IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලිගැට පේර කෑමෙන් තෘප්තිය වැඩිවේ

දිවා කාලයේ දී අලි ගැට පේර ආහාරයට එක්කැර ගැනීමෙන් අමතර ආහාර ගැනීමේ අවශ්‍යතාව මගහැරී යන බව පර්යේෂණයකින් තහවුරු වී ඇත. අලිගැට පේර ගෙඩියක භාගයක් කෑමෙන් ආහාරයේ තෘප්තිය වැඩිවන බවත් පර්යේෂකයෝ කියති. නැවුම් අලිගැට පේරවලින් ආහාරයට සිදුවන බලපෑම ගැන මේ පර්යේෂණයෙන් සොයා බලා ඇත.

පර්යේෂණය සදහා අධික ස්ථුලතා‍වයෙන් පසුවන නිරෝගී වැඩිහිටියන් 26ක් සහභාගී කරගෙන ඇත. අලිපේර භාගයක් කෑමට එක්කැරගත් අයගෙන් සියයට 40ක් එම ආහාරයෙන් පසු ඊළග පැය තුනේ දී කිසිදු ආහාරයක් ගැනීමට අවශ්‍ය බවක් පෙන්වා නැත. ආහාරයේ තෘප්තිමත් බව පැය තුනක් යනතුරු පවතින බව ද පෙනීගොස් ඇත.

කැලිෆෝනියා හි ලොමා ලින්ඩා විශ්වවිද්‍යාලයේ පෝෂණවේදී ආචාර්ය ජෝන් සැබටේ පවසන්නේ ආහාරයේ තෘප්තිමත් බව ස්ථුලතාව අඩුකිරීමේ වැදගත් ම සාධකයක් බවයි. ඊට හේතුව නම් ආහාරවේලක් සම්බන්ධයෙන් තෘප්තිමත් බවින් යුත් මිනිසුන් එම ආහාර වේලෙන් පසු සුළු ආහාර ගැන තැකීමක් නොකිරීමයි.

අලිපේර ආහාරයට එක්කර ගැනීම හේතුවෙන් එම පුද්ගලයන්ගේ කැලරි පුමාණය සහ පිෂ්ඨධාතු ප්‍රමාණය ඉහළ ගියත් රැධිර ගත සීනි ප්‍රමාණය ඉහළ නොගිය බව නිරික්ෂණය කර ඇත. මෙ මගින් පිලිබිඹු වන්නේ අලිපේර මගින් රැධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමක් ද යන්න ගැන සොයා බලන බව ද පර්යේෂකයෝ කියති. ආචර්ය සැබටේ මහත්මියගේ අදහස වන්නේ මෙය ධනාත්මක ප්‍රතිඵලයක් වුවත් අවසන් තීරණයක් ගැනීමට තවමත් ඉක්මන් වැඩි බවයි.

නැවුම් අලිපේර භාගයක් තුළ කැලරි 150 ක ශක්තියක් ඇති බව පැවසේ. කෙදිති සහිත අලිගැට පෙර් වඩාත් සුදුසු මේද අම්ල සහිත ආහාරයක් ද වේ.



අදහස් (0)

අලිගැට පේර කෑමෙන් තෘප්තිය වැඩිවේ

වත්සලා Saturday, 11 January 2014 12:16 PM

ගොඩක් හොද රසවත් පළතුරක් (අ)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 11 January 2014 12:32 PM

හොඳ ප්‍රවෘත්තියක් මම ආසම පලතුරක් (අ)

:       0       0

බුද්දික Sunday, 12 January 2014 06:03 AM

අලි ගැට පේර නමි හොදයි තමයි කන්න කෝ ඉතින්.(නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Saturday, 11 January 2014 02:04 PM

සීනි ප්‍රමාණය ඉහල නොයන්නේ ඒකේ තියෙන තිත්ත රස නිසා වෙන්න ඇති (පොඩි තිත්ත රසයක් තියෙනවනේ අලි පේර වල). (නදී)

:       0       0

නුවන් Wednesday, 07 September 2016 01:50 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

ලාල් Saturday, 11 January 2014 03:30 PM

මේක ගැන සොයා බලලා ලංකාවට හදුන්වා දුන්නොත් හොදයි.(නදී)

:       0       0

මධුර Monday, 13 January 2014 08:47 PM

(kedhiethi) අලිගැට පෙර යනු කුමන අලිගැට පේරද? (නදී)

:       0       0

මාරිෂ් Sunday, 12 January 2014 12:10 PM

මගේ ප්‍රියතම පළතුර(දිල්)

:       0       0

පියල් Monday, 13 January 2014 11:10 PM

මමත් අලිපේර වලට කැමතියි.(නදී)

:       0       0

අජන්තා Monday, 13 January 2014 10:08 AM

මගෙත් ප්‍රියතම පලතුර. කොලෙස්ටරෝල් තියෙන අයට හොඳද ? (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 14 January 2014 05:50 AM

අජන්ත අලිපෙරවල තියෙන්නේ ශරීරයට හිතකර මේදය.මොනවා උනත් දවසකට අවශ්‍ය වන්නේ ගෙඩි භාගයයිනේ (දී)

:       0       0

ශාන්ති Saturday, 11 January 2014 07:59 PM

මගෙත් ආසම පළතුරක්.(නදී)

:       0       0

අමිල ඩුබායි Saturday, 11 January 2014 08:52 PM

අලිගැට පේර බීම එකනම් හරිම රසවත්... මාත් හරිම ආස පළතුරක් හොද නිව්ස් එකක්...ස්තුතියි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 11 January 2014 09:45 PM

කොලොස්ටරෝල් තියෙන අයට අලිගැට පේර දිව්‍ය ඖෂධයක්.(නදී)

:       0       0

කුමාර Saturday, 11 January 2014 09:11 AM

අලිගැට පේර ගෙඩියක භාගයක් කැවත් තෘප්තිමත්.(නදී)

:       0       0

තරූ Saturday, 11 January 2014 09:27 AM

මමත් ආසයි අලිගැට පෙර්වලට.(නදී)

:       0       0

මනෝජ් Monday, 13 January 2014 04:00 PM

දැන් මිල ඉහල යාවි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site