දිනකට පැය 3 ක් පුරා ආහාර ගනිමින් තමන් ආහාර ගන්නා ආකාරය අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කැර දිවිසරි කර ගන්නියකි දකුණු කොරියා ජාතික පාර්ක් සියෝ යියොන්.

තමන් ආහාර ගන්නා ආකාරය දිනපතා නරඹන රසිකයින් රැසක් තමන්ට සිටින බව ඇය කියන්නීය.ඔවුන් තම වෙබ් අඩවියට ආධාර මුදල් ලබාදෙන බවද ඔවුන් නිසා තමන් මසකට පවුම් 5600 ක් පමණ (රුපියල් ලක්ෂ 13 කට ආසන්න) මුදලක් උපයන බවද ඇය පවසන්නීය.

තම නව මුදල් ඉපැයීමේ මාර්ගය නිසා තමන් කරමින් සිටි රැකියාවටත් ආයුබෝවන් කීමට යියොන් කටයුතු කර ඇත්තීය.

සැමදා සවස තම පරිගණක ඉදිරිපිට ඇය වාඩි වන්නේ කෑම බදුන් රැසක් පිරිවරාගෙනය.අනතුරුව අන්තර්ජාලයට සම්බන්ධ වන ඇය තම වෙබ් අඩවිය ඔස්සේ තමන් ආහාර ගන්නා ආකාරය සජීවීව ප්‍රචාරණය කරන්නීය.දිනකට පැය 3ක් පමණ ඇය එක දිගට ආහාර අනුභව කරන්නීය.

දැනට වසර 3 ක් පුරා යියොන් මෙසේ තම රසිකයින් පිනවීමට ඔවුන් ඉදිරියේ ආහාර අනුභව කරන්නීය.දිනකට විසල් ආහාර ප්‍රමාණයක් අනුභව කළත් ඇය තරබාරු වී නම් නොමැත.

යියොන් මෙන් තවත් බොහෝ දෙනා මෙසේ අන්තර්ජාලය ඔස්සේ ආහාර අනුභව කරන ආකාරය ප්‍රචාරණය කරන බව සදහන්ය.මෙයත් එක්තරා ආකාරයක තෘප්තියක් ලබන අමුතු ගණයේ කි්‍රයාවලියෙකැයි හැදින්වේ.