නියමුවන් නැති ඇමරිකා ඩ්‍රෝන යානා වලට ‘කේලමා‘ යේමනය තහනම් කලාපයක් කිරීමට යේමන පාර්ලිමෙන්තුවේදී තීරණය විය.
රට වැසියන්ගේ ආරක්ෂාව හා රටේ ස්වෛරීභාවය වෙනුවෙන් පාර්ලිමෙන්තුව මේ තීරණයට එළැඹි බව එරට මාධ්‍ය පවසයි.ඇමරිකා ඩ්‍රෝන යානා වලට තවදුරටත් යේමනයේ මෙහෙයුම් සිදුකිරීමට ඉඩ දිය යුතුද නැත්ද යන්න මැයෙන් පාර්ලිමෙන්තු විවාදයක් පැවැත්වී ඇති අතර එහිදී වැඩි ඡන්දයෙන් ඇමරිකා ඩ්‍රෝන යානා වලට යේමනය තහනම් කලාපයක් කිරීමට තීරණය වී තිබේ.
මෙවැනි විවාදයක් පාර්ලිමෙන්තුවේදී පැවැත්වූයේ නොසැළකිලිමත් ඩ්‍රෝන ප්‍රහාරයන් නිසා ඉහළ යමින් ඇති සිවිල් ජීවිත හානි පිළිබඳ වාර්තාවන් මුල් කර ගෙනය.පසුගියදාක වරදවා වටහාගත් ඉලක්කයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබුණු අතර පසුව අනාවරණය වී ඇත්තේ එය මංගල උත්සවයක් පැවැත්වෙමින් තිබුණු අවස්ථාවක් බවයි.එම ප්‍රහාරයෙන් 17 දෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාළ ලබා තිබුණි.එම සතියේම පෙර දිනකදී මෙසේම වැරදීමකින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කෙරී තිබුණු අතර එහිදී සිවිල් වැසියන් සිව්දෙනෙකු මරු දැක තිබුණි.
යේමනයේ කි්‍රයාත්මක ඇමරිකා ඩ්‍රෝන යානා මෙහෙයුම් නවතා දමන්නට යැයි විරෝධතා පල වනුයේ් වසරේ මුල්භාගයේ සිටමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක වෙන්න පුළුවන් එත් කෝ මේ පිල්ලේලා එතකොට කෙමරෝන් ලා , බෑන් කින් මුඋන්ලා , අපි ට විතරද මේ සෙල්ලන් (අ)
අනේ කේලමා බය වෙලා පළාතේ වත් එන එකක් නැහැ පව් නේද? (නදී)
කේලමා කරණ වැඩ අර ගොල්ලන්ට පේන්නේ නැහැ.(නදී)
ඒවා යුද අපරාද නෙවෙයිද? ඒවාට දඩුවම් දෙන්නේ නැද්ද ? (නදී)
ලඟදිම යේමනයේත් වලියක් යයිද?(අ)
එය යුධ අපරාධයක් බව තර්ක කළ හැක. නමුත් ගැටලුව වන්නේ ඇමරිකාව ආධාර ලබා ගන්න රටක් වේ නම් එරටට එය ගැටලුවක් නොවීමයි. අවශ්‍ය නම් ලංකාවට මේවා යුධ අපරාධ නිසා ඇමරිකාවට සල්ලි දෙන්නේ නෑ කියලා කියන්න පුලුවන්. ඒත් කාටද බලපෑම? (නදී)
ඔය කේලමා ගේ හොඳ සහ නරක දෙකම තිබෙනවා. දෙපැත්ත කැපෙන දැලි පිහිය වගේ. ඒ නිසා මම නම් මේ මොන පැත්තකටවත් නැහැ.(නදී)