ගෞරවයට,නින්දාවට,ආදරයට,වෛරයට,ප‍්‍රශංසාවට,පරිහාවට එකසේ ලක්වූ ඊශ‍්‍රායෙල ඉතිහාසයේ එදා මෙදා තුර සිටි පෙරළිකාරම අගමැතිවරයා වූ ඒරියල් ෂැරෝන් පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය.
මියයන විට ඔහු 85 වැනි වියේ පසුවිය.ආඝාතයක් නිසා පසුගිය වසර 8 මුළුල්ලේම ඔහු ජීවත් වූයේ ‘‘කෝමා‘‘ හෙවත් ජීවත් වුවත් සිහිය නොමැති තත්ත්වයක වන අතර අවසානයේ ඔහු මියගිය බව පසුගියදා ඔහුගේ පුතා නිවේදනය කළේය.
ෂැරෝන් ප‍්‍රචලිතව සිටියේ නීති නොතකන,හික්මිීමක් නොමැති මුරණ්ඩු පුද්ගලයෙකු ලෙසය.නමුත් ඔහු ඊශ‍්‍රායෙල ජනතාවගේ හද දිනාගත්තෙක් විය.විචාරකයින් පවසන්නේ හමුදා භටයෙකු ලෙස ඔහු සේවය කළ කාලයේ ඔහුගේ කි‍්‍රයාන්විතයන් ඊශ‍්‍රායෙල ජනයා ඔහු කෙරේ සදා ගෞරවයක් පෙන්වීමෙහි ලා හේතු වූ බවයි.
ෂැරෝන්ගේ ජීවිතය කොටස් 3 කට බෙදා පෙන්විය හැක.පළමු සමය ඔහු හමුදා භටයෙකු අනතුරුව ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කළ කාලයයි.දෙවැන්න ඊශ‍්‍රායෙල පාර්ලිමෙන්තුවේ මන්තී‍්‍රවරයෙකු පසුව කැබිනට් අමාත්‍යවරයෙකු අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයයි.තෙවැන්න ඊශ‍්‍රායෙලයේ අගමැතිවරයා ලෙස කටයතු කළ කාලයයි.
මෙම සමයන් 3 හිදීම ෂැරෝන් සැමගේ අවධානයට පාත‍්‍ර වීමට සමත්වූවෙක් වුනි.යුධ භටයෙක් ලෙස සේවය කළ සමයේ ඊශ‍්‍රායෙලයට පහරදුන් අරාබි සටන්කාමිීන් මැඩපැවැත්වීමට හෙතෙම ඔවුන්ගේ නිවාස පිටින් විනාශ කළ බව දැක්වේ.තම ඉහළ නිළධාරීන්ගේ අණ නොතකා ඊජිප්පතුවට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඊශ‍්‍රායෙල හමුදා භටයින් 30 දෙනෙකුට මරු කැදවී යැයි ඔහුට චෝදනා නැගුණු හෙයින් ඔහුව සේවයෙන් බලෙන් විශ‍්‍රාම යවා තිබූ කාලයක්ද පැවතුනි.
නමුත් 1973 වසරේදිී සිරියාව හා ඊජිප්තුව ඊශ‍්‍රායෙලයට එරෙහිව යුධ ප‍්‍රකාශ කළ අවස්ථාවේ ඊශ‍්‍රායෙල හමුදා භටයින් මෙහෙයවීමට සුදුසුම පුද්ගලයා ලෙස නම් කෙරුණේ ෂැරෝන්වය.වහාම ඔහුව සකී‍්‍රය සේවයට අනුයුක්ත කිරීමට බළධාරීන් කටයුතු කළ අතර ඔහු 27,000 කින් පමණ සමන්විත වූ ඊශ‍්‍රායෙල සේනාංක මනාව මෙහෙයවා ආක‍්‍රමණයන් සාර්ථකව මැඩපැවැත්වීමට සමත්විය.
පසුව ෂැරෝනට් එදවස ඊශ‍්‍රායෙල අගමැති මෙන්චම් බෙන්ගින්ගේ පාර්ලිමෙන්තුවේ කැබිනට් ධූරයක් දිනා ගැනීමට හැකිවුනි.බෙන්ගින් ඊජිප්තුව හා සාම ගිවිසුමක් අත්සන් කළ අතර ෂැරෝන් එයට දැඩි සේ විරුද්ධත්වය පෑ බව සදහන්ය.
පසුව ෂැරොන්ට ආරක්ෂක ලේකම් ධූරය පිරනමනු ලැබුණි.එදවස ලිබියාවේ බේරූට් අගනුවර ඇතැම් කොටස් වල පාලනය ඊශ‍්‍රායෙලය සතුව තිබූ අතර ෂැරෝන් කළේ මුලූ රටම ඊශ‍්‍රායෙල පාලනය අතට ගැනීමට ලෙබනනයේ කි‍්‍රයාත්මක වූ කි‍්‍රස්තියානි අන්තවාදී කණ්ඩායම් හා එක්ව කටයුතු කිරීමයි.මෙම කණ්ඩායම් වල සාමාජිකයින් යුද්ධය නිසා අවතැන්ව ලෙබනනයේ කදවුරු ඉදිකරගෙන සිටි පලස්තීන ජාතිකයින් දහස් ගණනින් ඝාතනය කිරීමේ යෙදුණු අතර මේ සියල්ල සිදුකෙරුණේ ඊශ‍්‍රායෙල පාර්ලිමෙන්තුවේ අනුදැනුමකින් තොරවය.අවසානයේ සියල්ල කරළියට පැමිණි අතර එය එදවස ඊශ‍්‍රායෙල පාර්ලිමෙන්තුව ඉක්මන් අවසානයක ඉම දක්වාම ගෙන ඒමට හේතු වූ බව විචාරකයින් කියයි.
තමන්ට එල්ලවූ චෝදනා වලින් සැලූනේ ෂැරෝන් නම් නොවේ.ඔහු දිගින් දිගටම පිරිසිදු යුදෙව් (ඊශ‍්‍රායාල) ජාතිකයින්ට මැදපෙරදිග ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටියේය.
ඊශ‍්‍රායෙලයට ඇති ලොකුම හිසරදය ලෙස ඔහු දුටුයේ පලස්තීනයයි.මෙනිසා දෙරට වෙන්කරමින් තාප්පයක් ඉදිකිරීමටත් මුල් තැන ගත්තේ ඔහුය.දෙරට වෙන්කරන බිම් තීරුව වන ගාසා තීරයේ බලෙන්ම ජනාවාස පිහිටුවා ගන්න යැයි හෙතෙම ඊශ‍්‍රායෙල ජාතිකයින්ට උපදෙස් දුනි.ෂැරෝන්ගේ දැඩි මතධාරී පියවරයන් නිසා ගාසා තීරයේ නිරතුරුවම ගැටුම් පැන නැගුණු අතර ඒවායින් මියගිය ගණන මෙතෙකැයි කිව නොහැකි තරම්ය.
කාලය ගතවීමත් සමග ඔහු නැවතත් දේශපාලන වශයෙන් ශක්තිමත් විය.නැතිවී ගිය ප‍්‍රසිද්ධිය ඔහු කෙරේ ලැබෙනු දැක ගත හැකි වුනි.
2000 වසරේදී ඔහු ඊශ‍්‍රායෙලයේ අගමැතිවරයා ලෙස තේරී පත්වුනි.මෙයට හේතුව ලෙස විචාරකයින් පෙන්වා දෙන්නේ ඊශ‍්‍රායෙලයට එල්ල වන්නට ගත් ප‍්‍රහාර වලට හොදින් පිළිතුරු දීමට සුදුසුම පුද්ගලයා ලෙස ඊශ‍්‍රායෙල ජාතිකයින් ෂැරෝන්ව දුටු බවයි.
2002 වසරේදී ඔහු දැවැන්ත හමුදා මෙහෙයුමක් ගාසා තීරයේ දියත් කළ අතර ඒ කළෙ ඊශ‍්‍රායෙලයට එල්ල වන්නට ගත් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට පිළිතුරු දීමක් ලෙසය.2004 වන විට ඔහුගේ කි‍්‍රයාකාරකම් හමුවේ ඊශ‍්‍රායෙලය යළිත් සුරක්ෂිත වී තිබෙනු දැක ගත හැකි වුනි.
ඔහු දේශපාලන වශයෙන් පරිණත බවක්ද මේ කාලයේ පෙන්වීය.ප‍්‍රථම වතාවට ගාසා තීරයේ ඊශ‍්‍රායෙල ජාතිකයින්ට අත්පත් කර ගැනීමට නොව ‘‘පදිංචි වී‘‘ සිටීමට අයිතිය ඇතැයි හෙතෙම පැවසීය.පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටිමින් තිබෙනු ඔහු දිටීය.මෙනිසා ඔහු තව දුරටත් අවියෙන් පිළිතුර නොදී ගාසා තීරයෙන් හමුදා සේනාංක ඉවත් කර ගැනීමේ යෙදුණේය.ඔහුගේ උත්සාහය වූයේ පලස්තීනය හා මධ්‍යස්ථව කටයුතු කිරීම ආරම්භ කිරීමයි.
ආඝාත තත්ත්වයක් නිසා ෂැරෝන් හට තම ධුරයේ රාජකාරි කටයුතු කිරීම ගැටලූ සහගත වන්නට ගත්තේ මේ අවදියේය.පළමු ආඝාත තත්ත්වයෙන් සුවය ලැබූ කෙණෙහිම යළිත් සේවය ආරම්භ කළ ඔහු වැඩි දිනක් යාමට මත්තෙන් යළිත් හටගත් ආඝාත තත්ත්වයක් නිසා රෝගාතුර විය.මෙවර ඔහු කෝමා තත්ත්වයකට ඇතුලූ වූ අතර ඔහුව එයින් මුදවා ගැනීමට වෛද්‍යවරුන් අපොහොසත් විය.මේ සියල්ල සිදුවූයේ 2006 වසරේදීය.
එදා සිට මියයන තෙක් ෂැරෝන් ජීවත්වූයේ ඊශ‍්‍රායෙලයේ හඩාෂ් රෝහලේ යන්ත‍්‍ර වල ආධාරයෙනි.
ඔහුගේ මරණය සම්බන්ධයෙන් රට රටවල නායකයින් බොහෝ දෙනෙකු ශෝකය ප‍්‍රකාශ කර ඇත.ෂැරෝන්ව ඔවුන් හදුන්වාදී ඇත්තේ නිර්භීත කි‍්‍රයාන්විතයෙකු ලෙසිනි.
අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව ඇතිව එළැඹෙන 13 වැනිදා සිදුකිරීමට සැළසුම් කර ඇතැයි සදහන්ය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීර්ඝ කාලයක් පන ඇද ඇද ඉඳල තමයි මරුනේ.(නදී)
සර්වබල දාරි දෙවියන්ගේ ස්වර්ගයට ළඟ වේවා . (නදී)
වෙන කාටත් වඩා අපේ ලොක්ක මේ ගැන සතුටු වෙනවා.(නදී)
මම මොකුත් නොකියමි (දී)
රාණිලාට, ශීලාලාට මැදපෙරදිග රටවල් නැත්නම් ජිවත් වෙන්න අර වැඩේ තමයි කරන්න වෙන්නේ.(නදී)
මෙය මැරුණ එක හොඳයි. ජීවත් වුන දවස්වල මිනිස්සුන්ට හොඳක් කළේ නැහැ.(නදී)
නියම නායකයෙක්.(නදී)
මොහු උපතින්ම යුදෙව් ජාතිකයෙක් නිසා ගේමක් තිබුනෙම නෙතුව ඇති.(නදී)
මැද පෙරදිගට එලව එලවා ගසපු ඔබ වීරයෙකි.(නදී)
ඔබ නැවතත් අප අතරම ඉපදී මැද පෙරදිගට නැති වෙන්න ගැසීමේ ශක්තිය නැවතත් ලැබේවා.(නදී)
සතුටුයි සතුටුයි.(නදී)
හොද නායකයෙක්.(නදී)