IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඉන්දුනීසියා ජනපතිවරණය ඇරැඹේ

ඉන්දුනීසියා ජනාධිපතිවරණය අද (14) පැවැත්වෙයි. ජනාධිපතිවරණයට අමතරව, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ද පැවැත්වෙයි. එක් දිනක් තුළ එක රටක,ජනාධිපතිවරණය,මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන අවස්ථාව මෙයයි.

මැතිවරණයට පෙර ඊයේ (13) , මීට වසර 16 කට පෙර 2008 වසරේ දී මියගිය එරට හිටපු හමුදා නායක ජනරාල් සුහර්තෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණු නෙටි වීඩියෝවක පෙනී සිටිමින් ඉන්දුනීසියානුවන්ගෙන් ඉල්ලීමක් කළේ තම බෑණා මෙන්ම ඉන්දුනීසියා වැසියන් අතරේ අතිශය ජනප්‍රිය දේශපාලනඥයකු වන ප්‍රාබෝවෝ සුබියැන්තෝට මානාපය දෙන ලෙසය.

ජනරාල් සුහර්තෝ යනු ඉන්දුනීසියාවේ දෙවැනි ජනාපධිතිවරයාය. ඔහු කුරිරු දළදඬු පාලකයෙකු ලෙස ප්‍රකටය. එසේ වුවත් සුහර්තෝ සැමවිටම සිටියේ සිනාමුසු මුහුණින්ය. මේ නිසා සුහර්තෝ, ‘සිනාවෙන ජනරාල්’ යන නමින් ද ප්‍රකට විය. 2008 වසරේ මියයද්දී, ජනරාල් සුහර්තෝ 86 වියෙහි පසුවිය.

ඊයේ (13) දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවුණු වීඩියෝවේ දකින්න ලැබුණේ සැබෑ ජනරාල් සුහර්තෝ නොව, පරිගණක ඒ.අයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ සියයට සියයක් ජනරාල් සුහර්තෝට සමාන තැනැත්තෙකි. ජනරාල් සුහර්තෝගේ සැබෑ කටහඬ යොදා ගනිමින් පරිගණකයෙන් නිර්මාණය කළ රූපයට හඬ කවා තිබුණි.

අද (14) පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනරාල් සුහර්තෝගේ බෑණා 72 හැවිරිදි ප්‍රාබෝවෝ සුබියැන්තෝ නියෝජනය කරන්නේ ‘ග්‍රෙරින්ද්‍රා’ දේශපාලන පක්ෂයයි. ප්‍රාබෝවෝ සුබියැන්තෝගේ බිරිඳ 64 හැවිරිදි සිතී හෙදියාටි ජනරාල් සුහර්තෝගේ දියණියයි.

පරිගණක ඇසුරින්, ජනරාල් සුහර්තෝ රුව නිර්මාණය කර, ජනතකාව ඇමැතීමට සලස්වමින්, ප්‍රාබෝවෝ සුබියැන්තෝ ට සහාය දෙන්නැයි පැවසුවේ, එරට ‘ගොල්කාර්’ දේශපාලන පක්ෂයයි.

‘ගොල්කාර්’ යනු ඉන්දුනීසියාවේ පැරැණිතම දේශපාලන පක්ෂයක් වන අතර, මෙවර ජනාධිපතිවරණයේ දී ඔවුන්ගේ සහාය හිමිවන්නේ අපේක්ෂක ප්‍රාබෝවෝ සුබියැන්තෝටය. පසුගිය ඉන්දුනීසියානු රජයේ ආරක්ෂක අමාත්‍ය ධුරය හෙබූවයේ ප්‍රාබෝවෝ සුබියැන්තෝ ය.



අදහස් (0)

ඉන්දුනීසියා ජනපතිවරණය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 127 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 81 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1661 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site