
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හෙට (18) ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බයිඩන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමිනි.
මේවනවිටත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඇමෙරිකන් හමුදා ප්‍රධානීහු කිහිප දෙනෙක් ද ඊශ්‍රායලයට පැමිණ සිටිති. මුස්ලිම් අරාබි රටවල් මැද පිහිටි ලොව එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද යුදෙව්වෙකි.
ඊශ්‍රායලය සහ ගාසා හාම්ස් සටන්කාමීන් අතර සටන් ඇරැඹුණේ, පසුගිය 7 වැනිදා, හමාස් සටන්කාමීන් සියයකට වැඩි පිරිසක් දේශසීමා හරහා ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් ඊශ්‍රායලයට කඩා වැදී පහරදීමත් සමඟය.
ඊශ්‍රායලයට පහර දුන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමිය යුතු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දී තිබේ.
එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට පහරදෙන මුවාවෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ පළාත් අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නේ නම්, එය ‘බරපතල වරදක්’ බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයිඩන්ට ඉතා ඉක්මණින් නිවන් සුව පතමු. මුලු ලෝකයම ගිනි ගොඩක් කරන බයිඩන් සවර්ගය...
අපිත් මඩකලපුවෙ සිංහල මිනිසුන්ගේ ඉඩකඩම් ඊශ්‍රායල් කාරයින්ට ලොකු ගාණකට ඩොලර් වලින් විකුණමු. එතකොට අපේ රටේ ලොකු ප්‍රශ්නයක් ඉවර වෙනවා.