අප බොහෝ ස්ථාන දකියි. ඒ ඇස් මට්ටමේදී ය. අහසේ සිට යම් ස්ථානයක් නරඹන විට දිස්වන්නේ වෙනස්ම ආකාරයකිනි. අහස සිප ගන්නා සේ ඉදිවන ගොඩනැගිලි අහසේ සිට බලන විට කුරුමිට්ටන් සේ දිස්වෙයි. වගා බිම්වල මෙතෙක් නොදුටු සුන්දරත්වයක් අහසේ සිට බලන විට දක්නට ලැබෙයි. මේ දැක්වෙන ගුවන් ඡායාරූප ඒ අපූර්වත්වය ගෙන එන්නට සමත්ව ඇත.
1. බාසිලෝනා නගරය
2. සෙන්ට්‍රල් පාර්ක්, නිව්යෝර්ක් ප්‍රාන්තය
3. ඩුබායි දූපත්
4. ඒගලන්තයේ ලෝන්ග්ලීට් දුර්ගය
5.මෙක්සිකෝ නගරය
6. වැනීසිය
7. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය
8. කැනඩාවේ නයගරා දිය ඇල්ල
9. නැම්බියාවේ නැම්බි කාන්තාරය
10. චිකාගෝ නගරයට සවස් කාලය උදාවන අයුරු
11 නෙදර්ලන්තයේ ටියුලිප් මල් යාය
12. ස්විට්සර් ලන්තයේ බර්න් නගරය
13. කෝර්ෂියාවේ ඩුබ්‍රොව්නික් බළකොටුව
14. ප්‍රංශයේ පැරිස් නගරය
15. තුර්කියේ මෙස්කෙන්ඩිර්
16. චීනයේ ෂැන්හයි නගරය
17. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරය
18. රුසියාවේ මොස්කව් නගරය
19. ග්‍රීසියේ ඇතැන්ස් නුවර
20. කැනඩාවේ වැන්කෝවර් නගරය
21. මාලේ දුපත, මාලදිවයින
22. ඇමෙරිකාවේ සියැටෙල් නගරය
23. ඊජිප්තුවේ ගීසා පිරමිඩ
24. වියට්නාමයේ බැක් සොන් නිම්නය
25. මරීනා බොක්ක, ඩුබායි.
26. රියෝ ඩි ජනයිරෝ නගරය
27. චීනයේ වි වගාවක්. හෙල් මළු ක්‍රමයට සිදු කරයි
28. වැටිකන් නගරය
29. පෝලන්තයේ පොමරේනියා
30. ඇමෙරිනායේ සැන් ප්‍රන්සැස්කෝ































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි ලංකාදීප. හරිම ලස්සනයි. (නදී)
බලන්න ලස්සන. නමුත් අපිට නොපෙනෙන භයානක කමක් තියෙනවා මේ තුල, කවදා හෝ අපිට ජලය හා ආහාරහිගයකට මුහුණ දෙන්න වෙනවා . අපි ඉන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක (දී)
ලස්සන කියලා වැඩක් නැහැ, ලෝකේ අපි නොදැක්ක මොන තරම් දේවල් තියෙනවද (දී)
http://maps.nationalgeographic.com/maps මේ ලින්ක් එකෙන් යන්න (දී)
මෙවන් දේවල් බලාගන්න සලස්වන එක ඉතාම හොද දෙයක්. ඔබට තුති (දිල්)
සෑම් කියන දේ හරි මටත් ඒ ඊ මේල් එක ලැබුනා.(නදී)
මේවා ලස්සන නම් තමයි. ඒ උනාට මේ අහස උසට ගොඩනැගිලි හදලා පරිසරයට කරපු විනාසේ කව්රුත් කතා කරන්නේ නැහැනේ. මේක නෙවෙයි සැබෑ දියුණුව කියන්නේ. මේ වගේ දියුණුවක් අපට නම් එපා.(නදී)
ස්තුතියි මෙවැනි හරවත් දෙයක් පළකිරීම පිලිබදව.(නදී)
දවසේ දුටු හොදම ලිපිය.(නදී)
පිංතූරවල සුන්දරත්වයෙන් රටේ අභ්‍යන්තර තත්වය මැනිය නොහැක. අපේ මිනිසුන් නිතරම තම උපන් භුමිය විවේචනයට ලක් කරන්නේ ඇයි? (නදී)
කුරුළු ඇසට කොළඹ, ඉබ්බගේවත්ත, සේදවත්ත, කැලණිය, තොටළඟ, බෙලෙක්කඩේ, රාවතාවත්ත,මරදාන, ගුණසිංහපුර, පිටකොටුව,කොම්පංඥ වීදිය,කොහිලවත්ත, මාලිගාවත්ත,කොරලවැල්ල වගේ අති සුන්දර තැන් පෙනුනෙම නැද්ද මන් අහන්නේ.(නදී)
චාමත්කර ,දැකුම්කලු ඉහල ගනයේ ඡායාරුප පෙළක්, මාත් මේ නගරවල් කීපයක සංචාරය කර ඇත, නමුත් මේ තරම් සුන්දර දසුම් නම් දැක නැත. සංජීව විජේවීර මහතාට සහ ලංකාදීප කාර්ය මඩුල්ලට ගොඩක් තුති ! (දී)
මේ වාගේ දෙයක් පලකලාට ලංකාදීප කාර්ය මණ්ඩලයට ස්තුතියි. ගොඩක් හොදයි.(නදී)
සොදුරු මනහර බර්න් නගරය හා පැරිස් නගර තුල පරිසරය සියසින් අත් දැක්කා. ස්විස්ටේර්ලන්තයේ බර්න් නගරයේ පරිසර සංරක්ෂණය නම් අසමසමයි. (දී)
හරිම ලස්සන ෆොටෝ පෙළක්. ලංකාදීපට මල් මීටක්.(නදී)
නිර්මාණශීලී ඡායාරූප පෙළක්(දිල්)
නියමයි! (නදී)
අමුතු අත්දැකීමක්. හරිම ලස්සනයි. ඔබලාට ස්තූතියි. (දී)
ලගට ගියම ඔයතරම් ලස්සනන නැ (දී)
නියමයි ලස්සනයි තව ඒවා එවන්න.(නදී)
ලස්සනයි. ඒත් අපේ රට නැහැ.(නදී)
මොන තරම් ලස්සන ලෝකයකද අපි ඉන්නේ. එත් ඇයි මිනිස්සු එක තේරුම් නොගෙන මේ හැම දෙයම විනාශ කරන්නේ (දිල්)
ලස්සන පින්තුර ටික. මේක දැක්කම මට මතක් උනේ ටික කලකට පෙර මට ලැබුන ඊ මේල් එකක තිබුන දෙයක්. එකේ තිබුනේ ලොව ප්‍රධාන නගරවල රාත්‍රී කාලයේ ලස්සන පින්තුර. අන්තිම පින්තුරය කොළඹ, ඒක තනිකරම කලුපාට අඳුරු පින්තුරයක්. යටින් ලිය තිබුන, '' සමාවන්න, විදුලිය ඇන හිටීමක් " (දී)
පුදුම තරම් ලස්සනයි.(නදී)
අලංකාරයි.(නදී)
කුරුළු ඇසට ශ්‍රී ලංකාව පෙනුනේ නැද්ද? (නදී).
බලන්නකෝ ඩුබායි වල ලස්සන. අනාගතයේදී තවත් මේ රටවල් දියුණු වෙනවා. (නදී)
හරිම ලස්සනයි. (නදී)
හොරා කෑම අඩුනම් මොන රටත් දියුණුකරන එක අමාරු නෑ. අපේ රටේ හොරකම වැඩියි. අපි තාමත් එකම තැන ඉන්නේ එකයි.(නදී)
ලංකාවේ පිංතූර නැද්ද ? (නදී)
ස්වභාව සුන්දරෙන් අනුන සිරීපා ගිරි ශිකරයෙන් එබී බැලුවා නම් අපේ ලක් දෙරනේ හැඩ මොනවට කියාපායි.(නදී)
දුටුවම මන්මත් කරවයි. මෙවන් තොරතුරු පළකිරීම ගැන ගොඩක් තුති.(නදී)
සන්නස්ගල මහත්තයා කියපු දේ මතක් වෙනවා. වෙනස් විදිහකය වෙනස් කෝණයකින් ගත්ත පින්තුර ටිකක් (දී)
හිත කොහේදෝ ගියා , හරිම ලස්සන පින්තුර ටිකක්, ලංකාදීපය බොහොම තුති (දී)
මේවා පින්තුර වලින් හරි බලන්න දැස පින් කරලා වගේ දැනුන. ලංකාදීපය බොහොම තුති (දී)
කුරුළු ඇසට ශ්‍රී ලංකාව පෙනුනේ නැද්ද? (දී)
සුමිත් කුරුළු ඇසට ලංකාවේ පෙනෙන්නේ දුප්පතුන්ගේ පැල්පත් විතරයි,, (දී)
ලංකාව නොපෙනෙන ලෙස සුදු දුමාරයක් තියෙනවලු සුමිත් , ලංකාදීප ඔබට බොහෝ තුති ! (දී)
ඉතාමත් චමත්කාරජනක රුප පෙළක්.! එහෙත් අර මෙක්සිකෝවේ නගර, කදු වැටි වසාගෙන තියෙනවා දැක්කම වගේම චීනයේ බීජිං නගරේ දැක්කමත්. බාසිලෝනා නගරය සහ ඇමෙරිකාවේ සැන් ප්‍රන්සැස්කෝ නගරය දැක්කමත් හදවත කම්පා උනා මිනිසා විසින් පරිසරය ආක්‍රමණය කරලා තියෙන හැටි කියල.... (දී)
අනේ ලංකාවේ පින්තූරත් දාන්නකෝ (දිල්)
ලංකාවත් ලස්සනයි , අපේ පරිසරය වනසන්නේ නැත්නම් . එක දවසකදී ජීප් 400 ඇතුළු වුනාම මොනවද ඉතුරුවෙන්නේ අනාගතෙ අපිට බලන්න , (දී)