IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල තුළ සිරවූහ. 

පිපිරීම සිදුවූයේ දකුණු ඉරානයේ කොරසාන් පළාතේ තාබාස් ප්‍රදේශයේ පිහිටි ගල් අඟුරු පතලේය. මෙම ගල් අඟුරු පතල වර්ග කිලෝ මීටර් 30,000 ක ප්‍රදේශයක් පුරා විසිරී පවතී. මෙය ඉරානයේ විශාලතම ගල් අඟුරු පතල ද වෙයි.

පිපිරීමට හේතුව මීතේන් ගෑස් කාන්දුවක් බව මේ වනවිට අනාවරණය වී ඇත. පිපිරීම හටගත් අවස්ථාවේ පතලේ 69 දෙනකු සේවය කරමින් සිටි බව කොරසාන් පළාතේ ආණ්ඩුකාර ජාවඩ් ගෙන්නාට්ස්සාද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. 

පිපිරීමෙන් පසු පතලේ කොටස් කීපයක් කඩා වැටීමකට ලක් විය. එසේ කඩා වැටෙද්දී පතල තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කළත්, සිරවුණු එම පිරිස මුදා ගැනීම දුෂ්කර බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 153 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 639 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1042 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site