
ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර වහා නවත්වන්නැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කළේය.
ඉරාන උත්තරීතර නායකයා මෙසේ පැවැසුවේ, ගාසා තීරයේ අල් ආහිල් රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාව බෝම්බ හෙලීමත් එයින් පලස්තීන වැසියන් 500 දෙනකු මියයෑමත් හේතුවෙනි.
පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ මරා දමන්නේ නම්, ඊශ්‍රායලයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන බව ද ඉරාන උත්තරීතර නායකයා පවසා තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරායුධ සිවිල් වැසියන් මරාදැමීම යුද අපරාධයකි. හැරත් රෝහලකට පහරදීම මනුෂ්‍යත්වයට නිගාවකි. ඉශ්‍රාලය ලෝකයේ මුස්ලිම් රටවල් කුපිතකර ලෝක යුද්ධයතට සැරසෙනවද ?
ගාසා වැසියන් ඝාතනය වහාම නවතන්න කියන මේ නායකයා යුද්ධය මුලින්ම ආරම්භ කල හමාස් කාරයින්ට මොනවත් කියනවද බලන්න හමාස්ලා හදිසියේම කඩාපැන්නේ නැත්නම් මේ කිසිවක් නැහැනේ
මේ සිදු කරන සංහාර දෙස බැලීමේදී එකක් පැහැදිලියි,බොරු යුධ අපරාධ චෝදනා ඔක්කොම අපේ රණවිරුවන්ට, රාජපක්ෂලට යි විතරයි
එකක් පැහැදිලියි, රාවණා රාජපක්ෂලාට විතරයි...
මොවුන් දෙගොල්ලොම එකයි, යුද්ධයටමයි බර... එතකොට ඔහොම වෙනවා.