මාරක එබෝලා වෛරසය පැතිරීම වැළැක්වීමට බටහිරි අප්‍රිකානු රටවල් දැඩි වෙහෙසකින් සියළු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. මේ අතර ලයිබීරියාව දැඩි අවධානමකට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
පසුගිය සතිඅන්තයේ දී ලයිබීරියාවේ ජනාධිපති එලන් ජොන්සන් රට වටා දේශසීමාවන්ගේ සියළු ප්‍රවේශමාර්ග වසා දැමීමට කටයුතු කැර තිබිණි. එබෝලා වෛරසය පරීක්ෂා කිරීමට පහසුකම් ඇති ස්ථාන කිහිපයක පමණක් දොරටු යළි විවෘතකැර ඇත.
මිනිසුන් ගැවසෙන පොදු ස්ථාන අවන්හල් සහ අනිකුත් විනෝදාස්වාදය සපයන ස්ථානවල වෛරසයෙන් වැළකෙන ක්‍රම විදහා දක්වන වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීමට ද ලයිබීරියා රජය කටයුතු කැර ඇත.
‘‘මෙය ජාතික ප්‍රශ්නයක්, එය අපගේ ජීවිතවලට ප්‍රහාර එල්ලකරනවා. ඉතා බැරෑරුම් ලෙස ආර්ථිකය සහ සමාජීය ජීවිතය කඩා වැටෙනවා. අපගේ සියළුම ශක්තිය ජාතියක් වශයෙන් මේ සම්බන්ධව යෙදවීම අවශ්‍යයි. “ ජනාධිපති ජොන්සන් පවසයි.
නයිජීරියාවේ විශාලතම ගුවන් සමාගම වන අරික් එයා සමාගම ලයිබිරායට ඇතුලු වෛරසය පැතිරෙන අනෙක් අප්‍රිකානු රටවලට සිය ගුවන් ගමන් ද නවතා දමා ඇත.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන දත්ත අනුව ලයිබීරියාවේ පමණක් එබෝලා වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 224කි. ඉන් 127ක් මියගොස් ඇත. බටහිර අප්‍රිකාවේ රටවල දැනට පුද්ගලයන් 660ක් මියගොස් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වෛද්‍යවරු පවසන්නේ එබෝලා වෛරසය ආසාදනය වූ පුද්ගලයකු මිය යාමේ සම්භාවිතාව සියයට 90ක් බවයි.
පසුගිය සතියේ ලයිබීරියාවේ වෛද්‍යවරයකු සහ සහන සේවකයෝ දෙදෙනකු ද මියගියහ. සහන සේවකයින් උත්සාහ දරන්නේ වෛද්‍යවරුන්ට මෙම වෛරසය පැතිරයාම වළක්වා ඔවුන් හැකිතාක් රෝගීන් වෙත යොමු කිරීමයි.
එබෝලා වෛරසය කලාපයේ අනෙක් රවටලට ද පැතිරීම වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහන සේවකයන් විශාල පිරිසක් යොදවා ඇතත් මේ දක්වාම එය පාලනය අපහසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එබෝලා වෛරසය සඳහා මෙතෙක් කිසිදු එන්නතක් හෝ වෙනත් ඖෂධයක් හෝ සොයාගෙන නැත.
රෝග වාහකයා ලෙස ක්‍රියාත්මක වන්නේ පළතුරු වවුලාය. සෙම, කෙළ, සොටු, ශුක්‍ර තරළ ආදී සිරුරේ ඇති තරළ හුවමාරුවෙන් මේ රෝගය බෝවන බව සොයාගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රුදුරු ව්‍යසනයෙන් තවත් ජීවිත බිලි නොවේවා යයි පතමු...අප්‍රිකානු වැසියන්ට සහනය ප්‍රාර්ථනා කරමු...මිය යාමේ සම්භාවිතාව 90%ක් කියන්නේ හරිම භයානක තත්වයක්.. පවු අසරණ මිනිස්සු..අප්‍රිකාව නං මොනවා හරි ලෙඩක් දාගන්නවා. (අ)
අප්‍රිකාවේ මිනිස්සුන්ට මැලේරියාව හැදෙන්නේ නැහැ කියා කතාවක් තියෙනවා (නදී)
අනේ මන්දා ඔක්කොම සෙල්ලම් පටන් ගන්නේ ඇෆ්රිකාවෙන් නේද ?(අ)
ලංකාවට අවොත් මොනවද කරන්නේ (නදී)