
වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, තමන් පිළිකා රෝගියකු වූ බව නිවේදනය කරමින්, කේට් කුමරිය නිකුත් කළ වීඩියෝවක් ද ප්‍රසිද්ධ කරමිණි.
කේට් මිඩ්ල්ටන් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන විය. සැත්කම සම්බන්ධයෙන් කිසිවක් වාර්තා නොවුණු අතර, සැත්කමින් පසු කේට් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ද නැත.
42 හැවිරිදි කේට් සම්බන්ධයෙන් පමණක් නොව, ඇගේ සැමියා ඔටුන්න හිමි විලියම් කුමරු සම්බන්ධයෙන් ද නොයෙක් නොයෙක් කටකතා පැතිරිණි.

මේ වනවිට, විලියම් කුමරුන්ගේ පියා, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ද පිළිකාවකින් පීඩා විදී. චාල්ස් රජු, රාජකීය කටයුතුවලින් ඈත් වී, ප්‍රතිකාරවලට යොමු වූයේ පසුගිය පෙබරවාරියේය.
කේට් මිඩ්ල්ටන් කුමරියගේ පිළිකා තත්වය සම්බන්ධයෙන් වැඩි විස්තර කිසිවක් වාර්තා වී නැත. කුමරිය උදරේ සැත්කමට යොමු වූයේ මෙම පිළිකා තත්ත්වය නිසා යැයි ද සැක කෙරේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම කණගාටුයි. ඒත් පිළිගත යුතු සත්‍ය නම් රාජකම් කළත් ලෙඩ රෝග වලින් බේරුමක් නැහැ කියලා. ඉක්මන් සුවය ලැබේවා.