සඳෙන් පස් සාම්පල ගෙන ඒමේ අරමුණින්, චීන විද්‍යාඥයන් සඳට යැවූ රොබෝ යානය සාර්ථකව සඳට ගොඩ බෑවේය.
'චැංග් ඊ 6' යනුවෙන් නම් කළ මෙම රොබෝ යානය ගොඩබෑවේ සඳේ අඳුරු කලාපයටය. සඳේ අඳුරු කලාපය යනු සැමවිටම පෘථිවියට පිටුපා ඇති අඳුරු කොටසය. මෙම අඳුරු කලාපය තවමත් විද්‍යාඥයන්ට අබිරහසකි.
'චැංග් ඊ 6' සඳට ගොඩබෑවේ අද (2) චීනයේ වේලාවෙන් උදේ 6.23 ටය. පෙර සැලැසුම් කළ පරිදි, යානය ගොඩබෑවේ ඇපලෝ යන නමින් නම් කළ ආවාටයටය.
චීනය මීට පෙර අවස්ථා දෙකකදී සඳට රොබෝ යානා සාර්ථකව ගොඩබස්සා ඇති නමුත්, සඳුගේ අඳුරු කලාපයට රොබෝ යානයක් ගොඩබැස්සූ පළමු අවස්ථාව මෙය වෙයි.
චීන අභ්‍යවකාශ ආයතනය, 'චැංග් ඊ 6' සඳට ගොඩබස්සවා, පස් සාම්පල ලබා ගෙන, එම රොබෝ යානයට ආපසු පෘථිවියට ගෙන්වා ගැනීමට ද සූදානම් වෙයි. පස් සාම්පල එකතු කිරීමට රොබෝ අතක් යානයට සම්බන්ධ කර ඇත.
පස් සාම්පල රැගෙන ආපසු පෘථිවියට පැමිණීමේ මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් එය අභ්‍යවකාශ ගවේෂණයේ දී චීනය ලබන සුවිශේෂී ජයග්‍රණයක් වනු ඇතැයි ද පැවැසෙයි.
චීනයේ 'ලොංග් මාච්' රොකට්ටුවේ ආධාරයෙන්, 'චැංග් ඊ 6' සඳ ගමන ආරම්භ කළේ පසුගිය මැයි 3 වැනිදාය.
සඳට මිනිසුන් යැවීමට සමත් වූ එකම රට ඇමෙරිකාවය. සඳට රොබෝ යානයක් යවා පළමුවෙන් පස් සාම්පල ගෙන්වා ගැනීම කළේ සෝවියට් දේශයයි.
චීනයේ මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, සඳෙන් පස් සාම්පල පෘථිවියට ගෙන්වා ගන්නා තෙවැනි රට වනු ඇත්තේ චීනයයි.
මේ වනවිට චීනය ඔවුන්ටම කියා පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ද ඉදි කරමින් සිටී. 2030 දී චීනය සඳට ගගනගාමීන් යැවීමටත්, ඉන්පසු සඳ මත ගගනගාමීන් පදිංචි කිරීමටත් සූදානම් වෙයි.
(එන්.ඩී.ටීවී)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීන යානය සඳට ගොඩබැහැලා
Kazi Shajahan Sunday, 02 June 2024 02:16 PM
මචං පුළුවන් නම් බලාගෙන එන්න. මෙහෙන් අපේ කෙනෙකුත් ඇති අපේ රාජපක්ෂ පුතෙක් එවපු, කොහේද තියෙන්නේ කියලා...!
ජගත් ලියනගේ Sunday, 02 June 2024 05:15 PM
ඔය රොකට් එකේ චිචී කියලා ගහලා තිබුණේ නැත්ද?