IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කළු කුහර ගැන සොයන්න ඉන්දියාවෙන් රොබෝ යානයක්

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය හෙවත් ‘ඉස්රෝ’ නව වසරේ වැඩ අරඹමින්, විශ්වයේ කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයනයට රොබෝ යානයක් යැවීය.

මීට පෙර, කළු කුහර ගවේෂණයට, රොබෝ යානයක් යවා තිබුණේ ඇමෙරිකාවේ නාසා ආයතනය පමණි. ඒ අනුව, ඉන්දියාවේ මෙම ගවේෂණ මෙහෙයුම ඉතා වැදගත් වෙයි.

ඉන්දීය විද්‍යාඥයන්, ඔවුන්ගේ මෙම නවතම රොබෝ ගවේෂණ යානය නම් කර තිබෙන්නේ, ‘එක්ස් රේ පෝලර් මීටර් ගවේෂණ චන්ද්‍රිකාව’ යනුවෙනි. කෙටියෙන් මෙම යානය හැඳින්වෙන්නේ ‘එක්ස්පෝසැට්’ යනුවෙන් යැයි ද පැවැසෙයි.

‘එක්ස්පෝසැට්’ රොබෝ යානය, උදෑසන 9.10 ට, ඉන්දියාවේ ශ්‍රී හරිකොත අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩු ගුවනට යැවීම සිදුවිය. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත ‘පී.එස්.එල්.වී. සී 58’ රොකට්ටුවේ ආධාරයෙනි. ‘එක්ස්පෝසැට්’ රොබෝ යානයේ මෙහෙයුම් කාලය අවුරුදු 5 කි.

විශ්වයේ ඇති ලොකුම අබිරහස ලෙස තාරකා විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ කළු කුහරය. කළු කුහරයක් යනු, ආලෝකයට පවා පිටතට යෑමට නොහැකි ආකාරයට, ගුරුත්වාකර්ෂණය ප්‍රබල ස්ථානයකි. කළු කුහර වල ගුරුත්වාකර්ෂණය ඉතා ප්‍රබල වන්නේ, ඒවා තුළ ඇති පදාර්ථය කුඩා අවකාශයක සංකෝචනය වී ඇති බැවිනි. තරුවක් මිය ගිය පසු කළු කුහර නිර්මාණය වන බව විද්‍යාඥයන්ගේ අදහසය.

නියුට්‍රෝන තරු යනුවෙන් හැඳින්වෙන්නේ, ගුරුත්ව බලවේග විසින් දැඩිව සම්පීඩනයට පත් කරනු ලැබූ තරුවක, පරිණාම ක්‍රියාවලියේ අවසානයට පත් තරුවකි. ප්‍රමාණයෙන් කුඩා වුවත්, නියුට්‍රෝන තරු ස්කන්ධයෙන් විශාලය.

අභ්‍යවකාශ ගවේෂණයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් වී සිටී. පසුගිය 2023 වසරේ ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ ඉන්දියාව සාර්ථකව සඳට රොබෝ රෝවර් යානයක් සහ ගවේෂණ යානයක් යැවීය. ඉන්පසු හිරු අධ්‍යයනයට ‘ආධිත්‍ය’ යනුවෙන් රොබෝ යානයක් අභ්‍යවකාශයේ ඈත රැඳවීම කළේය.

එම ජයග්‍රහණවලින් ලැබූ පන්නරයත් සමඟ කළු කුහර අධ්‍යයනයටත්, නියුට්‍රෝන තරු අධ්‍යයනයටත් ‘එක්ස් රේ පෝලර් මීටර් ගවේෂණ චන්ද්‍රිකාව’ යැවීමට සියලු කටයුතු සූදානම් කෙරුණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

කළු කුහර ගැන සොයන්න ඉන්දියාවෙන් රොබෝ යානයක්

Lalla Monday, 01 January 2024 03:06 PM

ඕක අපේ චිචීට කිව්වා නම් කරලා දෙනවානේ. තනියම රොකට් එකකුත් ඇරපු පොරනේ....!

:       0       1

Perera Monday, 01 January 2024 07:23 PM

කළු කුහර ගැන දන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 94 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site