
කොවිඩ් 19 ඔමික්‍රෝන් විකෘතියේ, උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති ‘බී.ඒ.5’ විකෘතිය වේගයෙන් බෝ වන බිහිසුණු විකෘතියක් බවත්, ‘බී.ඒ.5’ හෘද සෛලවලට හානි සිදු කරන බවත් පෘතුගාල වෛද්‍ය පර්යේෂකයෝ කියති.
‘බී.ඒ.5’ වයිරසය සම්බන්ධයෙන්, පෘතුගාල වෛද්‍ය පර්යේෂකයන් පුළුල් පර්යේෂණ කිහිපයක් සිදු කර ඇති අතර, ඔවුන් මේ වන අනාවරණය කරගෙන ඇත්තේ ඒ අනුවය. පෘතුගාලයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 5,337,121 කි. මරණ වාර්තා වන්නේ 24,587 ක් ලෙසය. සුවය ලැබූ ගණන 4,237,853 කි.
‘කොවිඩ් 19’ වසංගතයේ සැර බාල කිරීමට, රෝහල්ගත කිරීමට සිදුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අවම කිරීමටත් ‘ඔමික්‍රෝන්’ සමත් වූ නමුත්, ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් බිහිවුණු උප විකෘති බිහිසුණු ස්වරූපයක් ගෙන තිබේ.
මේ වනවිට ලොව නන්දෙසින්‘ කොවිඩ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කර ඇත්තේ ද ‘ඔමික්‍රෝන්’ විකෘතියේ උප ප්‍රභේද හේතුවෙනි. උප ප්‍රභේද කීපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති අතර, එයින් බිහිසුණු උප ප්‍රභේදය ලෙස සැලකෙන්නේ ‘බී.ඒ.5’ ය.
රෝහල් ගත කෙරෙන ආසාදිතයන් ගණන ඉහළ යමින් පවතින්නේත්, වැඩි වැඩියෙන් මරණ වාර්තා වීමට පටන්ගෙන ඇත්තේත් ‘බී.ඒ.5’ උප විකෘතියේ බලපෑම නිසා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු අඟවා තිබේ.මේ වනවිට ලොව
සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 579,780,429 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 6,414,615 ක් ලෙසය. ‘කොවිඩ් 19’ ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 549,638,534 කි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔමික්‍රෝන් උප ප්‍රභේදය හෘද සෛලවලට හානි කරනවා
ජගත් ලියනගේ Friday, 29 July 2022 10:53 AM
ඔය වයිරස් ප්‍රභේදය 226 ඉන්න වෙලාවක් බලල එතනට යවන්න විදියක් නැත්ද?