ඉන්දියාවේ බටහිර බොංගාලයේ 20 හැවිරිදි කාන්තාවක් වෙනත් කුලයක තරුණයෙකු සමග සම්බන්ධතාවයක් පැවැත්වීමේ වරදට එම ග්‍රාමයේ පිහිටි ගම් උසාවිය (පංචායත් සභාව) ඇය සමූහ දූෂණයට නියෝග කර එම නියෝගක ක්‍රියාත්මක කෙළේය.
තරුණයාත් තරුණියත් පංචායත් සභාව ඉදිරියට කැඳවා ඔවුනට එක් අයෙකුට ඉන්දියා රුපියල් 25000 බැගින් දඩ නියම කර තිබේ. එම පිරිමියා දඩ මුදල ගෙවීය.කාන්තාවට එම මුදල ගෙවීමට නොහැකි විය.
මේ අවස්ථාවේදී එම කාන්තාවගේ දුර නෑයකු ද වන ගම් උසාවියේ ප්‍රධානියා නියෝග කර ඇත්තේ ඇයට දඩ මුදල ගෙවීමට නොහැකි බැවින් ඇයගෙන් රිසි සේ සතුටු වන ලෙසයි . මෙම සිද්ධිය සිදු වූ පසුගිය සදුදා එළි වන තුරු ඇය 13 දෙනෙකු අතින් කෙළෙසීමට ලක්ව ඇති බවයි. එම 13 දෙනා අතර ගම් උසාවියේ ප්‍රධානියා ඇතුළු සාමාජිකයන්න් 10 දෙනෙකු සිටින බවත් එම 13 දෙනාම අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය කියයි .
පසුගිය වසරක කාලය තුල අවම වශයෙන් කාන්තාවන් තිදෙනෙකුවත් වෙනත් කුලයක තරුණයින් සමග සම්බන්ධකම් පැවැත්වීමේ චෝදනාව මත ගම් තුන හතරක් පුරා නිරුවත්ව ඇවිද්ද වීමට මෙම ගම් උසාවිය පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ පොලීසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධියට මුල් වුයේ කුළ දෙකක් අතර ප්‍රශ්නයක් නොව හින්දු කාන්තාවක් මුස්ලිම් තරුණයෙකුට ආදරය කිරීමට එරෙහිව දෙන ලද තීන්දුවක් ඔස්සේ ඇය සමුහ දුෂණය ට ලක්වීමයි. 1965 දී කේරළයේ නිපදවූ විශිෂ්ට සිනමා කෘතියක් වූ "චෙම්මීන්" චිත්‍රපටය ට පාදක වුයේත් මීට සමාන පෙම් සබඳතාවයක්. මෙවැනි අතවර වලට ලක්වීමට කලින් එම කතාවේ පෙම් යුවල මුහුදට පැන දිවි නසා ගනිති. සමස්ත භාරත දේශයම පුණ්‍ය භූමියක් කළ බෞද්ධ දර්ශනය අකා මකා දා නැවත බ්‍රාහ්මණ වාදය හා ඉස්ලාම් ආගම මිනිසුන්ගේ ලේ නහරවැල් දිගේ දිව යන්න පටන් ගත්තදා සිට ආධ්‍යාත්මික වශයෙන් ඉන්දියාව ගමන් කර ඇත්තේ ශතවර්ෂ ගණනාවක් ආපස්සටය. අපට කළ හැකි මහඟුම දෙය ඉන්දියාව විවේචනය කරන එක නොව අපේ බුදු දහම අප විසින් රැක ගැනීමයි. (අ)
රොෂාන් ! අප විසින් මේ තොරතුරු ලබා ගත්තේ අල් ජසීරා මාධ්‍යය ආයතනයෙන්.
චානක, ඔබ මොනවද කියන්නේ? බටහිර රටවල සිරිත් විරිත් හොඳයි. සමානාත්මතාවය තියනවා. එළිපිට නොකිව්වට ශරීර වර්නයටත් වෙනස්කම් කරන අය බටහිර ඉන්නේ. උස් පහත් බේද ඕන තරම්. තමා උපන් රට අගය කරන්න පුරුදු වෙන්න.(නදී)
අනේ සුනාමි දෙවියනි, අපිට කරදර වුනත් කමක් නැහැ නැවතත් වැඩල පෝක් සමුද්‍ර සංධිය සැ. 100 කින් වත් වැඩි කරලා දෙන්න මේ උරැලෑවන්ගෙන් කරදරයක් නැතිව ඉන්න. (නදී)
මේ කාන්තාව දුෂණය කල පිරිමි හතර දෙනාට ගල් ගසා ප්‍රසිද්ධියේ දඬුවම් කල යුතුයි..විනිචය සභාවේ ප්‍රධානියාට දැඩි දඬුවම් දිය යුතුය (අ)
ද ටිම්ස් ඔෆ් ඉන්දියා එකේ මම දැක්කේ හින්දු ආගමේ කුල දෙකක් යනුවෙනි. (අ)
බොහොම ස්තුති සත්‍යට මෙය නිවැරදි කරලා තිබුනට.(අ)
වෙනත් විදියට කීවොත් එක සමානයි 13 ට. (අ)
ජයලලිතා, මෙන්න ඔයාලගේ මහ ලොකු රටේ මානව හිමිකම්. අනුන්ගේ රටවල්වල දේවල් හොයන්න කලින් තමන්ගේ රට හදාගන්න. මේ සිංහල රටේ ඔය වහේ ජඩ වැඩ වෙන්නේ නැහැ.(නදී)
ඉන්දියාවනේ. පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)
කෝ මේ පිල්ලේ නෝනා.එතකොට මේවට කියන්නේ මොනාද....??? (අ)
ඔන්න ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදීයි කියා ගන්නා රටේ හැසිරීම. සමහර අපේ පලා බබාලත් ඉන්දියාවේ ගම් උසාවියේ කට්ටිය වගේ සමහර වෙලාවට හැසිරෙනවා,හැසිරිලා තියෙනවා. වාසනාවකට මෙතන මිනීමැරුමක් සිද්ද වුනේ නැහැ. (නදී)
ලොකු කරුමෙකට තමා ලංකාව ඉන්දියාව ළඟ පිහිටුනේ. බටහිර රටක් ළඟ පිහිටුනානම් අපි අද සිරිත් විරිත් වලින් බොහෝ පොහොසත්. ඒ වගේම කුල බේදයන්ගෙන් තොරව සියලු දෙනාටම සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා.(නදී)
දෙවියන්ට ස්තුති වේවා මාව ශ්‍රී ලාංකිකයෙක් කලාට ඉන්දියානුවෙක් නොකර. (නදී)
මහා ඡරා මිනිස්සු ඉන්න රටක් නේද ? (අ)
අපට මානවහිමිකම් දුෂනය ගැන ප්‍රශ්ක කරන්න ඉන්දියාව හොඳ රටක්ද? (නදී)
ඉන්දියාව අපේ රටට වඩා ගොඩක් අන්තයි. අශීලාචාර මිනිස්සු එහේ ඉන්නවා.(නධී)