මිනිසා ඇතුළු කොදු නාරටියක් පිහිටන ජීවීන්ගේ අපර පාද පරිනාමය වී ඇත්තේ කරමල් වලින් යැයි නවතම මතයක් ඉදිරිපත් වී තිබේ.
2004 වසරේදී ඇමරිකාවේ ඩේරක්සෙල් සරසවියේ පර්යේෂකයින් දෙපළක් සොයාගත් වසර ලක්ෂ 3750 ක් පැරණි මත්ස්‍ය පොසිලයක් තව දුරටත් අධ්‍යනය කිරීමෙන් මෙම මතය ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසකි.
ටික්ටාලික් රෝසේ නමින් හැදින්වෙන මෙම ජීවියා වසර ලක්ෂ 3750 කට පෙර පෘථිවියේ පැවති ජල තටාකයන්ගේ ආධිපත්‍යය පතුරුවාගෙන සිට ඇතැයි සදහන් වේ.
පෙනුමින් එවක සිටි කිසිදු මත්ත්ස්‍යයෙකුට සමාන නොවූයේයැයි පැවසෙන මේ සත්වයා ගේ පෙනුම කිඹුලෙකුගේ හා මත්ස්‍යයෙකුගේ එකතුවක් ලෙස දැක්විය හැකි යැයි පර්යේෂකයෝ කියති.මත්ත්ස්‍ය මෙන්ම කොදු නාරටියක් පිහිටන ජීවීන්ගේ ගති ලක්ෂණද එක සේ පිහිටා තිබූ මෙම සත්ත්වයාට ජලයේ සේම ගොඩබිමද ජීවත් වීමට හැකියාව තිබී ඇතැයි ඔවුහු පවසති.
පෙරදී අපර පාද පරිනාමය වන්නට පටන් ගත්තේ එවක ගොඩබිම ජීවත් වූ පූර්ව පාද පමණක් දැරූ ජීවීන් එම පාදයන් ආධාරයෙන් අපහසුවෙන් බඩගා යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස යැයි විශ්වාස කෙරුණි.මුල් සමයේ ඔවුනට අපරපාද ඇතිවීමට මුල් වන උකුල් ඇටයක් නොපිහිටන්නට ඇතැයි විද්වත් මතය වේ.
නව පර්යේෂණයෙන් ටික්ටාලික් හට උකුල් ඇටයකුත් පිහිටා තිබී ඇති බව සොයාගෙන තිබේ.එනම් කාලවකවානු සැළකීමේදී ගොඩබිම විසූ ජීවීන් හට උකුල් ඇටයක් ඇතිවීම ආරම්භ වීමට බොහෝ කලකට පෙර සිටම ටික්ටාලික් හට උකුල් ඇටයක්ද පිහිටා තිබී ඇත.
පර්යේෂකයින් පවසන ආකාරයට මෙම උකුල් ඇටයට සවිවුනු කරමල් යුගලක්ද ටික්ටාලික් හට පිහිටා තිබී ඇත.ඒවායින් මෙම මත්ත්ස්‍යා තම පිහිනුම් කටයුතු වඩා පහසු කරගන්නට ඇතැයි ඔවුන් අනුමාන කරයි.
උකුල් ඇටයක් පිහිටීමත්,එයට සවිවුණු කරමල් පිහිටීමත් ආදිතම අපර ගාත‍්‍රා පිහිටීමක් ලෙස හදුනාගත හැකි යැයි පර්යේෂකයින් කියයි.මෙම පිහිටීම පරිනාමය වී ගොඩබිම විසූ ජීවින්ටද උකුල් ඇටයක්ද,අවශ්‍යතාව අනුව ඒ හා ඇතිවූ අපර පාදයන්ද ලැබෙන්නට ඇතැයි ඔවුන්ගේ මතයයි.
තවද ටික්ටාලික් හට දියේ මෙන්ම ගොඩබිමද වාසය කිරීමට හැකියාවක් තිබීම මෙම මතය නිවැරදි යැයි තහවුරු කරන්නක් යැයි පර්යේෂකයින්ගේ අදහස වී ඇත.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කරමලෙන් පාද හැදිලා‘
කුමාර් Wednesday, 15 January 2014 04:41 PM
හනේ මෙහෙම පරිනාම වාදයක්, මේ සත්තු පරිනාමයක් වෙනවනං, අවුරුදු ලක්ෂ 3750, තාමත් ඒ සතා වගේම ඉන්නේ කොහොමද??? (දී)