IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉන්දියාව කට්ට නැතුව එන්නත් දෙයි

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ඉන්දියාව නිපදවූ පළමු ඩී.එන්.ඒ. වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නත, බිහාර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 11 කට ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත.

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවූ පළමු ඩී.එන්.ඒ. ප්‍රතිශක්තිකරණ එන්නත මෙය වනු ඇති අතර, ‘කොවිඩ් 19’ වයිරසයේ ඩී.එන්.ඒ ජාන කේතයක් යොදා ගනිමින් මෙය නිපදවා ඇත.

ඒ අනුව, දැනට නිපදවා ඇති සෙසු ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්වලට වඩා මෙම එන්නත සාර්ථක යැයි පැවැසෙයි.

මෙම එන්නතේ ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ මෙය එන්නත් කටුවක් භාවිත නොකර සිරුරට ඇතුළත් කිරීමය.

පළමු එන්නත් මාත්‍රාවල ලබා දී දින 28 කින් දෙවැනි මාත්‍රාව ද ඉන්පසු දින 56 කින් තෙවැනි මාත්‍රාව ද ලබා දීම සිදුවෙයි.

එන්නත සම හරහා සිරුරට ඇතුළත් කිරීම සිදු කෙරෙන්නේ විශේෂ උපකරණයක් භාවිතයට ගනිමිනි. මෙය ට්‍රොපිස් යන නමින් හැඳින්වෙයි.

එන්නත් කටුවලට බියක් දක්වන සැමට සුදුසුම එන්නත වන්නේ මෙය බවත්, මෙම එන්නත ලබා දීමේදී කිසිදු ආකාරයක වේදනාවක් ඇති නොවන බවත් එන්නත නිපදවූ ගුජරාඨයේ ‘සයිඩස් කැඩිලා’ ඖෂධ සමාගම පවසයි.

‘සයිඩස් කැඩිලා’ සමාගම මෙම ඩී.එන්.ඒ. එන්නත නිපදවා එය සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගත්තේ 2020 වසරේ දෙසැම්බරයේය. පසුගිය 2021 වසරේ එන්නත සාර්ථක බව ඉන්දීය ඖෂධ පාලන අධිකාරියට දැනුම් දුන් අවස්ථාවේදී, එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කෙරුණි. ඒ අනුව, එන්නත පසුගිය සෙනසුරාදා (5) සිට බිහාර් වැසියන්ට ලබා දීම ආරම්භ විය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ඉන්දියාව කට්ට නැතුව එන්නත් දෙයි

sharm warn Monday, 07 February 2022 01:29 PM

ඒ එන්නත නම් යම්කිසි යහපතක් කරන්න ඉඩ තියෙනවා.

:       2       7

අජිත් Monday, 07 February 2022 02:44 PM

බිහාර් ප්‍රාන්තය ඉන්දියාවේ දුප්පත්ම ජනතාවක් වෙසෙන ප්‍රාන්තයක් වන අතර මෙම එන්නත අත්හදා බැලීමේ අරමුණක් විය හැකිය.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site