2047 වසර වනවිට ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ අභියෝගය තමන් බාරගෙන ඇතැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 75 වැනි නිදහස් දින සැමරුම අමතමින් කියා සිටියේය.
75 වැනි නිදහස් දිනය වෙනුවෙන් ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වූයේ නවදිල්ලි අගනුවර රතු බළකොටුව කේන්ද්‍රකොට ගනිමිනි. ඉන්දියාවේ හමුදා ශක්තිය විදහා පාමින්, සුපුරුදු පරිදි හමුදා පෙළපාළියක් ද පැවැත්විණි.
අග්‍රාමාත්‍ය මෝදි ඉන්දියාව, සංවර්ධිත රටක් බවට පත් කිරීමට ප්‍රතිඥා දුන්නේ සැමරුම් උත්සවය ඇමැතූ අවස්ථාවේදීය. 75 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව, සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ද ආරම්භ කෙරුණි.
නිදහස් දින සැමරුම් උත්සවය නවදිල්ලිගේ රතු බළකොටුව ආශ්‍රිතව පැවැත්වෙද්දී, ඊට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි. අමතර ආරක්ෂක අංශ සාමාජිකයෝ 10,000 ක පිරිසක් ඊට අයත් වූහ.
ඉන්දියාවේ නව ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ඇතුළු මැති ඇමැතිවරුන් ද සම්භාවනීය අමුත්තෝ ද නිදහස් දින සැමරුමට සහභාගී වූහ.
(එන්.ඩී.ටීවී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
2047 වනවිට ඉන්දියාව සංවර්ධිත රටක්