IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


6 හැවිරිදි දැරියකගෙන් මෝදිට පැමිණිල්ලක්

කොරෝනා ව්‍යාප්තියත් සමඟ පාසල් වැසී යෑමත් සමඟ ඔන්ලයින් 'සූම්' තාක්ෂණය ඔස්සේ ‍ලබාදෙන අධ්‍යාපනය තමන්ට පමණක් නොව තමන්ගේ වයසේ අනෙකුත් දරු දැරියන්ට පවා දරා ගැනීමට නොහැකි තරම් බර වැඩි යැයි පෙන්වා දෙමින්, ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ 6 හැවිරිදි දැරියක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට වීඩියෝ පණිවුඩයක් යොමු කර තිබේ.

වීඩියෝ පණිවුඩය අග්‍රාමාත්‍ය මෝදිට යොමු කිරීම සිදුවූයේ ජම්මු කාශ්මීර ආණ්ඩුකාර මනෝජ් සිංහා හරහාය. මේ වනවිට ඉන්දීය මාධ්‍ය හරහා එය ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

"ආයුබෝවන්, මෝදි සර්! මා පුංචි ගෑනු ළමයෙක්. වයස අවුරුදු හයයි. සූම් ඉගැන්වීම් ගැන මා යමක් පැහැදිලි කරන්න ඕනෑ. අපට ඉංග්‍රීසි, ගණිතය, උර්දු, පරිසර විද්‍යාව, පරිගණක තාක්ෂණය කියන මේ සේරම සූම් වීඩියෝවලින් උගන්වනවා. ඒක හොඳයි. ඒත් මේ පාඩම් පුංචි අපට බර වැඩියි. ඉහළ පංතිවල අයියලා අක්කලාට නම් ඒවා තේරෙනවා. ගෙදර වැඩත් ගොඩක් කරන්න ලැබෙනවා. ඒවා ඉවර කරගන්නවත් අපට බෑ. ගුරුවරුන් හුඟක් ගෙදර වැඩ දෙනවා. එක දිගට පැය ගණනක් වාඩි වෙලා ඉන්නත් අමාරුයි.'' යැයි දැරිය වීඩියෝ පණිවුඩය හරහා පැහැදිලි කරයි.

දැරිය අධ්‍යාපනය ලබන පාසල විසින් සූම් තාක්ෂණය ඔස්සේ දිනපතා උදේ 10 සිට 2 තෙක් ඉගැන්වීම් සිදු කරයි. දැරිය පෙන්වා දෙන ආකාරයට නිර්දේශිත විෂය නිර්දේශය පොඩි දරුවන්ට සංකීර්ණ වැඩිය.

දැරිය, අග්‍රාමාත්‍ය මෝදිගෙන් ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් මැදිහත් වී සොයා බැලිමක් කරන ලෙසය.

දැරියගේ මෙම වීඩියෝව නැරැඹූ මාපියන් පමණක් නොව, ගුරුවරුන් ද අදහස් දක්වමින් මාධ්‍ය හරහා පවසා ඇත්තේ පොඩි දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් නව විෂය නිර්දේශ සැකැසිය යුතු බවත්, දැනට පවතින්නේ යල් පැන ගිය විෂය නිර්දේශ බවත්ය. ඉන්දීය අධ්‍යාපන කටයුතු අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් ජම්මු කාශ්මීර අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.

නවදිල්ලියේදීය (හින්දුස්ථානී ටයිම්ස්)



අදහස් (0)

6 හැවිරිදි දැරියකගෙන් මෝදිට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site