IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඈන් කුමාරියට අශ්වයකුගෙන් පා පහරක්

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

73 හැවිරිදි ඈන් කුමරිය තුවාල ලැබූ බව පැවැසෙන්නේ අශ්වයා එල්ල කළ පා පහරකින් බව ඇතැම් වාර්තා පැවැසුවත්, ඒ බව නිල වශයෙන් තහවුරු වී නැත.

ඈන් කුමරිය අශ්වයන්ට ප්‍රිය කරන්නීය. ඇය බ්‍රිතාන්‍ය රාජකීය අශ්වාරෝහක බලඇණියේ සාමාජිකාවක ද වෙයි. 1976 වසරේ කැනඩායේ මොන්ක්‍රියාල් ඔලිම්පික් උළෙලට ඇය තුරඟ තරගකාරියක සහභාගී වූවාය. ඒ, බ්‍රිතාන්‍ය අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකාවක ලෙසිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා ද ඈන් කුමරියයි.

සිය වැඩිමල් සොහොයුරු මෙන්ම, බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ ද දෙවැනි අත ලෙස හැඳින්වෙන්නේ ද ඈන් කුමරියයි.  ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍යය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී, වසර 75 ක් සපිරීම නිමිත්තෙන් මෙම වසර මුලදී බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියාය. ඒ, ඇගේ සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් (තිමොති) ලොරන්ස් ද සමඟය. 

(බීබීසී)

 



අදහස් (4)

ඈන් කුමාරියට අශ්වයකුගෙන් පා පහරක්

fairoos Tuesday, 25 June 2024 12:59 PM

ලංකාවට සංචාරය කරන අයටනම් හොඳ කාලයක් නෙමෙයි වගේ ඉක්මන් සුවය

:       2       6

Edirimanna Tuesday, 25 June 2024 01:11 PM

දැන් අවශ්වයෝ පදින්න බෑ නේ වයසත් එක්ක

:       0       7

lakvidu Tuesday, 25 June 2024 06:58 PM

මෙහෙ වගේ එහෙත් පැට්රෝල් ගනං ගිහිං විරෝදෙ පාන්නද අස්පය පිටේ ගියේ?

:       0       3

chandana Wednesday, 26 June 2024 03:50 AM

අපේ රජතුමාවත් ඒ අශ්වයා පිටේ යැව්වා නම් ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site