ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගම නිපදවූ අති දැවැන්ත මෙන්ම අති ප්‍රබල රොකට්ටුව, අත්හදා බැලීමක් වශයෙන් ගුවන්ගත කෙරුණු නමුත් එය උඩු ගුවනේ දී පුපුරා ගියේය.
ස්පේස් එක්ස් සමාගම මෙම රොකට්ටුව නම් කර තිබුණේ 'සුපර් හෙවි පූස්ටර්' යනුවෙනි. අභ්‍යවකාශ යානා ගුරුත්ව බලයෙන් මුදා ගනිමින්, අභ්‍යවකාශයට තල්ලු කිරීමේ අරමුණින් මෙම රොකට්ටුව නිර්මාණය කර තිබුණි.
ටෙක්සාස් ජනපදයේ බෝකා චීකා ගගන මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගුවනට විදීම සිදුවිය.
ප්‍රබල ඇන්ජින් 33 කින් රොකට්ටුව සමන්විත වූ අතර, උඩු ගුවන බලා යද්දී රොකට්ටුවේ එම ඇන්ජින් නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. පිපිරීම සිදුවූයේ ඉන් අනතුරුවය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉලොන් මාස්ක්ගේ ‘ස්පේස් එක්ස්‘ උඩු ගුවනේදී පුපුරයි
චිචී බේබි Friday, 21 April 2023 03:35 PM
තෙල්වල රොඩු තියෙන්න ඇති අනිවාර්යයෙන්ම... ඔය වගේ ඒවාට තෙල් ගන්න කොට විශ්වාස වන්ත ශෙඩ් එකකින් අරගෙන පෙරලා දාන්න ඕනේ... කොහේද මේ අයට කලබලේනේ. අපි යවපුවා පිපිරුවේ නෑනේ එකක්වත්....
සිරි ලංකා ගගනගාමිණී Saturday, 22 April 2023 01:26 AM
ටෙක්සාස් ජනපදයේ බෝකා චීකා ගගන මධ්‍යස්ථානයෙන් රොකට්ටුව ගුවනට විදීම සිදුවිය. මොකටද බෝකා චීකාවලින් විදින්න ගියේ... මෙහේ ගෙනත් අපිට දුන්නා නම් අපි ඕකට විදිනවා ආගිය අතක් නැතිවෙන්න.