IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘කැකිල්ලේ තීන්දුවක්‘

ඉන්දියාවේ බටහිර බොංගාලයේ 20 හැවිරිදි කාන්තාවක් වෙනත් කුලයක තරුණයෙකු සමග සම්බන්ධතාවයක් පැවැත්වීමේ වරදට එම ග්‍රාමයේ පිහිටි ගම් උසාවිය (පංචායත් සභාව)   ඇය  සමූහ  දූෂණයට  නියෝග කර එම නියෝගක ක්‍රියාත්මක කෙළේය.

තරුණයාත් තරුණියත් පංචායත් සභාව ඉදිරියට කැඳවා ඔවුනට එක් අයෙකුට ඉන්දියා රුපියල් 25000 බැගින් දඩ නියම කර තිබේ.   එම පිරිමියා  දඩ මුදල ගෙවීය.කාන්තාවට  එම මුදල ගෙවීමට නොහැකි විය.

මේ අවස්ථාවේදී එම කාන්තාවගේ දුර නෑයකු ද වන ගම් උසාවියේ ප්‍රධානියා නියෝග කර ඇත්තේ ඇයට දඩ මුදල ගෙවීමට නොහැකි බැවින් ඇයගෙන් රිසි සේ සතුටු වන ලෙසයි .  මෙම සිද්ධිය සිදු වූ පසුගිය සදුදා එළි වන තුරු ඇය 13 දෙනෙකු අතින් කෙළෙසීමට ලක්ව ඇති බවයි.  එම 13 දෙනා අතර ගම් උසාවියේ ප්‍රධානියා ඇතුළු සාමාජිකයන්න් 10 දෙනෙකු සිටින බවත් එම 13 දෙනාම අත් අඩංගුවට ගෙන ඇති බවත්  පොලීසිය කියයි .

 පසුගිය වසරක කාලය තුල අවම වශයෙන් කාන්තාවන් තිදෙනෙකුවත් වෙනත් කුලයක තරුණයින් සමග සම්බන්ධකම් පැවැත්වීමේ චෝදනාව මත ගම් තුන හතරක් පුරා නිරුවත්ව ඇවිද්ද වීමට මෙම ගම් උසාවිය පියවර ගෙන ඇති බව  ප්‍රදේශයේ පොලීසිය කියයි .



අදහස් (0)

‘කැකිල්ලේ තීන්දුවක්‘

අශෝක Saturday, 25 January 2014 09:11 PM

අනේ සුනාමි දෙවියනි, අපිට කරදර වුනත් කමක් නැහැ නැවතත් වැඩල පෝක් සමුද්‍ර සංධිය සැ. 100 කින් වත් වැඩි කරලා දෙන්න මේ උරැලෑවන්ගෙන් කරදරයක් නැතිව ඉන්න. (නදී)

:       0       0

කළනි Saturday, 25 January 2014 10:39 PM

චානක, ඔබ මොනවද කියන්නේ? බටහිර රටවල සිරිත් විරිත් හොඳයි. සමානාත්මතාවය තියනවා. එළිපිට නොකිව්වට ශරීර වර්නයටත් වෙනස්කම් කරන අය බටහිර ඉන්නේ. උස් පහත් බේද ඕන තරම්. තමා උපන් රට අගය කරන්න පුරුදු වෙන්න.(නදී)

:       0       0

දෙලා Friday, 24 January 2014 11:27 PM

දෙවියන්ට ස්තුති වේවා මාව ශ්‍රී ලාංකිකයෙක් කලාට ඉන්දියානුවෙක් නොකර. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 26 January 2014 09:32 AM

රොෂාන් ! අප විසින් මේ තොරතුරු ලබා ගත්තේ අල් ජසීරා මාධ්‍යය ආයතනයෙන්.

:       0       0

චානක. Saturday, 25 January 2014 01:29 AM

ලොකු කරුමෙකට තමා ලංකාව ඉන්දියාව ළඟ පිහිටුනේ. බටහිර රටක් ළඟ පිහිටුනානම් අපි අද සිරිත් විරිත් වලින් බොහෝ පොහොසත්. ඒ වගේම කුල බේදයන්ගෙන් තොරව සියලු දෙනාටම සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා.(නදී)

:       0       0

ජයතිලක Saturday, 25 January 2014 02:18 AM

ඔන්න ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදීයි කියා ගන්නා රටේ හැසිරීම. සමහර අපේ පලා බබාලත් ඉන්දියාවේ ගම් උසාවියේ කට්ටිය වගේ සමහර වෙලාවට හැසිරෙනවා,හැසිරිලා තියෙනවා. වාසනාවකට මෙතන මිනීමැරුමක් සිද්ද වුනේ නැහැ. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 25 January 2014 03:44 AM

කෝ මේ පිල්ලේ නෝනා.එතකොට මේවට කියන්නේ මොනාද....??? (අ)

:       0       0

සත්‍යයා Saturday, 25 January 2014 09:41 AM

මේ සිද්ධියට මුල් වුයේ කුළ දෙකක් අතර ප්‍රශ්නයක් නොව හින්දු කාන්තාවක් මුස්ලිම් තරුණයෙකුට ආදරය කිරීමට එරෙහිව දෙන ලද තීන්දුවක් ඔස්සේ ඇය සමුහ දුෂණය ට ලක්වීමයි. 1965 දී කේරළයේ නිපදවූ විශිෂ්ට සිනමා කෘතියක් වූ "චෙම්මීන්" චිත්‍රපටය ට පාදක වුයේත් මීට සමාන පෙම් සබඳතාවයක්. මෙවැනි අතවර වලට ලක්වීමට කලින් එම කතාවේ පෙම් යුවල මුහුදට පැන දිවි නසා ගනිති. සමස්ත භාරත දේශයම පුණ්‍ය භූමියක් කළ බෞද්ධ දර්ශනය අකා මකා දා නැවත බ්‍රාහ්මණ වාදය හා ඉස්ලාම් ආගම මිනිසුන්ගේ ලේ නහරවැල් දිගේ දිව යන්න පටන් ගත්තදා සිට ආධ්‍යාත්මික වශයෙන් ඉන්දියාව ගමන් කර ඇත්තේ ශතවර්ෂ ගණනාවක් ආපස්සටය. අපට කළ හැකි මහඟුම දෙය ඉන්දියාව විවේචනය කරන එක නොව අපේ බුදු දහම අප විසින් රැක ගැනීමයි. (අ)

:       0       0

ඉන්දික Friday, 24 January 2014 11:53 AM

ඉන්දියාවනේ. පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

රන්ද Saturday, 25 January 2014 10:24 AM

ජයලලිතා, මෙන්න ඔයාලගේ මහ ලොකු රටේ මානව හිමිකම්. අනුන්ගේ රටවල්වල දේවල් හොයන්න කලින් තමන්ගේ රට හදාගන්න. මේ සිංහල රටේ ඔය වහේ ජඩ වැඩ වෙන්නේ නැහැ.(නදී)

:       0       0

මුෂින් Saturday, 25 January 2014 12:01 PM

වෙනත් විදියට කීවොත් එක සමානයි 13 ට. (අ)

:       0       0

ටිගේර් Friday, 24 January 2014 01:00 PM

ඉන්දියාව අපේ රටට වඩා ගොඩක් අන්තයි. අශීලාචාර මිනිස්සු එහේ ඉන්නවා.(නධී)

:       0       0

අජිත් Saturday, 25 January 2014 01:51 PM

බොහොම ස්තුති සත්‍යට මෙය නිවැරදි කරලා තිබුනට.(අ)

:       0       0

ශීලියා කුමුදුනී පෙරේරා Friday, 24 January 2014 02:33 PM

අපට මානවහිමිකම් දුෂනය ගැන ප්‍රශ්ක කරන්න ඉන්දියාව හොඳ රටක්ද? (නදී)

:       0       0

රොෂාන් Saturday, 25 January 2014 05:34 PM

ද ටිම්ස් ඔෆ් ඉන්දියා එකේ මම දැක්කේ හින්දු ආගමේ කුල දෙකක් යනුවෙනි. (අ)

:       0       0

සන්ධ්‍යා Saturday, 25 January 2014 05:51 PM

මේ කාන්තාව දුෂණය කල පිරිමි හතර දෙනාට ගල් ගසා ප්‍රසිද්ධියේ දඬුවම් කල යුතුයි..විනිචය සභාවේ ප්‍රධානියාට දැඩි දඬුවම් දිය යුතුය (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 January 2014 03:29 PM

මහා ඡරා මිනිස්සු ඉන්න රටක් නේද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site