IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අසැබි වදන් තහනම හැළේ

අසැබි වදන් වලින් පිරි චිත‍්‍රපට හා රූපවාහිනී වෙළද දැන්වීම්වලට පනවා තිබූ වාරණය ළිහිල් කිරීමට බි‍්‍රතාන්‍යය සැරැසේ.

පෙර මෙවන් චිත‍්‍රපට හා දැන්වීම් වයස අවුරුදු 17 ට වඩා අඩු දරුවන්ට ප‍්‍රදර්ශනය කරන්නේ නම් ඒවා සංශෝධනය කළ යුතු වු අතර වාරණයන් ඉවත් කිරීමත් සමග එවැන්නක් සිදුකිරීමට රූපවාහිනී හා චිත‍්‍රපට නිෂ්පාදක සමාගම් වලට අවශ්‍ය නොවේ.

මෙසේ වාරණයන් ඉවත් කිරීමට හේතුව ලෙස බලධාරීන් දක්වා ඇත්තේ දෙමව්පියන් තම දරුවන් අසැබි වදන් භාවිතා කිරීමෙන් වළක්වාගැනීමට දැන් කරදර වන්නේ නොමැති බවයි.

විශේෂයෙන් දරුවන් සමාජගත වන විට ඇසැබි වදන් නොදැනුවත්වම ඉගෙන ගන්නා බවත් මෙනිසා තවදුරටත් චිත‍්‍රපට හා රූපවාහිනී දැන්වීම් වලට වාරණයන් පැනවීම පදනම් විරහිත කටයුත්තක් බවත් බලධාරීනගේ මතය වී ඇත.

නමුත් දෙමව්පියන් නම් බළධාරීන්ගේ මෙම තීරණය කෙරෙහි මනාපයක් පළ කර නැත.දෙමව්පියන් පවසන්නේ ඇසැබි වදන් භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් යැයි මතයක් සමාජයේ ඇති කිරීමට ඔවුන් උත්සාහ කරමින් සිටින බවයි.

චිත‍්‍රපට හා රූපවාහිනී දැන්වීම් වලින් සීමා නොවුණු ලෝකයක ජීවත් වන වත්මන් තරුණ පරම්පරාව අන්තර්ජාලය පරිහරණයේදී,සම වයස් කණ්ඩායම් හා ගනුදෙනු කිරීමේදී,සමාජ වෙබ් අඩවි භාවිතයේදී නොයෙකුත් ශිෂ්ඨසම්පන්න නොවන චර්යා රටාවන් හා භාෂණ රටාවන්ට අනුගත වන බව දෙමව්පියන් පිළිගනී.තමන් අත දරුවන් සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇතත් රට කරවන බළධාරීන් අතද දරුවන් ගැන කැක්කුමක් තිබිය යුතුයැයි ඔවුන්ගේ මතයයි.දරුවන් යනු රටක අනාගතය භාරගැනීමට සිටින පුරවැසියන් හෙයින් ඔවුන්ව යහපත් ලෙස හැඩගැස්වීමට බළධාරීන් අතද වගකීමක් ඇති බව දෙමව්පියන් පෙන්වා දේ.

වාරණ ඉවත් කරන්නේ යැයි කියා අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට බළධාරීන් කටයුතු කර නොමැත.දැඩි අසැබි වදන් භාවිතයන් ඇති චිත‍්‍රපට හා දැන්වීම් තවමත් පෙර පරිදි වාරණය කෙරේ.මීට අමතරව බිය උද්දීපනය කිරීමේ සමත් චිත‍්‍රපටයන්ද වාරණය කිරීමට පියවර ගනිමින් තිබෙන බව සඳහන්ය.එවන් චිත‍්‍රපට වල ඇතැම් දර්ශනයන් හා කි‍්‍රයාකාරකම් දරුවන්ගේ මානසික තත්ත්වයට අයහපත් බලපෑම් ඇතිකරන්නේ යැයි සොයාගෙන තිබීම මීට හේතුවයි.



අදහස් (0)

අසැබි වදන් තහනම හැළේ

පෙරේරා Wednesday, 15 January 2014 02:11 AM

මේවායේ විපාක මේවා අනුමත කරන බලධාරින්ටම දවසක අත්විඳින්න පුළුවන් වෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site