ඉන්දීය ලෝක් සභාවට නියෝජිතයන් 543 දෙනකු පත් කර ගැනීම සඳහා, අදියර නවයකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ හත්වැනි අදියර අද (30) ඇරැඹිනි. ගුජරාටය ඇතුළු ප‍්‍රාන්ත 12 ක ඡන්ද විමසීම් පැවැත්විණි.
ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි අද (30) අහමදාබාද් නුවර පාසලකදී ඡන්දය ප‍්‍රකාශ කෙළේය. ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණි නරේන්ද්‍ර මෝඩිට ජනතාවගෙන් ඉහළ ප‍්‍රතිචාර ලැබුණු බව ද වාර්තා විය.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ නරේන්ද්‍ර මෝඩි තරග කරන ගුජරාට් ප‍්‍රාන්තයේ ආසන 26 භාරතීය ජනතා පක්ෂ ග‍්‍රහණයටකැර ඇති බවය.
දහවල් වනවිට ගුජරාටයේ සියයට 24ක් ද බිහාරයේ සියයට 32.48 ක්ද ඡන්දය ප‍්‍රකාශ කර තිබිණි.
මේ අතර ඡුන්දය ප‍්‍රකාශ කීරිමෙන් අනතුරුව අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි ප‍්‍රකාශ කෙළේ කොංග‍්‍රසය දැනටමත් පරාද බවත් මවු පුතු පාලනය අවසන් බවත්ය.
එම ප‍්‍රාන්ත 12න් ලෝක් සභා ආසන 89 ක් නියෝජනය වෙයි. ප‍්‍රධාන ප‍්‍රාන්ත වන ගුජරාටයේ 26 ක් ද, ආන්ද්‍රා ප‍්‍රදේශ්හි 17 ක් ද, උත්තර ප‍්‍රදේශ් 14 ක් ද එයින් නියෝජනය වන අතර අනෙකුත් ප‍්‍රාන්ත 9න් ආසන 57 නියෝජනය වෙයි. හත්වැනි අදියරේ ඡන්ද විමසීම් පැවැත්වෙන ප‍්‍රාන්ත 12 නියෝජනය කරමින් ඡන්ද දායකයන් මිලියන 139ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා .තිබිණි. ඉන්දිය මහ මැතිවරණයේ අද ආරම්භ වූ හත්වැනි අදියරේ ඡුන්ද විමසීම් පැවැත්වෙන ආසන 89යට අපේක්ෂකයෝ 1300ක් තරග වදිති.
අද ආරම්භ වන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම් අවසන් වූ පසු ඉන්දීය ලෝක් සභාවේ ආසන 438 ක ඡන්ද විමසීම් අවසන් වේ. තවත් ආසන 105 ක ඡන්ද විමසීම් අදියර දෙකක් යටතේ පැවැත්වීමට නියමිතය.
මේ අතර ඉන්දීය මැතිවරණයේදී මිලියන 100කට ආසන්න නව ඡන්ද දායකයන් පිරිසක් සුදුසුකම් ලබා සිටි බවද වාර්තා වේ.
මැතිවරණයේ අටවැනි අදියර මැයි හත්වැනිදා පැවැත්වෙන අතර නව වැනි අදියර යටතේ මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ මැයි මස 12 වැනිදාය.
ඡන්ද විමසීම් ලබන මැයි 12 වැනිදා අවසන් වන අතර ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කෙරෙණු ඇත්තේ ලබන මැයි 16 වැනිදාය. ඉන්දීය ව්‍යවස්ථාවට අනුව, මැයි 31 වැනිදා වන විට නව රජයක් පිහිටුවීමට නියමිතය.
ප‍්‍රධාන සටන පවතින්නේ පාලක කොංග‍්‍රස් පක්ෂය සහ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය අතරේය. මෙවර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර, කොංග‍්‍රස් පක්ෂයට යළි රජයක් පිහිටුවීමට හැකි වුවහොත්, දුෂණ චෝදනා හේතුවෙන් පාලක කොංග‍්‍රස් පක්ෂය දැඩි ලෙස පසුබෑමකට ලක් වී සිටී. එහෙයින් මෙවර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කිරීම ඔවුන්ට අපහසු වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල, මේ පාර දිනන්නේ බ්ජ්ප් සහ ඇඩ්ම්ක් පක්ෂ දෙකයි. ඒ දෙකම ලංකාවේ රජය සමග තරහයි. දිනුවොත් භයානයකයි.(නදී)
කවුරු පත් වුණත් අපිට මොකෝ, අපේ රටට පක්ෂපාති කෙනෙක් නොවේ නම්. (නි)
කවුරු ආවත් තමිල්නාඩුවට නොබියව ඉන්න පුළුවන් වෙයිද? (නි)
කව්රු ආවත් කමක් නැහැ අපිට වැඩ දාන්න එන්න එපා. (නදී)
කොන්ග්‍රසය එන්නම ඕනේ. ඔවුන් දිනනවා නොඅනුමානයි. (ස)