IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පොත බාර නොදුන් තරුණයා සිර ගෙට

පුස්තකාලයෙන් ලබා ගත් පොතක් යළි භාරදීමට අතපසු කිරීම නිසාවෙන් සිරගෙදරට නියම වී සිටින තරුණයෙකු ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙනි.

ජෝරි එන්ක් නම් වන මේ තරුණයා තම අධ්‍යන කටයුතු වලට 2010 වසරේදී ප්‍රදේශයේ පුස්තකාලයෙන් ලබා ගෙන ඇති පොතක් යළි භාරදීම අතපසු කිරීම නිසාවෙන් මෙසේ සිරගෙදරට නියම වී සිටී.

පුස්තකාලයට පොතක් භාරදීමට අතපසු වීම යනු සිරගෙදරට යැවීමට තරම් වරදක් යැයි සිතීම විහිලූවක් වැනි වුවත් එසේ පොත් ආපසු භාරදීමට අපොහොසත්වන්නවුන් නිසාවෙන් ප්‍රදේශයේ පුස්තකාලවලට අධික වියදමක් දරා යළිත් නව පොත් මිලයට ගැනීමට සිදුවී ඇති තත්ත්වයක් උද්ගතවී ඇති බැවින් මෙසේ පොත් භාරදීමට අතපසු කරන්නවුන්ටත් නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ඇතිකිරීමට බළධාරීන්ට සිදුවූ බව ජෝරිට දඩුවම් නියම කළ විනිසුරුවරයා කියයි.

මෙසේ දැඩි දඩුවම් පමුණුවන්නේ පොතක් භාරදිය යුතුයැයි පුස්තකාලයෙන් කරන දැනුම්දීම් හිතාමතාම නොසළකා හරින පුද්ගලයින්ට පමණක් බවත් ඔහු පවසයි.



අදහස් (0)

පොත බාර නොදුන් තරුණයා සිර ගෙට

නන්ද Monday, 04 November 2013 11:23 AM

නියමයි. කැම්පස් එකේ කට්ටියටත් දෙන්න ඕනි. සමහරු පොත් අරගෙන ගියහම මාස ගානක් තියාගෙන ඉන්නවා ........ (ස)

:       0       0

සරත් පර්ත් Monday, 04 November 2013 04:31 PM

මට නම් හිතා ගන්නවත් බෑ. (ස)

:       0       0

රාජිත Monday, 04 November 2013 12:20 PM

ඇමෙරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ස)

:       0       0

මිනිපෙ Monday, 04 November 2013 10:40 PM

නන්ද, මොකා කිවේ? අපේ කැම්පස් ළමයි, සමාජවාදී,රටේ අද්යආඩාආඕආණාආ වැරදි පෙන්වන,හොදට යටි උගුරෙන් කෑ ගහන්න පුළුවන් ළමයි ටික්කක් හරිද.

:       0       0

අජිත් කරුනාරත්න Monday, 04 November 2013 01:02 PM

අනේ අම්මේ ඔය නීතිය නම් ලංකාවට ගේන්න එපා. එහෙම වුනොත් අපේ විශ්ව විද්‍යාල ළමයින් ගෙන්ම හිර ගෙවල් පිරෙයි.(නදී)

:       0       0

ඉන්දු - මෙල්බන් Monday, 04 November 2013 01:06 PM

අනෙක් රටවල මිනී මරණ අයට සහ ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව ලබාදෙන අය තමන්ගේ රටේ අහිංසකයෙකුව හිරේ යවනවා, පුස්තකාලේ පොතක් බාර දෙන්න බැරි උනා කියලා ! මට නම් මේවට හිනා වෙනවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. පව් මේ හිරේ ගිය මනුස්සයා. (ස)

:       0       0

අමිළ කටුනායක Tuesday, 05 November 2013 08:31 AM

ඕකත් පොතක්.(නදී)

:       0       0

පිනි බබා Monday, 04 November 2013 01:20 PM

මේක නම් හරිම අසාධාරණයි. මෙයාට මේකට යම් මුදලක් නියම කලා නම් ඉවරයි. මොන අපරාදයක්ධ මේ වගේ තරුණයෙක් හිරේට යවන එක (ස)

:       0       0

ජයරංග සුරවීර Tuesday, 05 November 2013 09:23 AM

ලංකාවට කුඩු ගේන අය එළියේ. කුඩු ගහන අය ඇතුලේ.(නදී)

:       0       0

ගජමන් Monday, 04 November 2013 07:04 PM

ලජ්ජා නැති කම ලෝකෙට ප්‍රදර්ශනය කරන තවත් අවස්තාවක්.(නදී)

:       0       0

ශිරෝ Monday, 04 November 2013 03:01 PM

ඇමරිකාවේ හිර ගෙවල් අපරධකරුවන් නැතුව හිස් වෙලා වෙන්න ඇති. (ස)

:       0       0

දර්ෂා Monday, 04 November 2013 07:33 PM

ලංකාවටත් මෙම ක්‍රමය ගෙනාවොත් හොදයි. තවත් එකම පොතක් දීර්ඝ කාලයක් දීර්ග කරමින් තබාගැනීමද වැලැක්විය යුතුය. විශ්වවිද්‍යාල වල පොදු පුස්තකාල වල බහුතර පාඨකයන්ට දැනට පවතින ක්‍රමය නිසා නිසා අසාධාරනයක් වෙනවා.(නදී)

:       0       0

පෙටී Tuesday, 05 November 2013 02:55 AM

පොත ඩොලර් 200 යි නඩුවට ලක්ෂයයි. හිර ගෙදරත් දවසේ කමට ඩොලර් 50 නවාතැන් ආරක්ෂාව..කොල්ලගේ අනාගතේ විනාසයි. මහා හොරු පාගා කාරයෝ නිදැල්ලේ..දෙයියෝ බලත්වා. ලෙඩා මලත් බඩ සුද්දයිලු ඔබාමා.(නදී)

:       0       0

සිල්වා පිරිස් Monday, 04 November 2013 03:29 PM

මිනීමරුවෝ,මංකොල්ලකාරයෝ,හොරු නිදැල්ලේ.පොඩි දෙයක් පුම්බා පෙන්වීමයි ඇමරිකන් ක්‍රමය. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1569 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site