තායිවානය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරමින්, චීනය ආරම්භ කළ දැවැන්ත යුද අභ්‍යාසය වහා නවත්වන්නැයි ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදා චීනයට දන්වා තිබේ.
චීනය තායිවානය අසල මුහුදේ ආරම්භ කළ දැවැන්ත යුද අභ්‍යාසය අතරතුරේ තායිවානය දෙසට මිසයිල 11 ක් යැවූ බව පැවැසෙයි. එම මිසයිලවලින් මිසයිල 5 ක් ජපානයට අනතුරක් වන ආකාරයට ජපානය අසල මුහුදට පතිත විය. එහෙයින්, චීනය තායිවානයට විරෝධය පළ කරමින් ආරම්භ කළ යුද අභ්‍යාසය තම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බවත් ජපාන වැසියන්ට තර්ජනයක් බවත් ජපන් අග්‍රාමාත්‍යවරයා චීනයට පැහැදිලි කර තිබේ. තායිවානය යනු චීනය අසල ජපානයට පහළින් පිහිටි දූපතකි.
ආසියානු සංචාරයක් ආරම්භ කරමින් ඇමෙරිකන් කතා නායිකා නැන්සි පෙලෝසි පසුගිය දා තායිවානයට පැමිණියාය. ඒ, චීනය දැඩි විරෝධය පළ කරද්දීය. චීනයෙන් වෙන්වූ තායිවානය තමන්ට අයත් යැයි චීනය පවසයි. ඒ, ‘එක් චීනයක්’ යන චීන ප්‍රතිපත්තියට අනුවය. තායිවානය විදෙස් සබඳතා පැවැත්වීම චීනයේ විරෝධයට හේතුවකි.
ඇමෙරිකන් කතා නායිකාව චීනයේ විරෝධයට කන් නොදී තායිවානයට පැමිණීමත් සමඟ චීනය තායිවානයට ආර්ථික සම්බාධක පැනැවූ අතර දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කළේ ඉන් අනතුරුවය.
ඇමෙරිකන් රජයට අනුව, නැන්සි පොලෝසීගේ මෙම ආසියානු සංචාරය පෞද්ගලික එකකි. එහෙයින් ඒ ගැන කලබලවීමක් අවශ්‍ය නොවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ රජය චීන ජනාධිපති ෂී ජින්පින්ට දන්වා තිබේ. එසේ වුවත්, චීනය පවසා ඇත්තේ ‘එපා කියද්දී’ නැන්සි පොලෝසී තායිවානයට පැමිණීම සම්බන්ධයෙන් ඇමෙරිකාවට පමණක් නොව, තායිවානයට ද දරුණු ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවය.
නැන්සි පොලෝසී, සිය ආසියානු සංචාරය නිමා කරමින් ජපානයට පැමිණියාය. ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිදාගෙන් ඇයට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ජපාන අග්‍රාමාත්‍යවරයා නැන්සි පොලෝසී සමඟ උදෑසන ආහාරය ගත්තේය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චීන මිසයිල ජපානයට තර්ජනයක්