නියමුවන් නැති ඇමරිකා ඩ්‍රෝන යානා වලට ‘කේලමා‘ යේමනය තහනම් කලාපයක් කිරීමට යේමන පාර්ලිමෙන්තුවේදී තීරණය විය.
රට වැසියන්ගේ ආරක්ෂාව හා රටේ ස්වෛරීභාවය වෙනුවෙන් පාර්ලිමෙන්තුව මේ තීරණයට එළැඹි බව එරට මාධ්‍ය පවසයි.ඇමරිකා ඩ්‍රෝන යානා වලට තවදුරටත් යේමනයේ මෙහෙයුම් සිදුකිරීමට ඉඩ දිය යුතුද නැත්ද යන්න මැයෙන් පාර්ලිමෙන්තු විවාදයක් පැවැත්වී ඇති අතර එහිදී වැඩි ඡන්දයෙන් ඇමරිකා ඩ්‍රෝන යානා වලට යේමනය තහනම් කලාපයක් කිරීමට තීරණය වී තිබේ.
මෙවැනි විවාදයක් පාර්ලිමෙන්තුවේදී පැවැත්වූයේ නොසැළකිලිමත් ඩ්‍රෝන ප්‍රහාරයන් නිසා ඉහළ යමින් ඇති සිවිල් ජීවිත හානි පිළිබඳ වාර්තාවන් මුල් කර ගෙනය.පසුගියදාක වරදවා වටහාගත් ඉලක්කයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබුණු අතර පසුව අනාවරණය වී ඇත්තේ එය මංගල උත්සවයක් පැවැත්වෙමින් තිබුණු අවස්ථාවක් බවයි.එම ප්‍රහාරයෙන් 17 දෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාළ ලබා තිබුණි.එම සතියේම පෙර දිනකදී මෙසේම වැරදීමකින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කෙරී තිබුණු අතර එහිදී සිවිල් වැසියන් සිව්දෙනෙකු මරු දැක තිබුණි.
යේමනයේ කි්‍රයාත්මක ඇමරිකා ඩ්‍රෝන යානා මෙහෙයුම් නවතා දමන්නට යැයි විරෝධතා පල වනුයේ් වසරේ මුල්භාගයේ සිටමය.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකා කේලමාට වැට බඳී
සුජිත් ගමගෙදර Wednesday, 18 December 2013 08:18 PM
එක වෙන්න පුළුවන් එත් කෝ මේ පිල්ලේලා එතකොට කෙමරෝන් ලා , බෑන් කින් මුඋන්ලා , අපි ට විතරද මේ සෙල්ලන් (අ)
බණ්ඩා Thursday, 19 December 2013 04:44 AM
අනේ කේලමා බය වෙලා පළාතේ වත් එන එකක් නැහැ පව් නේද? (නදී)
අමිල කටුනායක Thursday, 19 December 2013 07:39 PM
කේලමා කරණ වැඩ අර ගොල්ලන්ට පේන්නේ නැහැ.(නදී)
සංජීව Thursday, 19 December 2013 10:12 AM
ඒවා යුද අපරාද නෙවෙයිද? ඒවාට දඩුවම් දෙන්නේ නැද්ද ? (නදී)
ලංකා Saturday, 21 December 2013 11:22 AM
ලඟදිම යේමනයේත් වලියක් යයිද?(අ)
ශලිනි Thursday, 19 December 2013 10:44 AM
එය යුධ අපරාධයක් බව තර්ක කළ හැක. නමුත් ගැටලුව වන්නේ ඇමරිකාව ආධාර ලබා ගන්න රටක් වේ නම් එරටට එය ගැටලුවක් නොවීමයි. අවශ්‍ය නම් ලංකාවට මේවා යුධ අපරාධ නිසා ඇමරිකාවට සල්ලි දෙන්නේ නෑ කියලා කියන්න පුලුවන්. ඒත් කාටද බලපෑම? (නදී)
කුමාරණ Wednesday, 18 December 2013 05:57 PM
ඔය කේලමා ගේ හොඳ සහ නරක දෙකම තිබෙනවා. දෙපැත්ත කැපෙන දැලි පිහිය වගේ. ඒ නිසා මම නම් මේ මොන පැත්තකටවත් නැහැ.(නදී)