ඉතා දුර්ලභ සත්ත්වයෙකු වන අපි‍්‍රකා කළු රයිනෝවකු දඩයම් කිරීමට අවසර දී තිබූ අවසර පතක් වෙන්දේසියකදී ඩොලර් ලක්ෂ 4 ක්ට රුපියල් ( ලක්ෂ 528 ) ආසන්න මුදලකට අලෙවි වී ඇති පුවතක් ඇමරිකාවෙන් වාර්තා වේ.

වෙන්දේසිකරුවන් පවසන්නේ අවසර පත අලෙවියෙන් ලැබුණු මුදල කළු රයිනෝවන්ගේම යහපත වෙනුවෙන් යොදවන බවයි.අවසර පතෙන් අවසර දී ඇත්තේ වයසක,ප‍්‍රජනන හැකියාවක් නොමැති කළු රයිනෝවෙකු දඩයම් කිරීමට පමණක් බවත් මෙනිසා කිසිවෙකුත් කලබල විය යුතු නැති බවත් ඔවුන් පවසයි.

නමුත් වෙන්දේසිකරුවන්ගේ කි‍්‍රයාකලාපය හා ප‍්‍රකාශයන් දැඩිසේ විවේචනය කර ඇති ඇමරිකාවේ හා ලොව පුරා කි‍්‍රයාත්මක සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයක් පවසන්නේ වයසක සතෙකු හෝ වේවා දඩයම් කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවයි.

මෙයින් ඇමරිකාව යනු මුදලට ජීවිතයක් නැසීම පි‍්‍රය කරන ජනකොට්ඨාසයක් සිටින රටක් යැයි අදහසක් ලෝකයාට යන බව එම සංවිධාන කියයි.

කළු රයිනෝවන් අපි‍්‍රකාවට ආවේණික සතුන් විශේෂයක් වන අතර මේ වන විට ලොවටම සිටින්නේ සතුන් 4000 ක් පමණ යැයි සදහන්ය.