
සිංගප්පූරු නිල සංචාරය අවසන් කරමින්, වියට්නාමයට ගිය ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්, වියට්නාම අග්‍රාමාත්‍ය පෑම් මිං චින් හමුවී සාකච්ඡා පැවැත්වූවාය.
ආරම්භයේ දී ඉතා සාර්ථකව කොරෝනා මර්දනය කළත්, මේ වනවිට වියට්නාමය යළි දරුණු කොරෝනා රැල්ලකට මුහුණ පා සිටී. එම නව කොරෝනා රැල්ල මර්දනය කිරීමට අවශ්‍ය ප්‍රතිශන්තිකරණ එන්නත් සහ වෛද්‍ය උපකරණ සහ මූල්‍ය ආධාර ද කඩිනමින් ලබා දීමට උප ජනාධිපතිනිය පොරොන්දු වූවාය.
ඒ අනුව ඉදිරි පැය 24 ඇතුළත ඇමෙරිකාවෙන් වියට්නාමයට එන්නත් මාත්‍රා මිලියනයක් ලැබීමට නියමිතය. මේ වනවිටත් ඇමෙරිකාවෙන් වියට්නාමයට එන්නත් මිලියන 6 ක් ලැබී අවසන් යැයි ධවල මන්දිරය පවසා ඇත.
ඇමෙරිකා උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස්, ආසියානු සංචාරයකට එක් වන්නේත්, සිංගප්පූරුවේ සහ වියට්නාමයේ සංචාරය කරන්නේත් පළමු වරටය. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් කඩිමුඩියේ පිටත්වී යෑමත් සමඟ ඇමෙරිකාව කෙරෙහි ආසියානු රටවල විශ්වාසය පළුදු වී ඇති බැවින්, එම විශ්වාසය තහවුරු කිරීම මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.
ඇමෙරිකන් උප ජනාධිපතිනිය වියට්නාමයට පැමිණියේ නියෝජිත කණ්ඩායමක් ද පිරිවරා ගනිමිනි. වියට්නාම් රජයෙන් ඔවුන්ට ඉහළ පිළිගැනීමක් හිමිවිය.
කමලා හැරිස්, වියට්නාම් ජනාධිපති න්ගයින් සුවාන් පෙක් සහ වියට්නාම් උප ජනාධිපතිනී වෝ තී අල් සුවාන් හමුවී සාකච්ඡා කළේ හැනොයි නුවර වියට්නාම් ජනාධිපති මන්දිරයේදීය.
කලාපීය වශයෙන් චීනයෙන් එල්ල වන තර්ජන පිළිබඳවත්, වියට්නාම් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ සහායට තවත් අමතර ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් යෙදවීමටත් උප ජනාධිපතිනී කමලා හැරිස් සහ වියට්නාම් ජනාධිපති න්ගයින් සුවාන් පෙක් අතරේ සාකච්ඡා පැවැත්විණි.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
669
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උප ජනපතිනී කමලා හැරිස් වියට්නාමයේ