දකුණු දිග ප්‍රංශය හා උතුරු දිශාවෙන් ඉතාලිය එක් වන දේශ සීමාවේ ඉතාලියට අයත් වෙන්තිමිලියේ නගරයේ සිට මිලානෝ නගරය බලා යන අර්ධගාමි නගරාන්තර දුම්රියක් පසුගිය සිකුරාදා පැවැති අහයාපත් කාලගුණය සිදුකළ පරිසර වෙනසකින් එම දුම්රිය මහ මුහූදට නොවැටී ජීවිත රැසක් රැක ගැනීමට හැකි වුයේය.

එදින සුළිසුලං හා අධික වර්ෂාව නිසා හදිසියේ ඇති වූ පොළොව ගිලා බැස තිබිණි.  දුම්රිය රියදුරන් දෙදෙනාට සුළු තුවාල සිදුවිය. වෙනත් කිසිවෙකුට අනතුරක් සිදු නොවුයේය. මුහූදට කඩා වැටීමට ආසන්න මෙම දුම්රිය බේරා ගැනීමට ඉතාලි දුම්රිය බලධරයෝ විශේෂ උත්සහායක් ගනිති.