IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අප්‍රිකාවට ඇස්ට්‍රාසෙනකා දෙවැනි මාත්‍රා මිලියන 20 ක් ඕනෑ

අප්‍රිකා රටවල වැසියන්ට, සති 6 ක් ඇතුළත, 'ඇස්ටාසෙනකා' එන්නතේ දෙවැනි මාත්‍රා මිලියන 20 ක් අවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

අප්‍රිකාවේ දිළිඳු රටවල් බොහොමයකට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලැබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහා නොමිලේය.

එම රටවල් ලැබුණු එන්නත් මාත්‍රා සියල්ල පළමු මාත්‍රාව ලෙස ලබා දීම කළේ, දෙවැනි මාත්‍රාවට එන්නත් ලැබෙනු ඇතැයි විශ්වාසයෙනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකා රටවලට ලබා දුන්නේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නතය. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' ඉන්දියාවේ නිපදවන්නේ මෙම 'කොවිෂීල්ඩ්' නාමය යටතේය.

ඉන්දියාව මේ වනවිට එරට නිපදවන එන්නත් අපනයනය නවතා ඇත්තේ ඉන්දියානුවන්ට ප්‍රමුඛතාවක් ලබා දිය යුතු බැවිනි.

දෙවැනි මාත්‍රාව සඳහා 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් ගැටලුවක් වී ඇත්තේ මේ නිසාය.

මේ වනවිට රුධිර කැටි ගැසීම හේතුවෙන් යුරෝපා රටවල් පමණක් නොව ඇමෙරිකාව ද එම රටවල නිපදවන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් එම රටවල ජනතාවට ලබා දෙන්නේ නැත.

එසේ ඉතිරි වී ඇති එන්නත් එන්නත් පරිත්‍යාග වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබීමට නියමිත බවත්, ඒවා කඩිනමින් අප්‍රිකා රටවලට බෙදා දීමට කටයුතු කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකා කලාපය බාරව කටයුතු කරන වෛද්‍ය මට්ෂිඩිසෝ මොයේටි මාධ්‍ය හමුවේ පවසා ඇත.

ජොහැන්නස්බර්ග්හිදීය (රොයිටර්)



අදහස් (0)

අප්‍රිකාවට ඇස්ට්‍රාසෙනකා දෙවැනි මාත්‍රා මිලියන 20 ක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site