වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් බේරී, ගමන් මඟ හිටිහැටියේ වෙනස් කරමින්, මගීන් ද සමඟ බහාමාස් රාජ්‍යය බලා පාල ගිය ඇමෙරිකානු සුඛෝපබෝගී නෞකාවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘ක්‍රිස්ටල් සිම්පනි’ නමැති මෙම නෞකාව, සති දෙකක සවාරියක් අවසන් කර, පසුගිය සති අන්තයේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මියාමි බලා යාත්‍රා කරමින් තිබුණි.
කෙසේ නමුත් ඩොලර් මිලියන 4.6 නොගෙවූ ඉන්ධන බිලක් තිබීම හේතුවෙන් ඇමෙරිකා ෆෙඩරල් විනිසුරුවරයෙකු ‘ක්‍රිස්ටල් කෲසස්’ සමාගමේ ‘ක්‍රිස්ටල් සිම්පනි’ නමැති එම නෞකාව වහා අත්අඩංගුවට ගන්නැයි වෙරළාරක්ෂක නිලධාරීන්ට නියෝග කර තිබේ. ‘ක්‍රිස්ටල් සිම්පනි’ නෞකාව ෆ්ලොරීඩා බලා යාත්‍රා නොකර, බහාමාස් දූපත් බලා යාත්‍රා කර ඇත්තේ ඒ නිසාය.
‘ක්‍රිස්ටල් සිම්පනි’ නෞකාව අයත් ‘ක්‍රිස්ටල් කෲසස්’ සමාගමට එරෙහිව නඩු ගොනු කර ඇත්තේ ‘පෙනින්සියුලා පෙට්රෝලියම්’ නමැති සමාගමය. නඩු තීන්දුව ලබා දෙද්දී, නෞකාවේ මගීන් 400 කට ආසන්න පිරිසක් සිටි බව ද පැවැසෙයි.
බහාමාස් දූපත් වෙත යෑමෙන් පසු නෞකාවේ සිටි මගීන් සියලු දෙනා ෆ්ලොරීඩාවේ ලොර්ඩේල් වරාය වෙත රැගෙන ඒම සිදු කළේ වෙනත් මගී යාත්‍රා යොදා ගනිමිනි.
(විමුක්ති එස්. රුද්‍රිගු - අල් ජසීරා)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අත්අඩංගුවෙන් බේරෙන්න සැප නැවක් ගමන වෙනස් කරලා