උතුරු කොරියානු පරිගණක දත්ත සොරුන් (හැකර්වරු) මිලියන ගණනක ක්‍රිප්ටෝ මුදල් සොරකම් කර, එම මුදල් උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන සඳහා යොදවා ඇති බවට තොරතුරු තමන් සතුව පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ක්‍රිප්ටෝ මුදල් යනු ඩිජිටල් මුදල් ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2020 සිට 2021 මැද භාගය දක්වා වූ කාලය තුළ ඩොලර් මිලියන 50ක පමණ ක්‍රිප්ටෝ මුදල් උතුරු කොරියානු හැකරුන් විසින් සොරකම් කරනු ලැබ ඇතැයි පැවැසෙයි.
උතුරු කොරියානු හැකර්වරුන්, උතුරු අමෙරිකාවේ, යුරෝපයේ සහ ආසියාවේ පිහිටි ක්‍රිප්ටෝ මුදල් මධ්‍යස්ථාන ඇසුරින් මෙසේ මුදල් සොරකම් කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු සපයන්න ඇත්තේ අර ඉරාකයේ න්‍යෂ්ටික හා රසායනික ඇවි ඇතැයි කියා පින්තූර සමග පෙන්නපු කට්ටයම වෙන්නැති නේද?
නිකම් බයිලා ගහන්න එපා...