යි බිස්නස් කාරයොයි රට හූරන් කන නිසයි, හරි පාලනයක් නැති නිසයි, අපිටත් හොඳ පාලකයෝ ඉන්නවා නම් දියුණු වෙන එක සුළු දෙයක්. ඒත් ඔය අභ්‍යාවකාශ සංචාර මොන විහිලුවක්ද? ඔය සල්ලි වලින් ඇමරිකාව එයාලගේ රටේ ටෙන්ට් වල ජීවත් වෙන මිනිසුන්ට ගෙවල් හදල දුන්න නම් නරකද? (අ)
හසිනි චීන්නු ඔය වගේ මෝඩ ගහක් නෙවෙයි හලෝ (අ)
දැන් එතකොට ඇමරිකන් කාරයෝ හිතන් ඉන්නේ චීන්නුන්ටයි, ඉරාන කරයින්ටයි, රුසියන් කාරයින්ටයි විතරයි ඕකේ මොනා හරි පේන්ඩ තියන තාක්ෂණයක් හොර කන් කරගන්ඩ පුළුවන් කියා. ඇයි වෙන ජාතියක කෙනෙකුට ඕක කරලා චීන්නුන්ට කියන්ඩ බැරිද ? සංචාරය කර ගන්ඩ බැරුව පරක්කුවට හේතු හදනවද කොහෙද මේ ගොල්ලල්න්.
ඇමරිකාව ඉදිරියෙදී චිත්‍රපටි 10 හදයි ඕවට (දී)
හසිනි ඔයා බත් කැවාට ඔයාට උයන්ට බැනේද ? චීන්නු ඒවගේ නෙවෙයි .(අ)
ද්‍රව ඉන්දන රොකටය ලෝකෙට හඳුන්වා දුන්නේ රුසියන් ජාතිකරොබට් ගොඩාර්ඩ්, ඒ කාලේ ඇමරිකාව සෝවියට් දේශය එක්ක ළඟින් තියන්නත් බැහැ,(අ)
චීනය ඇමෙරිකාවට වඩා වසර 40ක් හැම මොහොතකම පිටුපසින් තාක්ෂනය අතින් ඉන්න රටක්. ඇමෙරිකාව 1967 හඳට ගියා. චීනයට තවම හඳට මිනිහෙක් යවාගන්න බැරුව ඉන්නවා. රටක තාක්ෂණ දියුණුව මනින හොඳම උදාහරණය තමයි මගී ගුවන් යානා. ඇමෙරිකාව මගී යානා නිපදවීමට පටන් ගත්තේ දැනට වසර 75කට විතර පෙර. බෝයින් ගුවන් යානා කොතරම් දියුණුද. බටහිර රටවල් දැන් ගුවන් බස් නිපදවනවා. චීනයට මගී යානා නිපදවන්න තව වසර 50ක් වත් යයි. චීනයේ ජනාධිපතිත් යන්නේ බොයිං යානාවක. නයස්ටික තාක්සනය අතින් චීනය ඇමෙරිකාවට කිට්ටු කරන්නවත් බැහැ. ඕනෙම වෙලාවක මිසියිල 250 ක් අමෙරිකවෙන් චීනය දෙසට යොමුකරලා තියෙනවා. ඒත් චීනයෙන් ඇමෙරිකාවට එල්ල වෙලා තියෙන්නේ මිසියිල 5 යිලු. ඒවත් සුවර් නැහැ. බලන්න, චීන කාර් දිහා. ලෝකයේ කව්රුත් ගන්නේ නැහැ. ලංකාවේ තියෙන චෙරි කිව් කිව් r එක දැන් ගෙන්වීමත් නවත්වලා. දොස් එමටයි.(නදී)
සමන්! ඇමෙරිකන් කාරයෝ අඟහරු ලෝකයටත් යන්න සූදානම් වෙලාවේ අපේ මිනිස්සු දුනු හීතල අරගෙන වල ඌරන් පස්සේ එළවනවා. (අ)
මේ සමාගම හරියටම ලංකාවේ අය ගැන දන් නැතිව ඇති . ඔය මොන රටටත් වඩා ලංකවේ කෙනක් මේ යානයක් දැක්කත් ඇති කොපි කරන්න .. අවාසනාවට සල්ලි නැති කම විතරයි (දී)
මේ ගොල්ලෝ සංචරයකන් අරන් උඩුගුවනට යන්නට කලින් චීනය රුසියාව එය කරන්නට ඉඩ තිබෙනවා . අභ්‍යවකාශයේ දැනුම අතින් ඉදිරියෙන් සිටින්නේ රුසියාවයි. මම හිතන්නේ වර්ජින් සමාගමට තාක්ෂනය ඔවුන්ගෙන් ලබා ගන්නට වේය කියා ඉදිරියේදී.(නදී)
චීන තාකෂණයේ දියුණුව මුළු ලොවටම ආදර්ශයක්.ඒ වගේම ඔබ අභය‍්‍යාවකාශ ෂටලයක් තුලට ගොස් ඇත්නම් 80 ගනන්වල ඇමරිකා තාක්‍ෂණය ගැන විමතියට පත්වනු නො අනුමානයි.එදා එහෙමනම් අද කොහොම ඇත්දයි ඔබ සිතනවද?(දිල්)
හරි හරි සැමුවෙල්, ඇමිරිකාව අපිට එන්න එපා කියලා නිති දාලා නැහැනේ.(නදී)