ගුරුවරියගේ උපදෙස් මත තම මිතුරන්ගේ පහර කෑමට ලක්ව අවසානයේ ඇස් සැත්කමකට පවා භාජනය වීමට සිදුව ඇති දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු ගැන චීනයෙන් වාර්තා වේ.

මෙම දරුවා ගෙදර වැඩ කරගෙන නොපැමිණීම නිසා ගුරුවරියගේ උදහසට ලක්ව ඇති බව සැළය.එයට දඩුවමක් ලෙස ඇය පන්තියේ සිටි අනෙක් ළමයින් කියා ඇත්තේ මේ දරුවාට කම්මුල් පහර බැගින් ගසන ලෙසයි.

ඒ මදිවාට හොඳින්ම ශබ්ද නැගෙන සේ කම්මුල් පහර එල්ල කරන්නාට ත්‍යාගයක් ලබා දෙන බවද ඇය පවසා ඇතැයි සදහන්ය.

පහරවල් 40 කට පමණ මුහුණ දුන්නායින් පසු මේ දරුවාගේ දකුණු ඇසේ පෙනීම අවම වී ගොස් තිබේ.දැන් ඔහු සිටින්නේ රෝහල් ගතවය.

ඔහුගේ මව පවසන ආකාරයට වෛද්‍යවරුන්ටත් ඇසේ පෙනීම නැවත යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇතැයි විශ්වාසයක් නොමැත.

 යුවාන් 30000 ක (රුපියල් 642155) පරිත්‍යාගයක් පාසල තමන්ට ලබා දුන් බවත් ඒ මුදල් සියල්ල මේ වන විට තම දරුවාගේ සැත්කම වෙනුවෙන් වියදම් කර අවසාන බවත් ඇය කියන්නීය.