IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කෙඳි ආහාර කෑම රුචිය අඩුකරයි

අප ගන්නා ආහාර වල ඇති කෙඳිති සහිත ආහාර දිරවීමේ දී එමගින් ආහාර රුචිය මර්ධනය කරන ඇසිටේට් නැමැති සංයෝගය නිදහස් කරණු ලබන බව බ්‍රිතාන්‍ය පර්යේෂණයකින් සොයාගෙන ඇත.  යුරෝපියයන් දිනකට ගන්නා කෙඳි සහිත ආහාර ප්‍රමාණය අවුන්ස භාගයකට සීමා කර තිබේ. පර්යේෂකයන් පවසන්නේ ආදි ගල් යුගයේ විසූ අපේ මුතුන් මිත්තන් ආහාරයට කෙඳි ගෙන ඇත්තේ ඒයිනුත් 1/7 ක ප්‍රමාණයක්ය.

මෙම අධ්‍යනයේ ප්‍රධානි ලංඩන්හි ඉම්පීරියල් කොලේජ්හි හි ග්රේ ෆ්‍රොස්ට් පවසන්නේ අපේ එලවලු වලින් මාංශජනක ආහාර සහ කෙඳි අඩු ආහාර නිපදවීටම උදවු වන බවයි.

ආහාරයේ ඇති කෙඳි අන්ත්‍රයේදී ජීර්ණය වු විට  ස්වාභාවික ලෙස ඇසිටේට් නැමැති සංයෝගය මුදා හැරේ. පසුව මේවා මොළය වෙත ගමන් කරණ අතර එහිදී අප ගන්නා ආහාර ප්‍රමාණය නවත්වන ලෙස සංඥාවක් මගින් අපට දැනුම් දෙනු ලබන බව ස්වාභාවික සංනිවේදන සඟරාවේ  වාර්තාවක දක්වා තිබේ. මෙම සොයා ගැනීම හේතුවෙන් ඇසිටේට් අන්තර්ගත පෙති නිපදවීම හෝ සාමාණ්‍ය ප්‍රමාණයට වඩා  ඇසිටේට් වැඩි ප්‍රමාණයක් නිපදෙවන කෙඳිති සහිත සුපිරි ආහාර නිපදවීමට පටන් ගෙන තිබේ.

මෙහි අර්ථය නම් මිනිසුනට ඇසිටේට් මගින් තම ආහාර වේලේ විශාල වෙනස් කම් නොකර ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි. බ්‍රිතාන්‍යයන්ගෙන් ජනගහනයෙන් 2/3ක් පමණ ශරීරයේ බර වැඩිබවින් හෝ සථූලතාවයෙන් යුක්තය. මේ නිසා ස්ථුලතාවය නවත්වා ලීම සඳහා නව ක්‍රමවේදයන් සෙවීම හදිසි අවශ්‍යතාවයක් වි තිබේ. කෙඳි බහුල ආහාර ලෙස පොත්ත සහිත ධාන්‍ය පිටි, නිවුඩු  සහල්, පලතුරු සහ එළවළු, බෝංචි සහ පරිප්පු ප්‍රකටය. මීට ඉහතදී කරණ ලද පර්යේෂණ මගින් පෙන්වා දි ඇත්තේ කෙඳිතිමය ආහාර මගින් පෙනහලු වල ප්‍රදාහ තත්වය අඩුවී ඇදුම රෝගයෙන් ආරක්ෂා කරණ බවයි. තවත් කරුණක් නම් කෙඳි  ආහාර ගැනීමෙන් හෘදයාබාධ සහ ඇතැම් පිළිකා විශේෂයෙන් ගුදමාර්ගයේ පිළිකාවලට ඇති අවදානම අඩුකරණ බවයි.



අදහස් (0)

කෙඳි ආහාර කෑම රුචිය අඩුකරයි

ජගත් සෞදි Thursday, 01 May 2014 08:52 PM

කොහොම කැවත් පරිස්සම් කට නිරෝගී කරයි.(නදී)

:       0       0

අරවින්ද Thursday, 01 May 2014 09:11 AM

මම මේක දැනගත්තේ අදයි (නි)

:       0       0

ධම්ම Thursday, 01 May 2014 12:28 PM

නව වෛද්‍ය සොයා ගැනීම් කියෙව්වාම පිස්සු හැදෙනවා. කන්නේ මොකක්ද නොකන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැ. හොඳම දේ තමයි අපේ අම්මා අපට කැවු විදියටම දිගටම කන එක. (ස)

:       0       1

නිශාර්ඩ් ප Friday, 02 May 2014 09:21 AM

ආරෝග්‍යා පරමාලභා !!!!(අ)

:       0       0

තබීතා Friday, 02 May 2014 10:52 AM

අපේ රටේ කෑම ඉතා හොඳයි, වස විස පොහොර නැතුව කන්න තිබුනා නම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site