ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, පාලක කොන්සවර්ටිව් පක්ෂ රජය පෙරළා බලයට පැමිණීමට විපක්ෂය වූ මධ්‍ය වාමංශික කම්කරු පක්ෂය සමත් විය. ඒ අනුව, එරට නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස්ය.
කම්කරු පක්ෂය මෙසේ ඕස්ට්‍රේලියාවේ බලය තහවුරු කර ගත්තේ වසර 10 කට පසුව පමණ යැයි පැවැසෙයි. 'කොවිඩ් 19' වසංගතය හමුවේ, ඕස්ට්‍රේලියාව ද ආර්ථික අර්බුදවලට මුහුණ දෙයි. ජීවන වියදම ද ඉහළ ගොස් තිබේ. මෙය අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රමුඛ රජයේ ජනප්‍රියත්වය අඩුවීමට හේතුවක් වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නායකත්වය දෙන්නේ ලිබරල් පක්ෂයටය. ලිබරල් පක්ෂය ඔවුන්ට හිතවත් ස්වාධීන පක්ෂ සමඟ සන්ධානගතවී මධ්‍ය දක්ෂිණාංශික කොන්සවර්ටිව් පක්ෂ රජයක් පිහිටුවා තිබුණේ 2013 වසරේ සිටය.
පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151 සඳහාත්, සෙනෙට් මණ්ඩලයේ ආසන 76 සඳහාත් නියෝජිතයන් තෝරා ගැනීමට මහ මැතිවරණය පැවැත්වූයේ ඊයේ (21) ය. මෙය ඕස්ට්‍රේලියාවේ 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂය ආසන 72 කට වඩා දිනා ගැනීමට සමත් වූ අතර, අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට හිමි කර ගැනීමට හැකිවූයේ ආසන 51 ක් පමණි.
ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළත් ඔවුන් බහුතර බලය හිමිකර ගැනීමට නොහැකි වන්නේ නම්, ස්වාධීන පක්ෂ සමඟ එක් වී හවුල් රජයක් පිහිටුවීමට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂයේ ජය තහවුරු වෙද්දී, අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පරාජය බාර ගනිමින්, ඇන්තනි ඇල්බනීස්ට ඇමැතුමක් දී සුබ පැතූ බව වාර්තා වේ.
තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් වැඩි දුරටත් කියා සිටියේය.
අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැතිවරණයට ඉදිරිපත් වූයේ සිවුවැනි වරට අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂාවෙනි.
අමතරව, සෙසු අපේක්ෂකයන් ලෙස ‘හරිත’ පක්ෂයේ ඇඩම් බැන්ඩ්, ‘එක්සත් ඕස්ට්‍රේලියා’ පක්ෂයේ ක්‍රෙග් කෙලී සහ ‘කැටර්ස් ඕස්ට්‍රේලියා’ පක්ෂයේ බොබ් කැටර් සිටියහ.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය
Vernon Tissera Sunday, 22 May 2022 07:40 AM
ඇන්තනි ඇල්බනීසී මහත්මාගේ කම්කරු පක්ෂයේ නව රජයේ ශ්‍රී ලංකාවේ උපත් ලද තරුණ යුවතියක් කෙර්සෙන්ඩා ප්‍රනාන්දු ප්‍රථම වතාවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවට "හෝල්ට්" නමැති ආසනයෙන් පත්වෙනවා !