එවරස්ට් කදු මුදුන තරණය කළ ලොව වයස්ගතම පුද්ගලයා වීමේ වාර්තාව හිමිකර ගැනීමට අසූ වියැති ජපාන ජාතිකයෙක් පසුගියදා සමත් විය.
අඩි 29,035 ක් උස එවරස්ට් කදු මුදුන තරණය කර මිීට පෙර මේ වාර්තාව සතුකර ගෙන සිටියේ 76 වියැති නේපාල ජාතිකයෙකි.
යුචිරෝ මියුරා නම් වන මේ ජපාන ජාතිකයා මිීට පෙර අවස්ථා 2 කදීම එවරස්ට් කදු මුදුන තරණය කර ඇත. එවකදී ඔහුගේ වයස අවුරුදු 75 ක් විය.එවරස්ට් කදු මුදුන තරණය කළ වයස්ගතම පුද්ගලයා වීමේ වාර්තාව හිමිකරගැනීමේ වාසනාව අතපොවන මානයේ පැවැතියද එය මියුරාට අහිමි වූයේ පෙර කී නේපාල ජාතිකයා මියුරාට දිනකට පෙර එවරස්ට් කන්ද තරණය කර තිබීම නිසාවෙනි.
උත්සාහය අතනොහැරි මියුරා කල්යල් බලා නැවත උත්සාහ කර අවසානයේ වාර්තාව තමන් අතට හිමිකර ගැනීමට සමත්ව තිබේ. ‘මම කොහොමහරි ඒක කළා.වයස අවුරුදු අසූවක් වුනත් මට තාම වැඩ පුලූවන් බව මම පෙන්නුවා‘ යැයි ඔහු පවසයි.
මියුරාගේ මේ වාරතාව වැඩිකල් පවතිීද යන්නනම් සැක සහිතය.ඒ මේ ගැන දැනගත් විගස අසූඑක්හැවිරිදි නේපාල ජාතිකයෙක් එළැඹෙන සතියේ තමන් එවරස්ට් කදු මුදුන තරණය කරණ බව නිවේදනය කර ඇති හෙයිනි.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2023
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
80 දී එවරස්ට් නගී