IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


1986 දී ඇමෙරිකන් ගුවන් ප‍්‍රහාරයකින් මියගියැයි කී ගඩාෆි දියණිය ජීවතුන් අතර

ඇමෙරිකාව 1986 වසරේ දී ලිබියාවේ ටි‍්‍රපොලි නුවර ගඩාෆි මන්දිරයට බෝම්බ හෙලූ අවස්ථාවේදී මියගියැයි කී ගඩාෆි දියණිය හැනා තවමත් ජීවතුන් අතර සිටින බවට ප‍්‍රබල සාක්ෂි හමුවී ඇතැයි කැරැලිකරුවෝ පවසති. හැනා යනු ලිබියා නායක කර්නල් ගඩාෆි හදා ගත් දියණියයි. 1986 වසරේදී ජර්මනියේ බර්ලීන් නුවර රාතී‍්‍ර සමාජ ශාලාවකදී ගඩාෆි ඒජන්තවරු ඇමෙරිකන් නියෝජිතයන් දෙදෙනකු ඝාතනය කළහ. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව ටි‍්‍රපොලි අගනුවර ගඩාෆිගේ බාබ් අල් අසීසියා මන්දිරයට ගුවනින්  බෝම්බ හෙලීය. අවුරුදු දෙකක් වයසැති හැනා එම බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය බව ගඩාෆි එදා පැවැසීය. ඔහු හැනාගේ මළ සිරුරේ ඡුායාරූප පවා විදෙස් මාධ්‍යවේදීන්ට පෙන්වා ඇත. ගඩාෆි විසින් හදා ගනු ලැබූ දියණියක් සිටින බව ජාත්‍යන්තරය දැනගත්තේ එම අවස්ථාවේදීය. 1988 දී ලිබියා නායක ගඩාෆි, ස්කොට්ලන්තයේ ලොකර්බි පළාතට ඉහළ අහසේදී පෑන් ඇමෙරිකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක බෝම්බ අටවා එය පුපුරුවා හැරියේ හැනාගේ මරණයේ පළිගැනීමට යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. මීට දින කිහිපයකට පෙර කැරලිකරුවන් ගඩාෆිගේ වසර හතළිස් දෙකක පාලනය පෙරළා දමා ටි‍්‍රපොලි නුවරට කඩා වැදී ගඩාෆිගේ බාබ් අල් අසීසියා මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එහි එක් කාමරයක තිබී ‘හැනා’ යනුවෙන් සඳහන් කළ යුවතියකගේ ජායාරූප සහ උප්පැන්න සහතිකයක් ද හමුවිය. 1986 වසරේ ඇමෙරිකාව එල්ල කළ ප‍්‍රහාරයෙන් හැනා මිය නොගිය බවත් කැරැලිකරුවන් ටි‍්‍රපොලි නුවර අත්පත් කර ගන්නා තෙක්ම ඇය ටි‍්‍රපොලි මහ රෝහලේ ශෛල්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කළ බවත් අනාවරණය කර ගැනීමට ගැනීමට හැකිවූ බව කැරැලිකරුවෝ පවසති. මේ වනවිට හැනා ද ගඩාෆි මෙන් අතුරුදන්ව ඇති බවත් ගඩාෆිගේ බිරිය සෆියා, දියණිය අයීෂා, මොහෙමඞ් සහ හැනිබල් යන පුතුන් දෙදෙනා සමඟ හැනා ද ඇල්ජීරියාවට පලා ගොස් ඇතැයි ලිබියා කැරැලිකරුවෝ අනුමාන කරති.



අදහස් (0)

1986 දී ඇමෙරිකන් ගුවන් ප‍්‍රහාරයකින් මියගියැයි කී ගඩාෆි දියණිය ජීවතුන් අතර

චානක සංගීත් Monday, 05 September 2011 02:01 PM

අනේ හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 694 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 872 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 371 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site