ශ්‍රී ලංකාවේ ගම් පළාත් වල අලි මිනිස් ගැටුම් පිළිබඳව ආරංචි මේ දිනවල දිනපතාම අසන්නට ලැබෙයි. එහි අලුත්ම මෙන්ම පුළුල් ප්‍රචාරයක් ලැබුණ කනගාටු දායක සිදුවීම වුයේ හිඟුරක්ගොඩ මාධ්‍යවේදී ප්‍රියන්ත රත්නායකගේ අකල් මරණයයි.
මෙවැනි ආරංචියක් ලැබුණ හැම විටම මගේ මතකයට නැගුණ එක් දෙයක් ඇත. එනම් ශ්‍රී ලංකාවට වඩා විශාල මෙන්ම විවිධ වර්ගයේ වනසතුන් බහුලව ජිවත්වන අප්‍රිකාවේ රටවල මෙම ගැටලුව සඳහා ක්‍රියාත්මක කෙරෙන සමහර වැඩසටහන් පිළිබඳව මා ලැබූ අත්දැකීම්ය.
දකුණු අප්‍රිකාව, කෙන්යාව, සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය යන රටවලදී මේ පිළිබඳව මා ඇසූ දුටු දේ මෙහිදී මගේ මතකයට නැඟෙයි.මේ රටවල විශාල වනාන්තර ආශ්‍රිතව ජිවත්වන බොහෝ දෙනා දුප්පත් වැසියෝය. සිංහයින්, දිවියන්, චිටා, හිපපොටේමස් රයිනෝසිරස්, වල් මී හරකුන් සහ අලින් වැනි භයානක සතුන් ගහන මෙම වනාන්තර ආශ්‍රිත ගම්වල ජිවත්වන්නන් බොහෝවිට හරකුන් සහ එළුවන් ඇති කරන ගොපල්ලන් වෙති.
සමහර ජන කොටස් ගොවිතැනට වඩා සතුන් ඇති කිරීමට සහ දඩයමට හුරුවුවෝය. මෙවැන්නන් ජීවත්වන්නේ වන සතුන් බහුල වනාන්තර ආශ්‍රිතවය. කෙන්යාවේ වනාන්තර ආශ්‍රිතව පිහිටා ඇති ගම් බොහෝ ගණනක් වටා විදුලි වැට ඉදිකර ඇති බව අපි දුටුවෙමු. දකුණූ අප්‍රිකාවේ ගමන් කළ සියලුම ප්‍රධාන මාර්ග දෙපස වන සතුන් පාරට පැමිණීම වළක්වන සවිමත් විදුලි වැටවල් ඉදිකර ඇත. මේ විදුලි වැටවල් අඩි 6ක් පමණ උසවෙයි. විදුලිය ක්‍රියාත්මක වන්නේ සතෙකු කම්බි වැටෙහි ඇති කම්බි සමඟ ගැටුන විට පමණක් බව දැන ගන්නට ලැබුණි. බොහෝ තැන්වල මෙම වැටවල් සඳහා විදුලි බලය සපයන්නේ හිරු එළියෙන් ක්‍රියාත්මක වන ක්‍රමවේදයකිනි.
ප්‍රධාන මංමාවත් දෙපස ඇති මෙවන් විදිලිවැට දෙපස වැවෙන තණකොළ මෙන්ම වෙනත් පැළැටි සහ මදුවැල් ආදිය නිරන්තරයෙන් ඉවත්කරනු දුටුවෙමු. වැට දෙපසම අඩි තුනක් පමණ මෙලෙස පිරිසිදු කරනු ලබයි. තණකොළ කැපීම සඳහා භාවිත කරන කුඩා ට්‍රැක්ටර් වැනි වාහනයක් මේ සඳහා භාවිත කරනු දක්නට තිබුණි. මඟ දෙපසම ඝන වනාන්තරයයි. වන සතුන් හට මහපාර පසුකර එහා මෙහා යාම සඳහා තැනින් තැන පාලම් ඉදිකර ඇත. සෑහෙන පළලකින් යුතුව මහපාරට උඩින් සවි ශක්තිමත්ව ඉදිකර ඇති මෙම පාලම් සියල්ලගේම තණකොළ සහ ඒ අවට දක්නට ඇති පැළෑටි වර්ග වවා ඇත. පාලම මතින් පාර හරහා යන වන සතුන් මේ යන්නේ පාලමක් මතින් යැයි නොහැඟෙන අන්දමට එම පාලම් ඉදිකර තිබීම විශේෂත්වයකි.
වන සතුන්ට මුළු වනයම තමන්ගේ භුමිය බවත් ඒ මැදින් ඉදිකර ඇති මහපාරක් පිළිබඳ අවබෝධයක් සතුන්ට නැති බවත් අපගේ මඟ පෙන්වන්නා කිවේය. පාරක් අසලට පැමිණෙන සතෙකුට වැටක් හමුවන විට එම සතා අතරමං වන ස්වභාවයකට පත්වන බවත් එවන් තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පාලම් ඉදිකර ඇති බවත් මම දැනගන්නට ලැබුණි. වනෝද්‍යානවල ඇති වැලි පාරවලට පවා පැමිණෙන සතුන් ඒවා හරහා යන්නට පෙර ඉව කිරීම සැමවිටම දැකිය හැකි කරුණකි. ඔවුනට එම වැලි පාර සමහරවිට සිඳීගිය ගංගාවක් හෝ දියපාරක් ලෙසින් සිතෙනු ඇති බව අපට කිවේද අප සමඟ ගමන් කළ මඟ පෙන්වන්නාය. ගම් වටා ඉදිකර ඇති විදුලි වැට වටා ගමන්කර සතුන් අනිත් පැත්තට මාරු වෙති.
කෙන්යාවේ "මසයිමාරා" වනෝද්‍යානයේ අප නැවතී සිටියේ ප්‍රධාන මාර්ගයෙන් කිලෝ මීටර් 40 ක් පමණ ඇතින් පිහිටි ඝන වනාන්තරයේ මාරා ගඟ අසබඩ ඉදිකර ඇති නැවතුම් පලකය. මෙහි සියලු සැප පහසුකම් වලින් යුතු කුඩාරම් 40 කි. ආපන ශාලා, පිහිනුම් තටාක ආදියෙන්ද යුක්තය. ඒ සියල්ල වන සතුන්ගෙන් ආරක්ෂා කර ඇත්තේ සුර්ය තාපයෙන් ක්‍රියා කරන විදුලි වැටකිනි. වැට සහ කුඩාරම අතර ඇත්තේ අඩි10යක පමණ දුරකි. දහවල් කාලටය විවිධ වර්ගයේ වන සතුන් විදුලි වැට අසලින් ගමන් කරනු දක්නට හැකිවෙයි. මාරා ගංගාවේ දිය බිමට වන සතුන් පැමිණෙති. කිසි දිනක මේ නිවාඩු පොලේ කිසිවෙකුට වන සතුන්ගෙන් කරදරයක් සිදුවී නැති බව අප ඇසුවෙමු. එහි ඇති විදුලි වැට නිසි ආකාරයට නඩත්තු කෙරේ. ඒ නිසා කිසිදිනක වන සතුන්ගෙන් හිරිහැරයක් කිසේවෙකුට ඇති නොවෙයි.
මෙවැනිම අත්දැකීම් රැසක්ම දකුණු අප්‍රිකාවේ, ස්වාසිලන්තයේ සහ සිම්බාබ්වේ රටවල වනෝද්‍යාන කිහිපයකදීම අපට ලබා ගත හැකිවිය.
කෙන්යාවේ සමහර තැන්වල සුළු භෝග ගොවිතැන් කර ජිවත්වන ගැමියන් ඔවුන්ගේ වගාවන් අලියන්ගෙන් බේරා ගැනීමට යොදා ගන්නා ක්‍රමවේදයක් පිළිබඳව අපට දැනගන්නට ලැබිණි. එක් රාජ්‍ය නොවන සංවිධානයක මෙහෙයවීමෙන් ගම වටා අඩි 6 පමණ උසින් ශක්තිමත් ලණු වැටක් ඉදිකරීමට කටයුතු කරනු අප දුටුවෙමු. එම ලණූවෙහි මෝටර් වාහනවල පාවිච්චි කර ඉවතලන පරණ තෙල් සමඟ මිරිස් කුඩු සහ කුඩුකරගත් දුම්කොළ මිශ්‍රණයක් තැවරීමෙන් අලින් පලවා හැරිය හැකි බව ඔවුන් පැවසුහ. එම මිශ්‍රණයෙන් විහිදුවන ගඳ අලියන්ට ප්‍රිය මනාප නොවන බැවින් එම සතුන් ඉවත්වන බව ඔවුන් විශ්වාස කළහ.
මෙම ක්‍රමයම ඉන්දියාවේදී අත්හදා බැලු අවස්තාවක් පිළිබඳව මම කියවා ඇත්තෙමි. එහිදී සමහර අලින් එම ලණු කඩා දමා ගිය බවක් වාර්තාවී තිබුණි.
අප්‍රිකාවේ විවිධ තැන්වල සතුන්ගෙන් මෙන්ම හොර සතුරන්ගෙන් බෙරිමටද විදුලි වැට ඉදි කර තිබෙනු අප දුටුවෙමු. මේවා විවිධ ප්‍රමාණයේ විවිධ මෝස්තරයේ වැටවල් වෙති. ඒවා සවිකිරීම සහ නඩත්තු කිරීම විශාල ව්‍යාපාරයකි. ඒ සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය නිපදවන දැවැන්ත සමාගම්ද ඇත. නගරබද පමණක් නොව ගම්බදවද විදුලිවැට සවිකිරීමත් ඒවා හරියාකාරව නඩත්තු කිරීමත් මෙම සමාගම් කරදෙනු ලබයි. එම ක්‍රියාවලිය පෞද්ගලිකරණය වී තිබීම හේතුවෙන් එය නිසියාකාරව ක්‍රියාත්මකවනු පෙනෙන්නට තිබුණි.
2025 නොවැම්බර් මස 04
499
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2240
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1676
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලි වැටයි අලි මිනිස් ගැටුමයි
සුජීව ප්‍රංශය Sunday, 13 September 2015 05:10 PM
කොහොමහරි ලංකාවේ අහිංසක මිනිසුන්ට මොන රජයකින් හරි විසඳුමක් ලබාදෙනවා නම් පින්සිද්ධ වෙනවා (නි)
ලක්සිත පැරිස් Sunday, 13 September 2015 09:19 AM
රූපවතී, ඔයා ඉන්න රට මොනවද මේ වගේ ප්‍රශ්න වලට කරන්නේ? (නි)
පුජිත Sunday, 13 September 2015 09:52 AM
ලක්සිත-පැරිස් ඔයාට කන්නාඩිය මාරුවෙලාද? (නදී)