ගුරුවරියගේ උපදෙස් මත තම මිතුරන්ගේ පහර කෑමට ලක්ව අවසානයේ ඇස් සැත්කමකට පවා භාජනය වීමට සිදුව ඇති දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු ගැන චීනයෙන් වාර්තා වේ.
මෙම දරුවා ගෙදර වැඩ කරගෙන නොපැමිණීම නිසා ගුරුවරියගේ උදහසට ලක්ව ඇති බව සැළය.එයට දඩුවමක් ලෙස ඇය පන්තියේ සිටි අනෙක් ළමයින් කියා ඇත්තේ මේ දරුවාට කම්මුල් පහර බැගින් ගසන ලෙසයි.
ඒ මදිවාට හොඳින්ම ශබ්ද නැගෙන සේ කම්මුල් පහර එල්ල කරන්නාට ත්‍යාගයක් ලබා දෙන බවද ඇය පවසා ඇතැයි සදහන්ය.
පහරවල් 40 කට පමණ මුහුණ දුන්නායින් පසු මේ දරුවාගේ දකුණු ඇසේ පෙනීම අවම වී ගොස් තිබේ.දැන් ඔහු සිටින්නේ රෝහල් ගතවය.
ඔහුගේ මව පවසන ආකාරයට වෛද්‍යවරුන්ටත් ඇසේ පෙනීම නැවත යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇතැයි විශ්වාසයක් නොමැත.
යුවාන් 30000 ක (රුපියල් 642155) පරිත්‍යාගයක් පාසල තමන්ට ලබා දුන් බවත් ඒ මුදල් සියල්ල මේ වන විට තම දරුවාගේ සැත්කම වෙනුවෙන් වියදම් කර අවසාන බවත් ඇය කියන්නීය.
2025 නොවැම්බර් මස 04
89
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපූරු ගුරුවරියක්
චමින්ද Friday, 10 January 2014 09:24 AM
ගුරු යන පදයේ අර්ථය ආයෙමත් ගුරු සංහතියටම උගන් වන්න වෙලා තියෙනවා. මේක චීනෙට නෙවේ අපිටත් පොදුයි.(නදී)
පෙරේරා Friday, 10 January 2014 02:26 AM
ලංකාවේ නම් ළමයාගේ පියා ඇවිත් ගුරුවරියව දණගස්සනවා.(දිල්)
කුමාරි Thursday, 09 January 2014 06:06 PM
ලෝකේ වැඩි හරියක් ඉන්නේ මන්ද මානසික ගුරුවරු වගේ. මේ ගුරුතුමී තාමත් උගන්නනවද දන්නේ නැහැ.(නදී)
ඉෂාන් Sunday, 12 January 2014 11:42 AM
මෙවෙනි අයට කස පහර 40 බැගින් නියම කල යුතුය (දී)
පිනා Thursday, 09 January 2014 12:32 PM
ඇමෙරිකාවේ එහෙම උනත් චීනේ නම් එහෙම වෙන්නෙ නැ. එතකොට ලංකාවේ කොහොමද(දිල්)
ශාන්ති Friday, 10 January 2014 01:32 PM
නිමානී ඔයා වාසනාවන් කීවේ මොකටද ? (දිල්)
නිමානි Thursday, 09 January 2014 02:40 PM
අනේ වාසනාවන් (දී)
ලංකාසිරි Thursday, 09 January 2014 02:50 PM
මේවා මහපොළොව නුහුලන සහගහන අපරාධ. පව් පුංචි දරුවා සුවපත්වේවා(දී)