IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ නත්තල් ගසක මිල අහස උසට

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම සහ ශ්‍රම බළකා හිඟය හේතුවෙන් ඇමෙරිකාවේ නත්තල් ගස් කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් මෙවර නත්තලේදී ගසක් ඇමෙරිකානු ඩොලර් 80-100 ( ශ්‍රී ලංකා රුපියල් 25,000 ක පමණ) ත් අතර මිලකට අලෙවි වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 ක මිල වැඩි වීමක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මෙයට පිළියමක් ඉක්මණින් නොයෙදුවහොත් නත්තල් ගසක මිල ඉහළ යන රටාව අනුව තව අවුරුදු කීපයක් ගතවනවිට නත්තල් තෑග්ග ලෙස නත්තල් ගස සිය දූ දරුවන්ට ලබාදීමට ඇමෙරිකානුවන්ට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇතැම් ඇමෙරිකානු පවුල්වලට ඉදිරියේදී නත්තල් ගස මිලදී ගැනීමට පවා හැකියාවක් නොමැති වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඇමෙරිකාවේ 2008 වසරේදී ඇති වූ මූල්‍ය අර්බුදය හේතුවෙන් නත්තල් ගස් කර්මාන්තයට එල්ල වූ බලපෑම යම්තාක් දුරකට මග හරවා ගනිමින් නත්තල් ගස් හිඟය අවම කරගනිමින් සිටින අවස්ථාවක නැවත වතාවක් දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන කාලගුණික අපදාවල බලපෑම හේතුවෙන් නත්තල් ගස් කර්මාන්තය නැවතත් කබලින් ලිපට වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකාවේ නත්තල් ගස් වනාන්තරවල නොවැවෙන අතර ප්‍රාන්ත 50 පුරා ඇති ගොවිපොළවල් 15,000 ක පමණ නත්තල් ගස් වවනු ලබයි. එම ගොවිපළවල්වල නත්තල් ගස් මිලියන 350 ක් පමණ වැඩේ.



අදහස් (0)

ඇමෙරිකාවේ නත්තල් ගසක මිල අහස උසට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site