
සටන් විරාමයක් ප්‍රතික්ෂේප කරමින්, ගාසා තීරයට දිගින් දිගටම පහර දෙන්නේ, ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය අඩපණ කිරීමේ අරමුණින් පමණක් බවත්, ගාසා තීරය අත්පත් කර ගැනීමේ අදහසක් ඊශ්‍රායලයට නොමැති බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
“අප හමුදාව සාර්ථකව හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වදිනවා. වැඩි වාසි ඇත්තේ අප හමුදාවටයි. සටන් විරාමයකට යෑමට අවශ්‍යතාවක් හෝ ඕනෑකමක් නෑ. හමාස් සටන්කාමීන් පරාජය බාර ගනිමින් යටත් වන්නේ නම් පමණක් සටන් විරාමයක් ගැන සිතන්න පුළුවන්” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ඇමෙරිකාවේ ‘ෆොක්ස් නිවුස්’ පුවත් නාළිකාව සමඟ සම්මුණ සාකච්ඡාවකට එක් වෙමිනි.
හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට ඊශ්‍රායලය ගත් තීරණයට තමන් සහාය පළ කරන බව ඇමෙරිකාව දිගින් දිගටම පවසා තිබේ. මේ මොහොතේ ඊශ්‍රායලය සටන් විරාමයකට ගියහොත්, ප්‍රහාරවලින් පසුබෑමට ලක්වී සිටින හමාස් සටන්කාමීන් යළි ශක්තිමත් විය හැකි යැයි ඇමෙරිකාව ද ජාත්‍යන්තරයට පෙන්වා දී ඇත.
මේ වනවිට ගාසා තීරයේ ‘ගාසා නගරය’ වට කරමින් ඊශ්‍රායල හමුදා ඊට පහර දෙයි. ගාසා නගරයෙන් පලා ගිය පලස්තීන වැසියන් ගණණ 50,000 ඉක්මවා තිබේ.
මේ අතර, මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින්, පැය හතරක කාලයකට ප්‍රහාර නවත්වා, ගාසා සනගරයේ වැසියන්ට නගරයෙන් පිටවීමට ඊශ්‍රායලය කැමැත්ත පළ කර ඇතැයි ඇමෙරිකාව පවසා තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්න ජනතාවට අමතක වුණාට අපේ පාලකයින් සහ හමුදාවට ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන් ට පහර දෙනකොටත් ලෝකයා රෙදි උස්සගෙන ආවේ සටන් විරාම ඉල්ලගෙන. ඒ ආදරේට නෙවෙයි ත්‍රස්තවාදීන් ආරක්ෂා කරගන්න. දැනුත් ලෝකෙ වෙන්නේ ඒකමයි...
මෙන්න කොන්ද පන තියන නායකයො.
සියලුම ලෝක නායකයන්ගේ සහාය ඇතිව, මානව හිමිකම් තබේකට මායිම් නොකර ඊශ්‍රායලය කරන පහර දීම් අතර කුහක නොවන කාටත් මතක් වෙන්න ඕන ජාත්‍යන්තරයේ තබා ලංකාවෙත් ඇන්ජීඕ බත්බැලයන්, ජේවීපී, රනිල්, සජිත්, කිරිඇල්ල, රවී, මංගල වැනි බොර දියේ මාළු බාන අහිනකුත් තියාගෙන අපේ හමුදාව සහ දේශපාලන නායකත්වය විසින් සිදු කරන ලද්දේ මොන තරම් අමාරු කර්තව්‍යක්ද කියලා.
මිනීමරුවෝ !!! යන්න එන්න තැනක් නැතිව හිටපු අහිකුන්ටකයින්.එංගලන්තයේ සහයෙන් පලස්තීනයේ කොටසක් අල්ලාගෙන අන්තිමට පලස්තීනයේ දරුවන් මරමින් කරපු සංහාරයට තොපිට දවසක වන්දි ගෙවන්න වෙනවා.දෙවියන්ටත් අකිකරුවෙලා,දෙවියන්ගේ ශාපය ලැබූ යුදෙව්වන් ,අවසානයේදී ජේසු තුමාගේ නැවත පැමිණීමෙන් පසු සමුලඝාතනය වෙනවාලු.
නෙතන්යාහු අගමැතිතුමාට සෙත්පතා බෝධිපූජාවක් කරන්න හාමුදුරු කෙනෙක් නැති හැටි...!