IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කළු රයිනෝ රකින්න යයි

ඉතා දුර්ලභ සත්ත්වයෙකු වන අපි‍්‍රකා කළු රයිනෝවකු දඩයම් කිරීමට අවසර දී තිබූ අවසර පතක් වෙන්දේසියකදී ඩොලර් ලක්ෂ 4 ක්ට රුපියල් ( ලක්ෂ 528 ) ආසන්න මුදලකට අලෙවි වී ඇති පුවතක් ඇමරිකාවෙන් වාර්තා වේ.

වෙන්දේසිකරුවන් පවසන්නේ අවසර පත අලෙවියෙන් ලැබුණු මුදල කළු රයිනෝවන්ගේම යහපත වෙනුවෙන් යොදවන බවයි.අවසර පතෙන් අවසර දී ඇත්තේ වයසක,ප‍්‍රජනන හැකියාවක් නොමැති කළු රයිනෝවෙකු දඩයම් කිරීමට පමණක් බවත් මෙනිසා කිසිවෙකුත් කලබල විය යුතු නැති බවත් ඔවුන් පවසයි.

නමුත් වෙන්දේසිකරුවන්ගේ කි‍්‍රයාකලාපය හා ප‍්‍රකාශයන් දැඩිසේ විවේචනය කර ඇති ඇමරිකාවේ හා ලොව පුරා කි‍්‍රයාත්මක සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයක් පවසන්නේ වයසක සතෙකු හෝ වේවා දඩයම් කිරීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවයි.

මෙයින් ඇමරිකාව යනු මුදලට ජීවිතයක් නැසීම පි‍්‍රය කරන ජනකොට්ඨාසයක් සිටින රටක් යැයි අදහසක් ලෝකයාට යන බව එම සංවිධාන කියයි.

කළු රයිනෝවන් අපි‍්‍රකාවට ආවේණික සතුන් විශේෂයක් වන අතර මේ වන විට ලොවටම සිටින්නේ සතුන් 4000 ක් පමණ යැයි සදහන්ය.



අදහස් (0)

කළු රයිනෝ රකින්න යයි

සරණ Tuesday, 14 January 2014 01:27 PM

ලංකාවෙන් නම් විරෝධයක් එන්නේ හරක් මරණවට විතරයි නේ.... (දී)

:       0       0

සෑම් Tuesday, 14 January 2014 02:49 PM

මුලින් සතා අල්ලලා ප්‍රජනන හැකියාව සොයා බලා ඊට පස්සේ වෙන්න ඇති දඩයම් කරන්න දෙන්නේ. මට මතක් උනේ අර අපි පොඩිකාලේ කියාපු කොක්කු අල්ලන්න පුළුවන් ක්‍රමය. මුලින්ම හොඳින් ඉර පෑයු දිනක වෙලක ඉන්න කොකෙකුගේ ඇස දෙකට උඩින් නළල මත බටර් ගුලියක් තබනවා. ටිකක් වෙලා ගියාම බටර් දියවෙලා ඇස් වලට ගියාම ඇස් නොපෙනී යනවා. එතකොට දුවල ගිහින් ඒකාව අල්ලගන්නවා. (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 14 January 2014 02:50 PM

අනෙක් සතුන් රකින්න මේ සතා මරණ එක ඉතාම අසාධාරණ වැඩක්. (දී)

:       0       0

මංගල Tuesday, 14 January 2014 03:11 PM

''මෙයින් ඇමරිකාව යනු මුදලට ජීවිතයක් නැසීම පි‍්‍රය කරන ජනකොට්ඨාසයක් සිටින රටක් යැයි අදහසක් ලෝකයාට යන බව එම සංවිධාන කියයි'' අමුතුවෙන් යන්න දෙයක් නැ, හැමෝම හිතන්නෙ එහෙම තමයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site