මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය සදහා ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය හොර රහසේ සිදුකළ මෙහෙයුම් රහස් ලොවට හෙළි කළ ඇමරිකා ජාතික එඞ්වර්ඞ් ස්නොව්ඩෙන්ගේ නමද යෝජනා වී තිබේ.
ජාතික ආරක්ෂක ඒජන්සිය සිවිල් වැසියන්ගේ දුරකථන ඇමතුම් වලට හොර රහසේ සවන්දෙන්නේයැයිද,ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ගිණුම් හා ඔවුන් අන්තර්ජාලයේ කරනුයේ කුමක්දැයි ඔවුන්ට නොදැනෙන සේ රහසේ සොයාබලන්නේයැයිද එඞ්වර්ඞ් ස්නොව්ඩෙන් ලොවට හෙළි කළේය.
ස්නොව්ඩෙන්ගේ නම නොබෙල් සාම ත්‍යාගය සදහා යෝජනා කර ඇති නෝර්වේහි සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු සභිකයින් පවසන්නේ මේ හෙළිදරව්ව මගින් ඔහු දේශපාලකයින් හා සිවිල් ජනතාව අතර ඇති බල වෙනස තුලනය කිරීමට සමත්ව ඇති බවයි.
දේශපාලකයින් තමන්ට වුවමනා පරිදි සිවිල් ජනතාව පාලනය කිරීමට යාමේදී එය ජනතාවට හෙළි කිරීමෙන් ඔහු ලෝක සාමය ඇති කිරීමට දායක වී ඇතැයි නෝර්වේ පාර්ලිමේන්තු සභිකයින් පවසයි.
නව තාක්ෂණය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට,නව අදහස් ප‍්‍රකාශ කිරීමට දොරටු විවර කරදෙන්නේ මුත් එය අනෙක් පසින් පීඩනයට,විරෝධතා මැඞීමට,අයිතිවාසීන් උල්ලංඝණය කිරීමටත් භාවිතා වන්නේ යැයිද මෙවන් කි‍්‍රයාවන්හි යෙදී සිටි රටවල් ස්නොව්ඩෙන්ගේ හෙළිදරව්වෙන් පසු තම තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍ර වෙනස් කර ගෙන ඒවායින් වැළකී සිටීම ඇත්තෙන්ම ලෝක සාමය ඇති කිරීමක් වැනි යැයිද ඔවුන්ගේ අදහසයි.
රහස් හෙළි කිරීම නිසා ඇමරිකාවේ උදහසට ලක්ව සිටින ස්නොව්ඩෙන් දැනට රුසියාවේ තාවකාලික රැකවරණය ලබා සිටී.
පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය සදහා 259 දෙනෙකුගේ නම් යෝජනා වී තිබුණු අතර එය දිනා ගත්තේ සිරියාවේ රසායනික අවි ප‍්‍රහාරයන් වැළැක්වීම වෙනුවෙන් කටයුතු කළ සංවිධානයකි.
2014 වසරේ නොබෙල් සාම ත්‍යාගයේ හිමිකරුවා කවුරුන්දැයි එළැඹෙන ඔක්තෝබර් මාසයේදී හෙළිකෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ දේවල් හොයන්න යනවට ඇමරිකාවට ඔහොම වෙලා මදි, (දී)
රටවල් පවා දීමක් නෙමෙයි මෙයා කරලා තියෙන්නේ. පොදු මහජනයාට ද්‍රෝහීවුණ අයගේ විස්තර එළිකොට රටට සේවය කිරීමක්.(දිල්)
කරුණාකර "ඔය රටවල්" යන්න පැහැදිලි කරන්න. ලංකාවේ නිර්මාණ වලට සම්මාන දුන්න රටවල් මොනවද කියන්න. (නදී)
දිය යුතුම පුද්ගලයෙකි. නමුත් බලපෑම් නිසා ලැබෙන එකක් නැහැ. ඔහුගේ හෙළිදරව්ව ශ්‍රේෂ්ටයි. (අ)
මේ මනුස්සයා සහ විකී ලීක්ස් කාරයා එකතු වෙලා ඇමරිකාවට කරපු හානිය විශාලයි. යැංකි බොරුවට රඟපාන ලෝක පොලිස්කාරයා චරිතය නැත්තටම නැතිඋනා. (අ)
යු එස් ඒ විතර මානව හිමිකම් කඩන රටක් ලෝකේ කොහෙවත් නැහැ (දී)
කිත්සිරි, හරියටම හරි, ඒ වගේම නොබෙල් සාම ත්‍යාගය දෙන්න කියල එලියට අරන් අල්ල ගන්න හදනවා වෙන්නත් පුළුවන්. (දී)
ඔය රටවල් ගොඩක් කැමතියි තම රටවල් පාවා දෙන විදේශික අයට. මෙහේ සමහර අය සම්මාන ගන්න කරන නිර්මාණ වලට ලංකාව පාවා දෙන තේමා යොදා ගන්නේ ඒකනේ. (නදී)
කිත්සිරි, ඔබට ස්තුතියි.මම වචන සිය ගණනකින් කියන්න නිතරම දඟලන දෙය ඔබ පද පේලි දෙකෙන් කියල.මෙය තමයි සත්‍ය.(අ)
ඉතිහාසයේ ඉඳන්ම නොබෙල් තෑග්ග ලැබුනේ ඇමෙරිකාවට ගැතිකම් කල අයටය මෙය උපායක් විය හැකිය (දී)
ඇමෙරිකාව අපිට කරන දේවල් නම් අසාධාරණයි තමා. හැබැයි සමහරක් රටවල් වලට පොඩ්ඩක් දරුණු විදිහට ඉන්න එක එක පැත්තකින් හොඳයි. ඇමරිකාව නැත්තම් අද මම මෙතන නැහැ. නම සඳහන් කරන්නේ නැති එක කොටසක තියන අන්තවාදී රටවල් ටික අපි වගේ රටවල් නැති කරලා තියෙන්ඩත් ඉඩ තිබ්බා. මට නිකන් එහෙම හිතෙනවා. මොකද මම ඔය නම නොකියන රටවල් ආගම වෙනුවෙන් ඕන ජරා වැඩක් කරනවා.(නදී)
මේ තෑග්ග ලැබිය යුත්තේ දෙමල ඩයස් පොරවේ නායකයටයි,එහෙම වුනානම් ඇමෙරිකාව එයට එකග වේවි.(නදී)
සමහර වෙලාවට නොබෙල් සම්මානය ලැබෙන්නේ නොලැබිය යුතු එයට හාත්පසින් වෙනස් කටයුතු කල අයටය. මෙය පසු පසද දේශපාලනය තිබේ. මෙවර මොහුට එය ලැබුනොත් එය සාදාරනයි . මොකද ඇමරිකාව ලෝකයට පෙන්වන මුහුණ ගලවා දමා ඔවුන්ගේ සැබෑ මුහුණ ලෝකයට පෙන්වුයේ මොහු නිසා. එය ලැබිය යුතුයි මොහුට.(නදී)
කිත්සිරි ඔබ හරි.(නදී)