
ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට අඩු කුඩා දරුවන්ය.
පාසලේ දරුවන් 200 දෙනකු පමණ ඉගෙනුම ලබන බව පැවැසෙයි. වෙඩි තැබීම කළේ 28 හැවිරිදි තරුණියකි. වෙඩි තැබීමෙන් මියගිය සෙසු තිදෙනා අතරේ ගුරුවරියක සහ පාසලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් දෙදෙනකු ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වෙඩි තැබීම සිදුවී මිනිත්තු 15 ක් යද්දී පොලිසිය පාසල වට කර, වෙඩි තැබීම කළ තරුණිය කොටු කර ගත් බවත්, යටත් වීමට අකමැති වුණු ඇයට පොලිසිය වෙඩි තැබූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
තරුණිය සතුව රයිෆල් තුවක්කු දෙකක් සහ අත් තුවක්කුවක් තිබුණු බව පොලිසිය පසුව පැවැසුවේය. වෙඩි තැබීම සිදුවූයේ උදේ 10 ට පමණය. තරුණිය නෑෂ්විල් පදිංචිකාරියක බව පොලිසිය හඳුනාගෙන ඇත. ඇය වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර විමර්ශන කටයුතු දිගටම සිදුවෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ පාසලක එක ගුරුවරියක් පීඩාවට පත්වූ දරුවෙකුගේ මවකට කතාකර ප්‍රශ්නය දුරදිග ගෙනයන්න එපා කියලා හිතෙනවා බොහෝවිට ගුරුවරු ඉගැන්වීම නොකර වෘත්තීය සමිති කාරයෝ කරන වර්ජන තර්ජන සදහා මසකට දෙතුන් වරක් අසනීප කියලා සේවය පැහර හරිනවා උසස්ම අධ්‍යාපන ආයතනවල ගුරුවරු බොහෝවිට දරුවන්ගේ අධ්‍යාපනය ගැන නොසලකා සේවය පැහැර හරිනවා මෙයින් පීඩාවට පත්වන දරුවො අනාගතය අසාර්ථක වුනොත් ලංකාවෙ වුනත් ඔහොම දේවල් කරන්න ඉදිරිපත් නොවෙයි කියලා කියන්න අමාරුයි කාටවුනත් ඉවසීමේ සීමාවක් තියෙනවා
ලෝකෙ දරුවන් ට පවා අනාරක්ෂිත ම රට ඇමරිකාව බව කාලයක් තිස්සේ පැහැදිලි යි.
ඇමෙරිකානු සමාජය බොහොම අවිනිශ්තයි. කොයි මොහොතක කවුරු හරි තුවක්කුවක් ගෙනල්ල වෙඩි තියාගෙන වෙඩි තියාගෙන යන්ට පුලුවන්.
කණගාටුයි මිය ගිය අය ගැන.
මේ සිද්ධියේදී මීය ගිහින් තියන්නේ අහිංසක මිනුස්සු. මේවා අනුමත කරන්න බැහැ. හැබැයි දැන්වත් ඇමරිකානුවන් අවබෝද කලයුතුයි, ඉන්ධන තන්නාව නිසා ඔවුන්ගේ ආණ්ඩුව සහ හමුදාව ලෝකේ රටවල් කිහිපකයට බෝම්බ දාල අමු අමුවෙන් අහිංසක කුඩා දරුවන් ඇතුළු මිනුස්සු ඝාතනය කළා. ඔවුන්ව සරණාගතයන් බවට පත් කළා. එම රටවල් නැත්තටම නැති කළා. ඔවුන්ගේ අවි ආයුධ විකුනන්න කන්ධායම් ඇති කළා, බෙදා ඇති කළා. දැන් ඇමරිකානුවන්ටත් මේ ඉරණමට මුහුණ දෙන්න වෙලා. මේවාට තමයි කින්නේ, කල දේ පල දේ කියල.